ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය තනතුරෙන් නෙරපා හළ යුතු යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුමට රැස් වූ පිරිස් කෑකෝ ගසන්නට වූහ. මේ පිරිස් බස්වලින් පැමිණ සිටියහ. අගවිනිසුරුලෙස ඇඳ සිටි මිනිහෙක් ද එහි සිටියේය.