IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශ්‍රී ලංකාව 2013 දී අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරගාවලි අටකට සූදානම්

ශී‍්‍ර ලංකාව එළඹෙන 2013 වසරේදී අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගමාලා අටකට සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය පවසයි. ලොව ප‍්‍රධානතම මලල කී‍්‍රඩා තරගාවලි ගණනාවක්ම එළඹෙන නව වසරේදී යෙදෙන අතර ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය හා ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලිය ද ඒ අතර කැපී පෙනේ. ආසියානු ප‍්‍රධාන පෙළේ මලල කී‍්‍රඩා තරගමාලා කිහිපයක්ම නව වසරේදී ඉන්දියාවේ නගර කීපයකදීම පැවැත්වෙන අතර එහෙත් සාග් කී‍්‍රඩා උළෙල නවදිල්ලි නුවරදී පැවැත්වෙන  දින වකවානු තවමත් ප‍්‍රකාශයට පත්වී නොමැත. වසර 2013 සැප්තැම්බර් මාසයේදී එය පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ. ආසියානු ග්‍රෝන්පි මලල කී‍්‍රඩා තරගමාලාවේ (2013) අදියර-2 තරගාවලිය කොළඹදී පැවැත්වීමට නියමිතය. ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ මහ සමුළුව චෙන්නායි නුවරදී එළඹෙන ජූලි 2 වැනිදා පැවැත්වීමට යොදා ගෙන තිබේ. ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලිය රුසියාවේ මොස්කව් නගරයේදීත් ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය ඉන්දියාවේ ”චෙන්නායි” නුවරදීත් වසර 2013 දී පැවැත්වේ. මේ අතර මලල කී‍්‍රඩා සංගමය ප‍්‍රකාශයට පත්කර තිබෙන වසර 2013 දෙස් විදෙස් තරග සැලැස්මට අනුව ජාතික මට්ටමේ මලල කී‍්‍රඩා තරගාවලි 12 ක්ද ඇතුළත් වේ. ආසියානු ශූරතාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරන තේරීම් තරගාවලිය ජූනි 14, 15, 16 යන දිනවල සුගතදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතය. වසර 2013 දී ශ්‍රී ලංකාව සහභාගිවීමට අපේක්ෂිත අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගමාලා පෙබරවාරි 24: 14 වැනි ආසියානු මැරතන් ශූරතාවලිය- හොංකොංහි දී මාර්තු 10: ආසියානු ඇවිදීමේ (කිලෝ මීටර් 20) ශූරතාවලිය ජපානයේ ෆොමි නගරයේදී මාර්තු 24: ලෝක රට හරහා දිවීමේ ශූරතාවලිය-පෝලන්තයේදී අපේ‍්‍රල් 30: ආසියානු ග්‍රෝන්ෆී‍්‍ර තරගමාලාව අදියර 1 තායිලන්තයේ බැංකොක් නගරයේදී මැයි 04: ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී තරගමාලාව අදියර  කොළඹදී මැයි 8:ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී තරගමාලාව අදියර 3-ඉන්දියාවේ ”චෙන්නායි” නගරයේ දී ජූලි 4 සිට 7 දක්වා: 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලි ඉන්දියාවේ චෙන්නායි නගරයේදී ජූලි 10 සිට 14 දක්වා: ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියx යුක්රේනයේදී අගෝස්තු 10 සිට 18 දක්වා: ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියx රුසියාවේ මොස්කව් නගරයේදී සැප්තැම්බර් (දින යොදාගෙන නැත): සාග් කී‍්‍රඩා උළෙල ඉන්දියාවේ ”නවදිල්ලි” නගරයේදී



අදහස් (0)

ශ්‍රී ලංකාව 2013 දී අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරගාවලි අටකට සූදානම්

සම්පත් Tuesday, 30 October 2012 12:48 PM

පාසල් පිරිහෙනකොට, ඉන්න ටිකත් පිටරට යනකොට අපිට ඒවා දිහා බලාගෙන සිංදුවක් කියාගෙන ඉන්න තමයි තියෙන්නේ. (නි)

:       0       0

ලාල් ගලබඩ... Tuesday, 30 October 2012 03:38 PM

මා දන්නා පරිදි ජීවන් කුමාරතුංග ක්‍රීඩා ඇමති කාලේ ඔලිම්පික් රන්පදක්කම් 3 ක් ගේනවා කීවා ඒකාලේ.ඒ ගෙනාවට පස්සේ දැන් සුදානමක් තියෙනවා.ක්‍රීඩාවට හැබැයි පදක්කම් ගණන කියා නැහැ.සුදානම නම් හොදයි,ඒත් අපිටනම් පේන්න හරි සැලැස්මක් නැහැ.සුගතදාස ක්‍රීඩාංගනයෙන් ගැහුවට පස්සේ. (ස)

:       0       0

හේමන්ත Tuesday, 30 October 2012 10:10 AM

අපොයි ඉතිං සූදානම් නම් වෙයි. අන්තිමට එක් කෙනෙක්වත් දකින්න තමයි නැත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site