ආබාධයකට ලක්ව සිටින කුමාර් සංගක්කාර මාතරදී පැවැත්වෙන තුන්දින තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවත් මහේල ජයවර්ධනට ටෙස්ට් තරගාවලිය අහිමි වන බවත් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 8 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී අද (28) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.
‘‘සංගක්කාර මේ වන විට සුවය ලබමින් සිටිනවා, ඔහු තුන්දින තරගයට ක‍්‍රීඩා කිරීමට සුදානමින් ඉන්නවා, ටෙස්ට් තරගාවලියටත් ක‍්‍රීඩා කරයි. මහේලට ටෙස්ට් තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. මහේලගේ ආබාධිත තත්ත්වය පිළිබඳව කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා සෑම විටම අවධානයෙන් ඉන්නවා, එක්දින තරගාවලියට සහභාගි වීම පසුව තීරණය කරයි’’
කුමාර් සංග්කකාර පසුගිය ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ද, මහේල ජයවර්ධන අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී උඩ පන්දුවක් රැුකගැනීමට යෑමේදී ද, ආබාධයන්ට ලක්වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සංගක්කාර තුන්දින තරගයට සූදානම් වෙද්දී මහේලට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
ගයාන් Friday, 01 March 2013 02:43 PM
අරවින්ද වගේ පිතිකරුවෙක් ආයේ ලංකාවට බිහි වෙන්නේ නෑ .. (ස)
සම්පත් Friday, 01 March 2013 10:22 AM
මහේල, සංගා නැහැ කියලා ප්‍රශ්ණයක් නැහැ. කේන්තිගන්න එපා තව ක්‍රීඩකයෝ ඉන්නවා.(නදී)
අජිත් කරුණාරත්න Friday, 01 March 2013 03:22 PM
මට නම් හොදම සංගක්කාරවයි. (නි)
මුදිත Friday, 01 March 2013 12:07 PM
දක්ෂ තරුණ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් (ස)
සිල්වා Friday, 01 March 2013 12:12 AM
හැමදාම මහේල, සංගක්කාර මතම අපිට යැපෙන්න බැහැ. නවකයනුත් ඒ තැනට අපි අරගෙන එන්න ඕනෑ. (නි)
තත්සරණි Saturday, 02 March 2013 05:47 PM
සංගා, ඔයා සනීප වුණු එක තරම් වෙන සතුටක් අපිට තවත් නැහැ. (නි)
රත්නා Saturday, 02 March 2013 05:44 PM
අපේ ජාතික වීරයන්ට ජය (දී)
තත්සරණි Saturday, 02 March 2013 05:45 PM
මහේල නැතුව අපිට පාළුයි. එයයි, සංගයි නැති ක්‍රිකට් වලින් අපිට වැඩක් නැහැ. (නි)
ඉසුරි Saturday, 02 March 2013 09:31 AM
කාලෙන් කාලෙට දක්ෂ ක්‍රීඩකයෝ බිහිවෙනවා. මහේල සංඟා නැහැ කියලා නවක ක්‍රීඩක ක්‍රීඩකයන්ව අධෛර්ය කරන්න ඕන නැහැ.. එයාලට තැන දීලා බලන්න එතකොට මීටත් වැඩිය සාර්ථක ප්‍රතිඵල ලැබේවි...! (ස)
වරුණ Friday, 01 March 2013 07:32 AM
ඉස්සර අපි සනත් මත යැපුණා. දැන් මහේල, සංගා මත යැපෙනවා. (නි)
පිටිගල මිලානෝ Friday, 01 March 2013 02:00 PM
කාන්තා ක්‍රීඩිකාවන් දාලා ගස්සවන්න, අපිට දිනන්න පුළුවන් වෙයි.. (ස)
මාලිත Friday, 01 March 2013 08:50 AM
මාතරත් අන්තර්ජාතික ක්‍රීඩාංගනයක් හදනවා නම් හොදයි. උයන්වත්ත ඒ තත්වෙට ගේන්න පුළුවන් ක්‍රීඩාංගනයක්.(නදී)
කළු Friday, 01 March 2013 08:50 AM
අරවින්ද තමයි ලංකාවේ සුපිරි පිතිකරු.(නදී)