IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සංගක්කාර සුවය ලබන තුරු ශී‍්‍ර ලංකා කණ්ඩායම බලා සිටී

බෙනෝනිහිදී ආබාධයකට ලක්වුව ද ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර බ‍්‍රහස්පතින්දා ඇරඹෙන දකුණු අපි‍්‍රකා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට සහභාගී වන බවට ශී‍්‍ර ලංකා කණ්ඩායම විශ්වාසය පළ කරයි.පසුගියදා නිමාව දුටු තුන්දින පුහුණු තරගයේදී දකුණතේ ඇඟිලි අතරට පන්දුවක් වැදීම නිසා  තුවාල ලද සංගක්කර පන්දුවට පහර දීමට නොපැමිණියේය. එහෙත් මේ පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු අනුර තෙන්නකෝන් මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ සංගක්කාර බ‍්‍රහස්පතින්දා සෙන්චූරියන්හිදී ඇරඹෙන ටෙස්ට් තරගයට සහභාගී වන බවට තමන් විශ්වාස කරන බවයි. ශ්‍රී ලංකාවේ ටෙස්ට් ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන සංගක්කාර, මේ වන විට ටෙස්ට් තරග 103 කදී ලකුණු 9167 ක් රැස්කර ගෙන ඇත. -සංගක්කාර පුහුණු තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වුණා. ඒත් ඔහුට දැන්  හොදයි. ඔහුගේ වෛද්‍ය අධිකාරීන් පැවසුවේ ඔහුට පළමු ටෙස්ට් තරගයට සහභාගී වෙන්න පුළුවන් කියලායි.” යයි තෙන්නකෝන් මහතා රොයිටර් පුවත් සේවයට පැවසුවේය.   පසුගිය තරගාවලිහිදී නුවන් කුලසේකර, ෂාමින්ද එරංග, සුරංග ලක්මාල් සහ ධම්මික ප‍්‍රසාද් යන වේගපන්දු යවන්නන් ආබාධවලට ලක් වූ අතර එයට තවත් කී‍්‍රඩකයෙක් ඇතුළත් කරමින් (පසුගිය තුන් දින පුහුණු තරගයේදීම) වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් ද ආබාධයකට ලක් විය. මේ නිසා ශී‍්‍ර ලංකාවේ වේග පන්දු බල ඇණිය මේ වන විට ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව ඇත. -නුවන් ප‍්‍රදීප් ආපහු ශ්‍රී ලංකාව බලා ඒමට බලා සිටිනවා. අපි තාම ඊට ආදේශක කී‍්‍රඩකයෙක් තෝරලා නැහැ. මොකද දේශීය තරගාවලිය තාම ඉවර වෙලා නැහැ. තේරීම් කමිටු නිලධාරීන් එය අවසන් වුණායින් පසු ඊට ආදේශක පන්දු යවන්නන් දකුණු අපි‍්‍රකාවට එවයි”-ඒත් පළමු ටෙස්ට් තරගය වන විට එම ආදේශක සිදුවන බවක් නම් පෙනෙන්නට නැහැ” යයිද තෙන්නකෝන් මහතා තවදුරටත් පැවසුවේය. -අපි හොඳ තණතිරුවක, හොඳින් කි‍්‍රඩා කරනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අපිව නවත්වන්න බැහැ.” යයි  දකුණු අපි‍්‍රකානු උපනායක ඒ. බී. ඩි විලියර්ස් සෙන්චූරියන්හිදී ඊයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කළේය.තවදුරටත් අදහස් දක්වමින් විලියර්ස් පැවසුවේ සිය කණ්ඩායමට 2008/2009 න් පසු මවු බිමේදී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාවක් දැන් උදා වී ඇති බවයි.-අපි කාලෙකින් අපේ රටේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැහැ. ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී හෝ එය ඉටු කර ගැනීමට අපට අවශ්‍යයි” යයි විලියර්ස් තවදුරටත් පැවසුවේය.-මගේ හැඟීම නම් ටෙස්ට් තරග මත තමයි  කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජීව ගුණය පවතින්නේ. එහිදී එය තුළ විවිධ උස් පහත් වීම් සිදුවෙනවා. ඒ වගේ ම එහිදී සිය උපරිම කාර්යය භාර්යය ඉටු කළ කණ්ඩායම තරගයේ වැඩි ගෞරව හිමිකර ගන්නවා. ඒ වගේම තරගය ජය ගැනීමේ අවස්ථාවත් ඔවුන්ට හිමිවෙනවා” ඔහු අවසාන වශයෙන් පැවසුවේය.



අදහස් (0)

සංගක්කාර සුවය ලබන තුරු ශී‍්‍ර ලංකා කණ්ඩායම බලා සිටී

සංජීව සේනානායක Wednesday, 14 December 2011 10:54 AM

ලංකාවේ ක්‍රිකට් වල තත්ත්වය මේකද, සංගා රැකගැනීම බලදාරීන්ගේ වගකීමක්.

:       0       0

සරත් Wednesday, 14 December 2011 03:04 PM

සන්ගක්කරලට හෑමදාම ක්‍රික්ට් ගහන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site