අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි20 ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන ශ‍්‍රී ලංකාවට ස්ථානය රැකගැනීම සදහා හෙට (30 වැනිදා) පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණය ඉතාමත් වැ`දගත් වේ. ශ‍්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 127 ක් ලබා සිටින අතර දෙවැනි ස්ථානයේ පසු වන විස්සයි20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිල ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. ශ‍්‍රී ලංකාව මෙම තරගයෙන් පරාජයට වුවහොත් ප‍්‍රසාද ලකුණු හයක් අහිමිවීමෙන් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 121 ක් බවට පත්ව කොදෙව් පිල සමග ප‍්‍රසාද ලකුණු සම වේ. බටහිර ඉන්දීය කොදෙව් පිල දෙසැම්බර් මස 10 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 122 ක් බවට පත්ව ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමේ අවස්ථාව ලැබේ. විස්සයි20 ශ්‍රේණිගත කිරීම
| ස්ථා. | රට ප‍්‍රසාද | ලකුණු |
|---|---|---|
| 01 | ශ‍්‍රී ලංකාව 127 | 127 |
| 02 | බ.ඉ.කො. | 121 |
| 03 | ඉන්දියාව 120 | 120 |
| 04 | එංගලන්තය 118 | 118 |
| 05 | දකුණු අප‍්‍රිකාව 117 | 117 |
| 06 | පාකිස්තානය 116 | 116 |
| 07 | ඕස්ටේ‍්‍රලියාව 108 | 108 |
| 08 | නවසීලන්තය 97 | 97 |
| 09 | බංග්ලාදේශය 85 | 85 |
| 10 | අයර්ලන්තය 82 | 82 |
| 11 | සිම්බාබ්වේ 44 82 | 44 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
අපේ කොල්ලො නිසයි අපි ආඩම්බරයෙක් ඉන්නෙ. ඒ අයට පිං සිදුවෙන්න ඕන.. (නු)
අනේ හොදයි
දිනයි කියලා විශ්වාස නැහැ.. අන්ජලෝ නෙ නායකයා.. අපි දැක්කනේ එස්.එල්.පී.එල් එක තිබුණු උනන්දුව විස්සයි විස්ස ලෝක කුසලාන දි තිබුණෙ නැහැ.. තිසරට නායකත්වය දුන්නනම් පොඩ්ඩක් බලාපොරොත්තු තියාගන්න තිබුණා.. දං ඉතිං බහින කලාව තමයි..!(නු)
මේක නම් දිනයි වගේ. (නි)
තරගෙට කලින් වැස්ස දිනුවා. (නි)