ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නිහිදී අද (26) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලු 5 ක පහසු ජයක් ලැබීය.
ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 138 ජයග‍්‍රාහි ඉලක්කය පන්දු 7 ක් ඉතිරිව තිබියදී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 27 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කිරීමට සමත් විය. තිසර පෙරේරා ජයග‍්‍රහණය වේගවත් කරමින් පන්දු 12 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 19 ක් රැස් කළේය.
යොවුන් ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් විස්සයි20 අන්තර්ජාතික වරම් ලබමින් ආරම්භක පිතිකරු ලෙස පන්දු 22 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 33 ක් රැස්කරමින් කැපී පෙනෙන ඉනිමක් ක‍්‍රීඩා කළේය.
ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 62 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 90 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලු3 ට 137
(ඩේවිඩ් වෝනර් නොදැවී 90, ජෝජ් බේලි 11, ඇඩම් වෝජස් නොදැවී 25)
ශ‍්‍රී ලංකාව ඕවර 18.5 කදී කඩුලු 5 ට 139
(කුසල් ජනිත් 33, තිලකරත්න ඩිල්ෂාන් 16, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 35, ළහිරු තිරිමාන්න 20, තිසර පෙරේරා නොදැවී 19, සේවියර් ඩොහර්ටි 21/2, ග්ලෙන් මැක්ස්වෙල් 15/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේලට නිගරු කරන්නේ ක්‍රිකට් කියලා හිතාගෙන එල්ලෙ ගහපු අයයි..!(නු)
මධුසංක ක්‍රිකට් බල්න්න පෙර ක්‍රිකට් ගැන ඉගෙනගෙන එන්න පොඩි දරුවෙක්ගෙන් හරි..!(නු)
කොහොමද ලංකාවේ කොල්ලෝ. කුසල් මල්ලි ඔබට ජය (දී)
ඔන්න ඔහොමනේ ගහන්න ඕනෑ. නියමයි. ටිකට් ගත්තට පාඩු නැහැ. (නි)
මධුසංඛ ලෝක පූජිතයි කිවුවේ කාටද? අපේ සංගාටද? (නි)
මධුසංකට කියන්න තියෙන්නේ මුල අමතක කිරීම අපේ ජන්මයෙන්ම එන ගතියක් කියලා විතරයි. (නි)
හොද වෙලාවට මැතිව්ස් සහ තිසර අන්තිම වෙනකල් හිටියේ. (නි)
මහේලගේ නායකත්වය ඉතා හොදයි. (නි)
පුදුමයි. (නි)
මධුසංඛට වැරැද්දක් කියන්න බැහැ. මෝඩයෙකු වුණත් අදහසක් පළකරන්න අයිතියක් තියෙනවා. (නි)
ඔහොම යමු. මහේල තමයි මේ ලෝකයේ හිටපු හොදම නායකයා. (නි)
මධුසංඛ සංගට එහෙම මුකුත් කියනවා නෙමෙයි. හොදද? (නි)
අපේ කොල්ලන්ට ජයවේවා (දී)
ටී29 අවසාන තරගයේදිත් මේ දේ තමයි වෙන්න තිබුණේ. (නි)
ජය වේවා! අපිට ගැළපෙන්නේ 20 තමයි. (නි)
හැමදාම අපි පරදින්නේත් නැහැ (දී)
ලංකාවේ අනාගත ක්‍රිකට් නායකයාට සුභ පැතුම්! (නි)
මුලදී නම් වැඩ දාලා ගන්නවා. අන්තිමට අපිට ක්‍රිකට් එපාකරවනවා. (නි)
අදහස් දාන සමහර අය ලංකාවෙද කියලා හිතාගනක්නත් බැහැ.. අපේ වීරයන්ට ජය වේවා..!(නු)
මධුසංක ඔය සැබෑවටම මොනවා කියනවාද? අපි ඔබලා සමගයි.. අපේ ක්‍රිකට් වීරවනේ ඔබලා අපට සම්පතකි.. නොසැලී ඉදිරියටම යමු සුභ පැතුම්..!(නු)
දැක්කද තරුණ ජවය... ඔන්න ඕවයි ඕනා.. හොඳ වෙලාවට ලෝකේ හොඳම නායක මහේල ආරම්භක පිතිකරු ලෙස ආවේ නැ.. එහෙම වුනානම් අර අලුත් ක්‍රීඩකයා සනා වගේ ලස්සනට ගහපු පාරවල් බලාගන්නත් බැ.. නියමයි අද නම්..අර ලෝක පුජිත ක්‍රීඩකයාට එහෙම ඉරිසියා ඇති නේද අලුත් අය ගහනකොට... අනිත් තරගේත් ඔහොමම ගහමු... සුබවාදී බලාපොරොත්තු තියාගන්නත් පුළුවන්.. බලමු තව තරගත් එනවනේ...(නු)
මධුසංක ගැන හිතාගන්න පුළුවං.!(නු)
ටිකදෙනෙක් තාමත් ඉන්නව හොද කරනකොට හොදයි.. නිකං හරි පොඩි වරදක් උනොත් බනිනවා.. මහේල කියන්නේ රටට වටින නායකයෙක්.. ඉතාම හොදයි මහේල..!(නු)
මුලදී වැඩ දාලා ගහනවා , ෆයිනල් එකදි අනාගන්නවා..!(නු)
තරුණ ජවය ලබා ගත යුතුයි...!(නු)
මම නම් මධුසංකගේ අදහසට එකග නැහැ.. මොකද අපේ රට නියෝජනය කරන හැම කෙකෙනක්ම අපට වටිනවා.. අපි එයාලට ආදරෙයි.. එහෙම කියන එක වැරදියි..!(නු)
නියමයි අපේ වීරයන්ට ජය. කුසල් ඔබ නියමයි. ඔබ බැට් කරද්දී මට පෙන්නෙම සංගාව. ඊළඟ තරගයත් දිනන්න ලැබේවා. (ස)
බලන්න අද තරගය මොන තරම් හොදට නිම කළාද කියාලා.. කවුරු කවුරුත් තම තමන්ගේ වගකීම හරියට ඉටුකරනවානම් අඩුම තරමින් පරදින ප්‍රතිශතයවත් අඩුකරගන්න පුළුවං..!(නු)
අනෙක් තරගයත් දිනුවානම් තමයි අපිට අපේ ජාමෙ බේරගන්න පුළුවං වෙන්නේ..!(නු)
අද අපි තරගය දිනුවාට අපේ අසල්වැසි රටේ අය එතරම්ම කැමැත්තක් නැහැ වගේ.. එයාලා නිතරම අපිව විවේචනය කරනවා තරග පරදිනකොට..!(නු)
විස්සයි විස්ස කිව්වාම කෙටි වැඩියි ක්‍රීඩකයින්ට.. හතලිහයි හතලිහවත් තියෙනාවානම් හරිම අගෙයි.. දැනට පහහ තියෙන නිසා.!(නු)
ජයවේවා (දී)
තරග පරදින එකටත් වඩා ඉවසාගෙන ඉන්න බැරි අල්ලපු රටේ අයගේ සමච්චලයයි.. අද මෙයාල සද්දයක්වත් නැහැ..!(නු)
දිල්ශාන් එක පන්දු ඕවරයක්වත් දැම්මනම් හරිම අගෙයි.. අනිත් තරගයේදිවත් බලමු..!(නු)
අල්ලපු රටේ අයගේ සමච්චලේ දන්නේ රට ඉන්න අපි විතරයි..!(නු)