නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයෙන් සමන් වීරමුණිගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත‍්‍රපටය මේ දිනවල තිරගත කෙරේ. සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා හටගත් සුවිශේෂී සිදුවීම් පදනම් කරගෙන මෙම චිත‍්‍රපටය නිපදවා ඇත. මෙය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ අතිවිශාල මුදලක් වැය කොට තැනූ චිත‍්‍රපටයක් ලෙස සඳහන් වේ. වසර 2600කට පෙර ඉතිහාසය ගෙන හැර පෑම සහ ඒ පරිසරය මෙන්ම ඇඳුම් ආයිත්තම් සියල්ල නිර්මාණය කිරීම ආදී සියල්ල වෙතින් මෙම චිත‍්‍රපටය නිර්මාණය වූයේ කෙසේද? ඒ ගැන පැවසීමට බොහෝ දේ තිබේ. ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත‍්‍රපටය තිරගත කෙරෙන මොහොතක අපි ඒ ගැන විස්තර දැන ගනිමු. ඊට අමතරව මෙහි සිද්ධාර්ථ කුමරු ලෙස රඟපාන ගගන් මලිත්ද, යශෝධරා දේවිය ලෙස රඟපාන අන්චල් සිං, මෙන්ම මහාමායා දේවිය ලෙස රඟපාන අංශුමලිත් සහ දේවදත්ත වූ ගෞතම් ගුලාටි ගැනත් විස්තර දැන ගනිමු.
සිද්ධාර්ථ කුමරුවූ ගගන් මලික්
නවදිල්ලියේදී උපත ලද ගගන් මලික් පදිංචිව සිටින්නේ මුම්බායි නගරයේය. ඔහු ව්‍යාපාරික පවුලකට අයත් තැනැත්තෙකි. ගගන් ඒ සියල්ල ගැන අපට විස්තර කළේ මෙලෙසිනි.
‘‘ස්වර්ණාභරණ අලෙවි කරන ව්‍යාපාරයක් අප සතුයි. මගේ දෙමාපියන් ඉතාම ආගමානුකූලව ජීවත් වන අයයි. ඒ නිසාම තමයි මට මෙම චිත‍්‍රපටයේ රඟපෑමට අවකාශය ලැබුණේ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. සහෝදරයින් හතර දෙනෙකුගෙන් යුතු පවුලේ බාලම කෙනා මමයි. තව එක් සහෝදරියක් සිටිනවා. ඒ අය මට හරිම ආදරෙයි. මාත් ඒ අයට හරිම ආදරෙයි. මම ඉගෙන ගත්තෙ නවදිල්ලියේදීයි.
පසුව රංජි කුසලානය සඳහා පළමු පෙළ ක‍්‍රිකට් කී‍්‍රඩකයකු ලෙසත් කටයුතු කළා. නමුත් ක‍්‍රිකට් සඳහා දේශපාලනික බලය ආදිය තිබිය යුතුයි. ඒ නිසා ඒ අංශයෙන් ඉදිරියට නොගොස්, රඟපැම තෝරා ගත්තා. අද මගේ වෘත්තිය රඟපෑමයි. රාමායනය ඇසුරින් කළ වෘතාන්තයක් මේ දිනවල ශ්‍රී ටී.වී. ඔස්සේ විකාශය වනවා. මම එහි රාම රජු ලෙස රඟපානවා’’
මෙලෙසින් අදහස් දැක්වූ ගගන්, මේ සිද්ධාර්ථ චරිතය ලැබීම පෙර වාසනාවක් යැයි සඳහන් කළේය. මෙවැනි උත්තම පූජනීය චරිතයක් රඟපෑම වෙනුවෙන් බුද්ධාගමේ සහ බුදුන්වහන්සේගේ දහමේ ආශිර්වාදය ලබාගත් බවද ප‍්‍රකාශ කළ හේ ශ්‍රී ලංකාවට මහත්සේ ගෞරව කරන්නෙකි. සාදxඋත්සව කිසිවකට දායක නොවන ගගන්, පොත් කියවීම සහ චිත‍්‍රපට නැරඹීම විනෝදාංශ කරගෙන සිටී. විවාහකයකුවන ගගන් බිරිඳ පූජාට වඩාත් ගරුකරන බව කියයි.
.png)
යශෝදරා වූ අන්චල් සිං
නව යෞවනියක වන අන්චල් පන්ජාබයේදී උපත ලද තැනැත්තියකි. නවදිල්ලියේ වැඩි කොටසක් වාසය කළ ඇයගේ පවුලේ අය දැන් වෙසෙන්නේ මුම්බායි නගරයේය. යශෝධරා චරිතය ගැන ඇය ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.
‘‘යශෝදරා යනු මතුපිටින් ඇති ලස්සනට වඩා ඇතුළාන්තයෙන් ලස්සන චරිතයක්. ඒ වගේම ආදරය කියන්නෙ කුමක්ද යන්න පහදා දුන් ගැහැණියක්. ආදරය යනු පරිත්‍යාගයක් නම්, ඒ පරිත්‍යාගය කළ ඉහළම කෙනා ඇයයි. සහතිකෙන්ම අපේ පවුලේ අය හරිම ආගමානුකූලව ජීවත් වන අයයි. මේ චරිතය ලැබීමෙන් පසු මම තවත් ආගමානුකූල වුණා. මිනිසත්බව ලැබීම ඉතා දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ මිනිසත් බවට වටිනාකමක් දීම ඉතා වටිනා දෙයක්. මේ වගේ චරිතයක් රඟපෑමට ලැබීම ඒ ජීවිතයේ මා ලද විශාල භාග්‍යයක්.
මහාමායා දේවිය වූ අංශූ මලික්
මහාමායා දේවියගේ චරිතය රඟපාන අංශු මලික්ද ආගමානුකූල ජීවිතයක් ගත කරන තැනැත්තියකි. වයස අවුරුදු 26ක් වන අංශුද ශ්‍රී ලංකාවට මහත්සේ ආදරය කරන තැනැත්තියකි. සනත් ජයසූරිය මෙන්ම බොහෝ කි‍්‍රකට් තරුවලට ඇය වඩාත් ප‍්‍රිය කරන්නීය. මහමායා දේවිය වැනි චරිතයක් ලැබීම ජීවිතයේ කෙනෙකු ලබන ඉහළම භාග්‍යය බව ඇය පැවසුවාය.
දේවදත්ත ලෙස රඟපාන ගෞතම් ගුලාටි
වයස අවුරුදු 25ක් වන ගෞතම් රංගනයට පිවිස ඇත්තේ වයස අවුරුදු 20දී පමණය. දේවදත්ත චරිතයට බොහෝ දෙනා වෛර කරන අතර එය සාධාරණ වෛරයක් බව ඔහුගේ අදහසය. තමා මේ චරිතය ඉතා කැපවීමෙන් කළ බව සඳහන් කරන ගෞතම්ද මේ චරිතය ලැබීම පුරුවෙ පිනක් ලෙස සළකයි.
මෙම චිත‍්‍රපටයට මේ අය දායක කරවා ගෙන ඇත්තේ උතුරු ඉන්දියාවට ගොස් ශිල්පීන් 200ක් පමණ අතුරිනි. එලෙසින් චරිත සඳහා නළු නිළි පිරිස තෝරා ගත්තද ඊළඟට ප‍්‍රධාන ප‍්‍රශ්නය ලෙස මුහුණදී ඇත්තේ එකලට ගැලපෙන ඇඳුම් ආයිත්තම් ආදිය නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ සඳහා අපමණ වෙහෙසක් දැරීමට සිදු වූ බව නවීන් ගුණරත්න සඳහන් කළා. කපිලවස්තු මාළිගය නිර්මාණය කිරීමේ කටයුත්ත පවා එලෙස නිර්මාණය කිරීම සඳහා ඉතිහාසයේ බොහෝ දේ සොයා යාමට. පර්යේෂණ කිරීමට සිදුවීම පවා කළ බව ඔහු සඳහන් කළා. ආසියා ආලෝක පදනම යටතේ මෙම ප‍්‍රධාන දර්ශන තලය තනා ඇත්තේ හෝකන්දර පිහිටි ප‍්‍රදේශයකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල්ගේ සිත පැහැදීම නම් හොද ලක්ෂණයක්. (නි)
අපේ රටේ පිරිහුන සංවිධන බලයට පත්වෙන්න හෙට අනිද්දම පෙලපාලිත් පවත්වයි වගේ.(නදී)
හරිම ලස්සනයි.(නදී)
කෙලෙස් සහිත අපි කෙසේ නමි බුද්ධ චරිතයට සමාන කරන්නද? හිතන්නවත් පුළුවන්ද? එහෙම හිතන එකත් තොච්චර නම් පාපයක්ද? සිද්ධාර්ත යන ගිහි චරිතයට යම්කිසි සාධාරනයක් කරන්න උත්සාහයක් කර ඇත.(නදී)
බුදු හාමුදුරුවොත් විකුනන් කෑව.(නදී)
ඒක විශිෂ්ටයි!(නදී)
මේක ලංකාවේ නිෂ්පාදනයක් සහ අධ්‍යක්ෂණයක් වුණාට නලු නිළියන් සියල්ලම වගේ පිටරටින්නේ. (නි)
සිංහල නිළියෝ මේ වගේ විත්‍රපටි වලට ගන්න තරම් කිසිම ලස්සනක් නැති අය. (නි)
හොද වැඩක්. හොද තෝරා ගැනීමක්. (නි)
චිත්‍ර පටිය හොඳයි. ඉන්දියාවෙන් නලු නිලියෝ ගෙන්නපු එක ගැන දුකයි. ඒත් අපේ රටේ ලස්සන දක්ෂ රගපාන රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට කර අවමානයක් (ස)
ඉංග්‍රීසි පරිවර්තනය තිබේනම් ගොඩක් හොදයි. (ස)
සුබ පතනවා ඔබ සියලු දෙනාටම (දී)
චිත්රපටය බැලුවා. පොඩ්ඩක් විස්තර කළොත්, කතාවේ සිද්ධි අතර ගැලපීම අන්තිමයි. චිත්‍රපටයේ කිසිම ගලා යෑමක් නැහැ. නීරසයි. සංගීතය 100% අවස්ථාවල ගැලපීමක් නැහැ. අමිහිරියි. දේවදත්ත නම් හොඳයි. (නි)
මම ඉන්නේ ස්වීඩන් වල, මේ ච්ත්‍රපයටය ආගමික නිගරුවත් නෙමෙයි. මෙය එන්න තිබුනේ මීට කලින්. මේ ලගදි වැඩසටහනක් ගියා බුද්ධාගම සහ එහි ව්‍යාප්තිය පිලිබදව. නමුත් වැඩි විස්තර තිබුනේ නැහැ. පහුවදා සුදු මහ්තුරු ගොඩක් මගෙන් බුද්ධ ධර්මය ගැන ඇහුවා. එයාලට එතරමි අවබෝධයක් නැහැ. ඒ නිසා මේ වගේ දේවල් ලෝකෙට යන්න ඕනේ.(නදී)
සුනිල්ගේ බුද්ධාලමිබන ප්‍රීතිය මේ සියලු දේට වඩා උතුරලා ගුලාටි පිළිබදව මගේ බලවත් විරෝධය.(නදී)
විශිෂ්ටයි (දී)
මෙය නරඹන්නේ නැතුව අදහස් දක්වන්න බෑනේ. ලඟදීම නැරඹිය යුතුයි (ස)
අංජල් සිං නම් ලස්සනයි ඇත්තටම (ස)
නියම චිත්‍රපටයක්, ගිහින් බලන්න (දී)
මම නම් මේ වැඩේට විරුද්ධයි. (නි)
ඉංග්‍රීසි උපසිරැසි දැම්මා නම් ලෝකයේ හැමෝටම නරඹන්න තිබුණා. (නි)
මේ වෙනුවට අපේ අය ගන්නයි තිබුණේ. (නි)
පුද්ගලික විවේචන පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් . ඒ හින්දා නිර්මාණය ගැන හරි වැටහීමක් ගන්න අමාරුයි නරඹන්නේ නැතුව (ස)
මම මේ චිත්‍රපටියට හුගක් කැමතියි. සුභ පැතුම්! (නි)
ඇඳන් ඉන්න සාරියේ පාට නම් හරිම ලස්සනයි (නදී)
හරිම ලස්සනයි (නි)
විශිෂ්ට නිර්මාණයක් (දී)
සිද්ධාර්ථ ගෞතම චරිතයට කෙනෙක් යොදා නොගන්නයි තිබුණෙ.!(නදී)
මුල එතරම් ආකර්ශනීය නැතත් අන්තිම කොටස් හොදයි. අපේ නලුවො ප්‍රධාන චරිත වලට ගත්තේ නෑති එක හොදයි. එච්චර ආකර්ශනීය සහ දක්ශ කම එකට තිබෙන නලු/නිලියෝ අපිට නැහැ. ඒක අපිට ඇති ලොකු පාඩුවක්. (නි)
සිද්ධාර්ථ චරිතය කියන්නේ ඇත්තටම ඉතාමත් ලස්සන කතන්තරක්. චිත්‍රපටයක් හැටියට මෙම බුද්ධ චරිත කතාව බොහෝ ලස්සනට හදන්න තිබුණා. හොඳයි කියා කියන්න පුළුවන් ඉන්දියාවේ නළු නිළියන්ගේ රඟපෑම්. ඒ ඇරෙන්න සංගීතය, කැමරාව, වර්ණ, තිරනාටකය, එකී මෙකි හැම දෙයක්ම සතුටු වියහැකි මට්ටමක නැහැ. (නි)
සිදුහත්, යශෝධරා වගේ උතුම් චරිත වලට ගන්න තරම් උතුම් නළු නිළියෝ කොයින්ද අපේ රටේ? (නි)
අපේ ලංකාවේ නළු නිළියෝ දාලා කළා නම් කොච්චර ලස්සනද? (නි)
ඇත්තටම හොද චිත්‍රපටයක්. මම දෙපාරක්ම බලන්න ගියා ඒත් බලන්න බැරිව ගියා. එච්චරට සෙනග.(නදී)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. (නි)
සිරිකත පත්තරයේ දැන්වීම බැලුවම පැහැදුනා ඒත් චිතුපටිය බලන්නෙ නැතුව අදහසක් හරියටම කියන්න අමාරුයි.
මම නමි මේ දේවල් අනුමත කරන්නේ නැහැ. මේ දේවල් වලින් වෙන්නේ සල්ලි හමිබ කිරීමක් නේද? බුදුරජානන් වහන්සේගේ චිත්‍රපටි මොකටද? ජාතික කතා පොත් ඕනෑ තරම් තියෙන්නේ. ඉන්දියාවේ නළු නිලියෝ මොකටද මේ නාඩගම්. පස්සේ මේවට විදවන්න වෙයි.(නදී)
හරිම ලස්සන චිත්‍රපටයක්. ගගන් මලික් මාරම ලස්සනයි. පොතපතින් කියවනවට වඩා ඇස්දෙකෙන් දකින දේ හිතට ගොඩක් සමීප වෙනවා.(නදී)
චිත්‍රපටයනම් ගොඩක් ලස්සනයි. (ත)
ඇති විශිෂ්ට නිර්මාණයක් (දී)
අනේ බුදුදහමට කරන වින්නැහිය මොකක්ද?(නදී)
අම්මපා මේකට අල්ලපු රටෙන් ගෙන්න ගතත්ද?(නදී)
නළුවා ලස්සනයි.(නදී)
හොද චිත්‍රපටියක් නමුත් ලංකාවෙත් ලස්සන අය ඉන්නවනේ.(නදී)
ලංකාවෙ අය ගත්තනම් අපි දන්න අයනිසා කොහොමත් ගැලපෙන්නෙ නැහැ.... (දී)
මේ ෆිල්ම් එකට ලංකාවේ නලු නිලියෝ නොගන්න හේතුවක් තියෙනවා. මේ ෆිල්ම් එකේ රගපෑවට පස්සේ එයලා ඊළගට රගපාන හැම චරිතයකින්ම මේ ෆිල්ම් එකේ රගපාන චරිතෙට හානියක් වෙනවා. ඒ නිසා තමයි ඉන්දියාවෙනුත් වැඩිය ජනප්‍රිය නැති චරිත තෝරගෙන තියෙන්නේ. ගොඩාක් දෙනෙක් ඉන්ටවිව් කරලා හොද පවුල් වලින් පැවත ගෙන එන, හොද චරිතයක් තියෙන අය තමයි තෝරගෙන තියෙනවා කියන්නේ. ඒ විදිහට බැලුවොත් ලංකාවෙ මේකෙ ප්‍රධාන චරිතෙකට ගන්න පුලුවන් නලුවෙක් හරි නිලියක් හරි හොයා ගන්න වෙන්නෙ නැහැනෙ.. (නි)
අපි බෞද්ධයන් විධියට නැරඹිය යුතුම ච්ත්‍රපටයකි. එලෙසම කුඩා ළමුන්ට ද පෙන්විය යුතුය.නමුත් මෙම චරිතවලට ගැලපෙන නළුනිලියෝ අපේ රටේ නැති වීම කෙතරම අභාග්‍යද? පරන නළු නිළියෝ විතරයි ශ්‍රේෂ්ඨ චරිතවලට ගැලපෙන්නේ(ස)
ඉන්දියාවේ නළු නිළියන් යොදාගෙන චිත්‍රපටිය කළ එක හොදයි. (නි)
බලන්න හිතෙනවා (දී)
බුදුදහම ලේඛනගත කරපු කාලෙත් පාලි වගේ මිසදිටුවෝ එක එක දේවල් කියන්න ඇති. (නි)
තෙන්නකෝන්, මෙම චිතුපටය ගැන වැරදියට හිතන්න එපා. අපි අවදිවිය යුතුයි. සුභවාදීව සිතිය යුතුයි. මෙය ඉතා හොද චිත්‍රපටයක්. මෙහි නිෂ්පාදකයා මෙය ජාත්‍යන්තර තලයට ගිනියනවා. විදේශ වල සිංහල කතාකරන්න බැරි සිංහල කියවන්න බැරි අපේ දරුවන් ඉන්නවා. ඔවුන් මෙය හොදින් අත්විදීවි.(නදී)
කරුණාකරලා තේරුම්ගන්න. මේක නරක වැඩක් නෙමෙයි. (නි)
මේ පාලිත කියන්නේ කවුද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙහෙමයි, උතුරු ඉන්දියාවේ (නේපාලයද) ඇතුළුව තමයි බුදුරජානන් වහන්සේගේ උපත සිදු උනේ. එහෙනමි එහෙ ජීවත්වන අය මෙම චිත්‍රපටය තෝරාගැනීමේ වරද මොකක්ද.(නදී)
බුදු හාමාදුරුවන්ට සමකරන්න මේ ලෝකයේ කවුරුවත්ම නැහැ. මේක නවත්වන්න. (නි)
ලංකාවේ කට්ටිය දාලා කළා නම් මේකත් ඉවරයි. (නි)
බුදුහාමුදුරුවන්ගේ වගේ රැස් විහිදෙන විදිහට නළුවෙකුට දාපු එක වැරදිද දන්නේ නැහැ. (නි)
ලංකාවේ එක්තරා නොගැළපෙන නලුවෙක් මීට සම්බන්ධ කරගැනීම පිළිබදව මගේ බලවත් විරෝධය. (නි)
සුභ පැතුම්.(නදී)
ගෞතම් විතරයි මෙතන ආගමානුකූල ජීවිතයක් ගත නොකරන්නේ බලන්නකෝ එකෙත් හැටි (ස)
ගෞතම් ගුලාටි නම් නියමයි අනේ. (නි)
හොද චිත්‍රපටියක්. (නි)
යශෝධරාගේ චරිතයට නයි නළගනව තෝරාගනියි කියලා මම බයේ හිටියේ. (නි)
බුද්ධාගමට ආදරේ කරන අය ඉන්නවානම් මෙම චිත්‍රපටය බලන්න යන්නේ නැහැ. මට විශ්වාසයි බැළුවොත් ආගම ගැන විශ්වාසය අඩුවෙයි ඒකේ තියෙන කෝලම් දැකලා.(නදී)
ආපෝ! තෙන්නකෝන්ගේ මූසල කට... (නි)
මට මගේ ආගම ගැන දුකයි. කෝ බොදු බල සේනා. කරුණාකරලා මෙය තහනම් කරන්න. අපේ බුද්ධාගම සැහැල්ලුවට ලක්වෙන එකයි මේකෙන් වෙන්නේ.(නදී)
උත්තරීතර නිෂ්පාදනයක් තෝරාගැනීම් කරලා තියෙන විදිහ හොදයි. සුභ පැතුම්.(නදී)
විවිධ රැකියා වලට යොමුවී සිටින අපේ ටෙලි නිළියන්ව නම් මේ උතුම් වැඩේට හවුල් කරගන්න එපා. (නි)
ඔව් පාලිත, ක්‍රිස්තු චරිතය රගපාපු විජය කුමාරතුංග මහත්තයට මොකද වුනේ. සියළුම ආගම්වල යම්කිසි බලයක් තියෙනවා. එය අප අගයකළ යුතුයි. බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
ආන්චල් සිං හරිම ලස්සනයි. ලංකාවේ කෙල්ලෝ වගේමයි. පුදුම ලස්සනක්.(නදී)
මේ චිත්‍ර පටිය ගැන මිට වඩා විස්තර කලොත් (දී)
සාදු...සාදු...., අනර්ඝ නිර්මාණයක් යන්නයි මාගේ හැගීම. කවුරුන් හෝ වේවා මේ චිත්‍රපටය සම්බුද්ධ චර්තයට සෑහෙන සාදාරනයක් ඉටු කිරීමට සාර්ථක උත්සහයක් දරාතිබේන නිර්මාණයකි. මේ සදහා ලාකීය නළුනිලියන් තොරා ගැනීමේදී, ඒතරම් ජනප්‍රය නොවූ රංගන ශිල්පීන් තෝරා ගත්තේ නම්, මේය මීටත් වඩා ප්‍රේක්ෂකයන් අතරට යනු ඇතැයි මාගේ හැගීම.....කෙසේ වේතත් බහුතරය ඉන්දියානු ශිල්පීන් වීමත් තරමක විවාදාත්මකයි. කෙසේ වේතත් මේ වානිජ ලෝකයේ "සම්බුද්ධ චරිතයත්" එක්තරා රගපෑමක් වීද යන්නත්.... බෞද්ධයන් වන අප හට ඇති තවත් ගැටලුවකි. (ස)
බුදු හාමුදුරුවන්ගේ චරිතය රගපෑ පළමු අවස්ථාව මේක නෙමෙයි. (නි)
බුද්ධ චරිතයට කිසි කෙනෙකුට සමීප වෙන්න බෑ (ස)
බැලිය යුතු චිත්‍ර පටියක් (දී)
ලස්සන පිරිසක් (දී)
අශෝක අයියට ටිකක් විතර පැටලිලා . ප්‍රශ්නයක් නෑ දන්නෝ දනිති (ස)
යම් යම් අතාත්වික තැන් තිබුනත් උදා :දුෂ්කරක්ක්‍රියා කරපු ශරීරය, ඌර්ණරෝම දාතුව වැනි නමුත් සමස්ථය හොද චිත්‍රපටියක්.... (ස)
ඇත්තට මෙම සිනමා නිර්මාණය තුළින් සියලු ජනයාට මෙන් ම කුඩා දරුවන්ට ද සිදුහත් කුමරු උපතත්ති හා ආශ්‍රිතව දේවල් සිනමාත්මව දැක ගැනීමට ලැබීම මහත් පිනකි.(ස)
අපි මොනවා කිව්වත්, කලත් මේ රටේ වෙන දේවල් හිතාගන්න බෑ ...හැමදේම වචනයෙන් විතරයි (ස)
සුනිල්ගේ බුද්ධාලමිබන ප්‍රීතිය උතුරලා යනවා වගේ.(නදී)
ෂාන්, මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක්ද? ඔයාගේ ළමයින්ට ඉංග්‍රීසියෙන් ලියපු බෞද්ධ පොත් කියවන්න දෙන්න. බෞද්ධ වී ඉපදෙන අපි හැමෝම ධර්මය දැනගත යුතුයි.(නදී)
මෙත එක්කෙනෙක් රූ රැජින තරඟවලට පවා සහභාගි වු කෙනෙක්. ඒවට යන අයගේ හැටි දන්න අය දන්නවා. අන්තර්ජාලයේ ඇති ඔය නිළියන්ගේ පින්තූර. පොඩ්ඩක් හොයලා බලන්න. ගොඩක් චරිත වටින ඒවා.උතුම්. එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට චිත්‍රපටි හදන්න බැහැ. බුදුදහම කියන්නේ කාගෙවත් බුදලයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ බුදුවුණේවත් , බණ දේශනා කළේවත් කාටවත් චිත්‍රපටි ගහන්න නෙමෙයි. සත්ත්වයා නිවනට පමුණවන්න. කරුණාකරලා මේ විදියේ අපහාස කරන්න එපා. ඔය එක චරිතයක්වත් කාටවත් රඟපාන්න කිසිම අයිතියක් සුදුසුකමක් නැහැ. (නි)
මම හිතන්නේ මෙම චිත්‍රපටය ගැන වැරදි අවබෝධයක් තියෙන්නේ. සිද්ධාර්ත කියන්නේ බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වයට පෙර ජීවිතයයි. සිද්ධාර්ත කුමාරයා ගිහිගෙය හැර යන්නේ වයස අවුරැදු 35 දි. මෙය බුදුරජානන් වහනසේ ගැන ච්ත්‍රපටයක් නෙමෙයි. සිද්ධාර්ත කුමාරයා ගැනයි. කොහොම වුනත් මෙහි අධ්‍යක්ෂකවරයා යම් වැරදි ටිකක් කර තිබෙනවා. එහෙම වෙලා ඇත්තේ අධ්‍යක්ෂකවරයාට බුද්ධ චරිතය ගැන අවබෝධයක් නොතිබීම නිසයි.(නදී)
ඇත්තටම නියම චිත්‍රපටියක් (දී)
"දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ අපේ බුදුරජාණන් වහන්සේගේ තරුණ අවධිය ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගේ චරිතය නළුවෙක් රඟපානව දකිනකොට මගේ හිත වේදනාවට පත් වුණා." "බුදුරජාණන් වහන්සේගේ කුමාර අවදියට සමකළ හැකි, ඒ චරිතය රඟ පෑ හැකි කෙනෙක් මේ ලෝකයේ සිටිය හැකිද? බුදුරජාණන් වහන්සේට ගෞරව කරන, උදේ හවස බුදුන් වඳින මා වැනි හොඳ බෞද්ධයකුට එය වේදනාවට කාරණයක්. "මේක සම්පූර්ණයෙන් ම බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්. අපි නොයෙක් විට අහලා දැකලා තිබෙනවා බුදුන්වහන්සේගේ රුව ටී – ෂර්ට්වල ගහපු අවස්ථා, සපත්තු අඩිවල ගහපු අවස්ථා, කාන්තා යට ඇඳුම්වලට යොදාගන්නා අවස්ථා. "මේ සියලු දේට වඩා උන්වහන්සේගේ චරිතය මෙවැනි ගිහි නළුවෙකු ලවා රඟපෑම බුදු දහමට කරන ලොකුම අගෞරවයක් විදියට මම දකිනවා. අනිත් එක තමයි මේ චිත්‍රපටය හදපු අය තේරුම් අරන් තිබෙනවා මේ චරිතය ලංකාවේ කිසිම නළුවෙකුට රඟපාන්න බැරි බව.(නදී)
ලාංකික නළු නිලියන් යොදා ගත්තේ නැත්තේ ඇයි (දී)
ඉතාම හොද වැඩක්. අපි මේක බැළුවා. බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවුනා. හරක් මස් සහ අනෙකුත් මස් බුදින අය මේක බලන්න.(නදී)
ගෞතම් දෙව්දත් ලෙස රගපෑම දෛයිවයේ සරදමක් වගෙයි.(නදී)
සියල්ලෝම බලන්න වටින චිත්‍රපටියක්
ඒ චිත්‍රපටිය බලන්නම වටිනවා (දී)
නියම වැඩක් (දී)
මේ වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කරනකොට අපේ රටේ අය දන්නේ විවේචනය කරන්න විතරයි... අපේ රටේ ජීවත් වෙන්නේ මන්ද බුද්ධික මිනිස්සුනේ...
මට අවුරුදු 17යි... මට බනින්න එපා.. අපේ රටේ ඇමැතිවරු මොනවාහරි පෙන්නුවොත් ඒක ආසාවෙන් බලයි. මේ වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් පෙන්නුවොත් ඒක ගැන විවේචනය කරන්න විතරයි අපේ මෝඩ සිංහලයින් දන්නේ... මේ වගේ මන්ද බුද්ධික සිංහල මිනිස්සු නිසා තමයි අපේ රටට දියුණුවක් නැත්තේ... !
මට අවුරුදු 17 යි, අපේ රටේ නායකයින් ගැන මොනවා හරි දෙයක් ගියොත් එතකොට ටික්ටෝක් කරන අපේ සමහරුන්ගේ විකාර දේවල් ආසාවෙන් බලයි... මේ වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ගියොත් තමයි ඒක ගැන විවේචනය කරන්න විතරයි අපේ මෝඩ සිංහල මිනිස්සු දන්නේ... අපේ රටේ මේ වගේ මෝඩ සිංහල මිනිස්සු ඉන්න තාක්කල් රට ඒ ගොල්ලන්ට පාලනය කරන්න පුළුවන්... මේ වගේ උතුම් නිර්මාණ මගින් තමයි රටක සිනමා කාර්මාන්තය දියුණු වෙන්නේ. කොහොමත් අපේ මෝඩ සිංහල මිනිස්සු තව කවුරු හරි දියුණු වෙනවාට කැමැති නැහැ තව කාට හරි වැරදෙනවා නම් තමයි කැමති මේ වගේ මන්ද බුද්ධික සිංහල මිනිස්සු ඉන්න තාක්කල් මේ රටට දියුණුවක් නැහැ... මේ රට දියුණු වෙන්න නම් මේ මන්ද බුද්ධික සිංහල මිනිස්සු නැති කරලා දන්න ඕනේ..!