ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව කඩුලූ 2 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ශ්‍රීපාලි වීරක්කොඩි තුන් ඉරියව් දස්කම් දක්වමින් පන්දු 65 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කිරීමට සමත් වූවාය. දකුණු වේග පන්දුයවන ශ්‍රීපාලි ලකුණු 19 කට කඩුලූ දෙකක් ද දවාගත්තාය.
දකුණු අප‍්‍රිකානු කාන්තා පිල ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 164
(එම්. ඩූ ප‍්‍රීෂ් 59, ඞී. වෑන් නීකර්ක් 46, ඒෂානි ලොකුසූරිය 29/3, ශ්‍රීපාලි වීරක්කොඩි 19/2, ෂෙරීනා රවිකුමාර් 32/2)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 44.3 කදී කඩුලූ 8 ට 167
(ශෂිකලා සිරිවර්ධන 14, සඳමාලි දොලවත්ත 11, ඒෂාන් ලොකුසූරිය 22, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 54, චමනි සෙනෙවිරත්න 12, ඩිලානි මනෝදර නොදැවී 10, ඞී. වෑන් නීකර්ක් 24/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා....අපේ කෙල්ලෝ ටිකට ගිය කල (ස)
ඔයාලා පරදිද්දි තමයි අපිට දුක . දිනද්දිනම් සතුටුයි (ස)
සජීවී තරඟයක් බලන්න තිබුණානම් තමයි වටිනාකම වැඩිවෙන්නේ (ස)
ඇති යන්තම් කාලෙකට පස්සේ දිනුමක් , පසු පෙල හොඳයි වගේ , කණ්ඩායමට ජය (ස)
ලක් වනිතාවන්ගේ සුබ පැතුම් (ස)
පිට්ටනියේ සෙල්ලම් කරද්දිත් ලව් බර්ඩ්ස්ලා වගේ කිචි කිචි ගගා ඇති නේද ?(ස)
ඉඩෝරයට පොදු වැස්සක්! (නි)
සජීවීව දකින්න තිබ්බානම් හොඳයි. කෙල්ලනේ පුළුවන් තරම් දුර යන්න අපේ මුළු හදවතින්ම සුබ පතනවා (ස).
මේක පහසු ජයක් වෙන්නේ කොහොමද ? (ස)
පහසූ ජයක් කිවුවේ ?? (නි)
කාන්තා ලෝක කුසලානය මව්බිමට ගෙන ඒමට අපේ සිංහල කෙල්ලන්ට දළදා සමිඳු පිහිට හා ආරක්ෂාව ලැබේවා (ස)