ආසියානු දෙවැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස නාවික හමුදා පිල නියෝජනය කරන යෝෂිත රාජපක්‍ෂ නම් කර තිබේ. උප නායකත්වය මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාෂිල් මරීජාට හිමිව තිබේ.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, තායිලන්තය, චීන තායිපේ සහ කසකස්තානය යන රටවල සහභාගිත්වයෙන් ලබන අපේ‍්‍රල් මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන 24 දෙනකුගෙන් යුත් අවසන් සංචිතය තෝරා ගැනීම සඳහා මේ වන විට 58 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.
මෙම තරගාවලියේ සත්කාරත්වය සඳහා ශ්‍රී ලංකාව මේ වන විටත් ලංසු ඉදිරිපත් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව (ස)
රොකීට වැරදිලා වගෙයි. (නි)
අපි සාමාන්‍යයෙන් ක‍්‍රීඩාවන් වලට දක්ෂ අය හදුනාගන තියෙන්නේ ඔවුන් පාසල් යන කාලෙ සිටන්මයි. අපේ රට ගොඩ ගන්න මෙහෙම කට්ටිය ඉන්නම ඕනෑ. අනිත් කවුරුත් නායකත්වය තියා ඒ අහලකින්වත් තියන්න බැහැ. (නි)
මේ තීරුවේ ප්‍රතිචාර දමන සමහරුන් ගැන මට ඇත්තටම දුකයි. (නි)
පැහැබර අනාගතයක පෙරගමන්කරුවෝ... (නි)
උපනායකයා තමයි නායකයා වෙන්න ඕනි කියලයි මම හිතන්නේ (ස)
සන්තෝසයි (දී)
දක්ෂයාට තැන (දී)
උප නායක තනතුරට නවක කෙනෙක් දාන්න. (නි)
දෙවියන්ගේ සරණ ලැබේවා !! (නි)
අපි මේ තීරණයට විරුද්ධයි. (නි)
අපේ නව නායකතුමාට ජය වේවා! (නි)
ක්‍රිකට් වලටත් හොඳ නායකත්වයක් අවශ්‍යයි (ස)
පුතාලා හැමෝම වගේ දක්ෂයි. (නි)
ක්‍රීඩාව ලංකාවේ ව්‍යාප්ත කරන්න (දී)
ඔවු ඔවු. නායකත්ව පුහුණුව බිම් මට්ටමේ සිටම හැදෑරිය යුතුයි. (නි)
සුදුස්සාට ඇරෙන්න වෙන කාට දෙන්නද? (නි)
උප නායක ලෙස මගේ යෝජනාවක් තියෙනවා අහවලාව. (නි)
සුදුස්සාට සුදුසු තැන (දී)
සන්තෝසයි (දී)
නායකත්වයට සුදුස්සාට (දී)
නියමයි, සුදුස්සාට සුදුසු තැන ලැබිලා (දී)
නාමල් කියන්නෙත් අති දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)
ඔක්කොම නායකයෝ. අපේ සුබ පැතුම් (ස)
සුදුස්සාට සුදුසු තැන (දී)
ජය වේවා (දී)
ක්‍රීඩාවට සේවයක් කරන නායකයෙක් (දී)