දේශීය වත්මන් මලල කී‍්‍රඩා පරිපාලනය නිල වශයෙන් පිළිගත් බවට අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය මේ වනවිට ශ්‍රී ලංකාවට දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ එම පිළිගැනීමත් සමග එතෙක් ඒ සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටළු සියල්ල නිරාකරණය වූ බවය. පසුගිය මැයි 3 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ වත්මන් පාලනය පිළිගැනීම අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය විසින් අත්හිටුවා තිබුණි. දේශපාලන බලපෑම් එම නිලවරණයට එල්ලවූ බවට එහිදී අන්තර් ජාතික සංගමයෙන් චෝදනා නැගුණි. මාධ්‍ය හමුව පැවැති පසුගිය බදාදා (24) දිනයේද අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයේ වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ලෙස මේජර් - ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාත් ලේකම්වරයා ජී. එල්. එස්. පෙරේරා මහතාත් වන බවයි. කෙසේ වුවත් මාධ්‍ය හමුවේදී දයා රත්නායක මහතා මාධ්‍යවේදීන්ගේ විමසීම්වලට පිළිතුරු දෙමින් පැවැසුවේ ඒ සම්බන්ධයෙන් සියලූ ගැටළු නිරාකරණය කර ගත් බවත් ලෝක සංගමයේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ වත්මන් සභාපති හා ලේකම්වරයාගේ තොරතුරු සඳහන් කිරීමට පියවර ගෙන තිබෙන බවයි. ”නිල පිළිගැනීම ප‍්‍රමාදවීමට හේතුවූ කාරණා කීපයක් බලපෑවා. අතුරු කමිටුවක් පත් කිරීමත් අපේම හිටපු නිලධාරීන් කීප දෙනකු අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයට නිලවරණය ගැන පෙන්වපු වැරැදි චිත‍්‍රයක් ඊට හේතුවුණු බවයි අප විශ්වාස කරන්නෙ” මලල කී‍්‍රඩා සභාපතිවරයා පැවැසීය. දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගම්වල වත්මන් කි‍්‍රයාකාරිත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ කළ විමසුමකදී උප සභාපති සුනිල් ජයවීර මහතා මෙසේ පැවැසීය. ‘ඒ සමහර සංගම්වල ව්‍යවස්ථාව තිබේද යන්න ගැනවත් මව් සංගමය දැනුවත්වී නෑ. ඇත්තටම දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගම් බහුතරයක කි‍්‍රයාකාරිත්වය අසතුටු බවයි අපට දැන් කීමට ඇත්තෙ”. ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරුගේ වත්මන් කාර්යභාරය ගැන විමසුමකදී දයා රත්නායක මහතා පැවැසුවේ ජාතික පුහුණුකරුගේ කාර්යභාරය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීමට ඉදිරියේ කි‍්‍රයා කරන බවයි. එක් අයකුගේ අභිමතය පරිදි කටයුතු කිරීමේ ප‍්‍රතිපත්තිය අප අත් හැරිය යුතුයි. ඉදිරියේදී ජාතික පුහුණුකරුගේ කාර්යභාරය සම්බන්ධයෙන් අප පැහැදිලි තීරණ කීපයකට එළඹෙනවා යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා මලල ක‍්‍රීඩා පාලනයට බාධාවුණු ‘ලෝක වාරණය’ ඉවතට
චන්ද්‍රසිරි Friday, 26 October 2012 11:28 AM
දැන් ඉතින් පදක්කම් වැහි වහීවි (ස)