ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස 26 සහ 28 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක සඳහා නම් කර ඇති ඕස්ටේ‍්‍රලියානු විස්සයි20 සංචිතයට ප‍්‍රවේගකාරි පිතිකරු ෂෝන් මාෂ් කැඳවා තිබේ. ජෝජ් බේලි තවදුරටත් විස්සයි20 පිලේ නායකයා ලෙස කටයුතු කරයි.
බිග් බෑෂ් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ ෂෝන් මාෂ් ලකුණු 412 ක් රැුස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. එම තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වන බෙන් ලෝෆ්ලින් ද සංචිතයට ඇතුළත්ව සිටියි.
තුන් ඉරියව් ක‍්‍රීඩකයන් වන ඬේවිඞ් හසී සහ හිටපු නායක කැමරන් වයිට් යන ක‍්‍රීඩකයන් දෙදෙනාට ස්ථාන අහිමිවී තිබේ.
පළමු විස්සයි20 තරගය සිඩුනිහිදී ද, දෙවැනි තරගය මෙල්බන්හිදී ද පැවැත්වේ.
ඕස්ටේ‍්‍රලියානු විස්සයි20 සංචිතය:
ජෝජ් බේලි (නායක), බෙන් කටින්, සේවියර් ඩොහර්ටි, ජේම්ස් ෆොල්ක්නර්, අරොන් ෆින්ච්, බෙන් ලෝෆ්ලින්, ෂෝන් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, ඇඩම් වෝජස්, මැතිව් වේඞ් සහ ඬේවිඞ් වෝනර්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල අයියේ, මෙයාට හොද යෝකර් එකක් දාලා පළමු පන්දුවෙන්ම හරවලා යවන්න. (නි)
ඔය එක එක්කෙනා පෙන්නලා අපිව බයකරන්න හිතුවා මදි. (නි)
දැන් ඉතින් කවුරු ගෙනාවත් ඉතින් වැඩක් වෙන්නේ නෑ . අපිව නවත්තන්න හම්බවෙන්නේ නෑ කැන්ගරුවන්ට .(ස)