IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශ්‍රී ලංකා වෙළෙඳ සේවා හොකී පිලට එරෙහිව චෙන්නායි නුවරදී විරෝධතා

ඉන්දියාවේ චෙන්නායි නුවරදී හොකී තරගයකට සහභාගිවෙමින් සිටි ශ්‍රී ලංකා වෙළෙඳසේවා හොකී කණ්ඩායමට එරෙහිව කිසියම් පිරිසක් ක‍්‍රීඩාංගණයට කඩා වැදී විරෝධතා දැක්වීම නිසා තරගය අත්හිටුවමින් ඔවුන් රැකවරණ මැද ක‍්‍රීඩාංගණයෙන් ඉවත් කරගෙන ගිය බව වාර්තාවේ. විරෝධතා දැක් වු මේ පිරිස කොටි හිතවාදීන් යැයිද වාර්තාවේ. ඉන්දීය තමිල්නාඩු හොකී සංගමයේ ආරාධනාවකට අනුව මෙම තරග සංචාරයට සහභාගි වු ශ්‍රී ලංකා වෙළෙඳසේවා හොකී සංගම් පිල එහිදී බැංගලෝර්, මයිසූරි සහ චෙන්නායි යන ප‍්‍රදේශවල කණ්ඩායම්වලට එරෙහිව මෙම තරග සංචාරයේදී තරග කිරීමට නියමිතව සිටියේය. සංචාරක ශ්‍රී ලංකා වෙළඳසේවා පිල, චෙන්නායි ප‍්‍රවීණයන්ගේ පිල සහ කර්නාටක ක‍්‍රීඩා පුහුණු ඇකඩමි පිල ඇතුළු කණ්ඩායම් කිහිපයකට එරෙහිව එහිදී ජයග‍්‍රහණ ලබා ගැනීමට සමත්විය. චෙන්නායි නුවරදී සදර්න් රේල්වේ ඉංජිනියරින් පිලට එරෙහිව පැවැත්වීමට තිබු තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබියදී ත‍්‍රස්තවාදී සංවිධානයක කොඩියක් රැගත් පිරිසක් ක‍්‍රීඩාංගණයට කඩා වැදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට විරුද්ධව හඬ නැඟූ බව වෙළෙඳ සේවා හොකී සංගමයේ සභාපති හා සංචාරක ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානීයා ලෙස කටයුතු කළ රත්නසිරි මහගලඇල්ල මහතා ‘ලංකාදීපයට’ පැවසීය. ‘‘තරගය නරඹමින් සිටි පිරිසක් ක‍්‍රීඩාංගණය තුළට එනවා දුටුවා. ඔවුන් කොටි ලාංඡනය සහිත කොඩියක් රැගෙනයි පැමිණියේ. ඔවුන් පැමිණි විගසම පොලිසිය පැමිණියා. අපට ඒ මොහොතේ සිට ලංකාවට පැමිණෙන තෙක්ම ආරක්‍ෂාව ලබාදීමටත් පොලිසිය කටයුතු කළා යැයි ද’’ මහගලඇල්ල මහතා පැවසීය. යළි තරගය පැවැත්වීමට සංවිධායකයන් කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලීමක් කළද ක‍්‍රීඩකයන් තරගයට සහභාගිවීමට තරම් හොඳ මානසිකත්වයකින් නොසිටි බවද මහගලඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ශ්‍රී ලංකා වෙළෙඳ සේවා හොකී පිලට එරෙහිව චෙන්නායි නුවරදී විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2380 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site