ආබාධයකට ලක්ව සිටින කුමාර් සංගක්කාර මාතරදී පැවැත්වෙන තුන්දින තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවත් මහේල ජයවර්ධනට ටෙස්ට් තරගාවලිය අහිමි වන බවත් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 8 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී අද (28) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.
‘‘සංගක්කාර මේ වන විට සුවය ලබමින් සිටිනවා, ඔහු තුන්දින තරගයට ක‍්‍රීඩා කිරීමට සුදානමින් ඉන්නවා, ටෙස්ට් තරගාවලියටත් ක‍්‍රීඩා කරයි. මහේලට ටෙස්ට් තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. මහේලගේ ආබාධිත තත්ත්වය පිළිබඳව කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා සෑම විටම අවධානයෙන් ඉන්නවා, එක්දින තරගාවලියට සහභාගි වීම පසුව තීරණය කරයි’’
කුමාර් සංග්කකාර පසුගිය ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ද, මහේල ජයවර්ධන අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී උඩ පන්දුවක් රැුකගැනීමට යෑමේදී ද, ආබාධයන්ට ලක්වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරවින්ද වගේ පිතිකරුවෙක් ආයේ ලංකාවට බිහි වෙන්නේ නෑ .. (ස)
මහේල, සංගා නැහැ කියලා ප්‍රශ්ණයක් නැහැ. කේන්තිගන්න එපා තව ක්‍රීඩකයෝ ඉන්නවා.(නදී)
මට නම් හොදම සංගක්කාරවයි. (නි)
දක්ෂ තරුණ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් (ස)
හැමදාම මහේල, සංගක්කාර මතම අපිට යැපෙන්න බැහැ. නවකයනුත් ඒ තැනට අපි අරගෙන එන්න ඕනෑ. (නි)
සංගා, ඔයා සනීප වුණු එක තරම් වෙන සතුටක් අපිට තවත් නැහැ. (නි)
අපේ ජාතික වීරයන්ට ජය (දී)
මහේල නැතුව අපිට පාළුයි. එයයි, සංගයි නැති ක්‍රිකට් වලින් අපිට වැඩක් නැහැ. (නි)
කාලෙන් කාලෙට දක්ෂ ක්‍රීඩකයෝ බිහිවෙනවා. මහේල සංඟා නැහැ කියලා නවක ක්‍රීඩක ක්‍රීඩකයන්ව අධෛර්ය කරන්න ඕන නැහැ.. එයාලට තැන දීලා බලන්න එතකොට මීටත් වැඩිය සාර්ථක ප්‍රතිඵල ලැබේවි...! (ස)
ඉස්සර අපි සනත් මත යැපුණා. දැන් මහේල, සංගා මත යැපෙනවා. (නි)
කාන්තා ක්‍රීඩිකාවන් දාලා ගස්සවන්න, අපිට දිනන්න පුළුවන් වෙයි.. (ස)
මාතරත් අන්තර්ජාතික ක්‍රීඩාංගනයක් හදනවා නම් හොදයි. උයන්වත්ත ඒ තත්වෙට ගේන්න පුළුවන් ක්‍රීඩාංගනයක්.(නදී)
අරවින්ද තමයි ලංකාවේ සුපිරි පිතිකරු.(නදී)