
(අංජුල මහික වීරරත්න)
සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා ගලා යන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
පරිසරයට හා සංස්කෘතියට හානි නොවන පරිදි, දේශීය ප්‍රජාව සවිබල ගන්වන පරිසර හිතකාමී සංචාරක පැතිකඩක් ප්‍රවර්ධනය කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ලෝක සංචාරක දිනයේ බස්නාහිර පළාත් සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
2026 ලෝක සංචාරක දිනයට සමගාමීව, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එකමුතුව සංවිධානය කරනු ලැබූ "තිරසර සංස්කෘතිකානුබද්ධ සංචාරක ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය උදෙසා වන ජාතික සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. " සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම " ( Digital Agenda and Artificial Intelligence to Redesign Tourism ) යන තේමාව මුල්කරගත් ලෝක සංචාරක දිනයට සමඟාමීව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද ඩිජිටල් තරඟාවලියේ පාසල් සංචරණ සහ සංචාරක කවයන්හි ජයග්‍රහණ ලැබූ දරුවන් වෙනුවෙන් ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී සිදු කරන ලදී.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ 'අලවල' ප්‍රජා මූලික තිරසාර සංචාරක ගම්මානය වෙනුවෙන් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක්ව නිර්මාණය කරන ලද නව තාක්ෂණික සුහුරු වැඩසටහන ( Smart Tourism Platform ) ද අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් මෙම සම්මන්ත්‍රණයේ දි විවෘත විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd