පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම පරාජය වූ නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට යළි හිස එසවීම සඳහා කිසියම් කාලයක් අවශ්‍ය වේ යයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු මෙන්ම ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවකු වූ සනත් ජයසූරිය පවසයි. පාකිස්තානයට එරෙහිව පසුගිය බදාදා (23 වැනිදා) අබුඩාබිහිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයත් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ එක්දින තරගාවලිය 4-1 කින් පරාජය විය. දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියේදීද ශී‍්‍ර ලංකා පිලට උරුම වූයේ 1-0 ක පරාජයකි. ”මේ තරගාවලි දෙකේදීම පරාජය වීම කණගාටුවට කරුණක්. අඩුතරමේ එක තරගාවලියක් වත් ජයගන්නට ලැබුණා නම් හොඳයි” යයි තරගාවලියේ රූපවාහිනී විචාරකයකු වශයෙන් කටයුතු කරමින් සිටින සනත් ජයසූරිය පවසයි. දෙපිල අතර තවත් පැවැත්වීමට ඉතිරිව ඇත්තේ විස්සයි/20 තරගයක් පමණි. මේ වන විට 42 හැවිරිදි වියේ සිටින ජයසූරිය පවසන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවතත් ජයග‍්‍රහණ අතරට ඒම සඳහා තරුණ කී‍්‍රඩකයන් හඳුන්වාදී කලක් ඉවසීමෙන් බලා සිටිය යුතු බවයි. ”ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට මේක ඉතාමත් අසීරු කාලයක්. ”ශී‍්‍ර ලංකා පිල තරග කරන්නේ තරුණ කී‍්‍රඩකයන් රැසක් එක්කයි. ඔවුන්ට ස්ථාවර වීම සඳහා කිසියම් කාලයක් අවශ්‍යයි” යයිද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් ජයසූරිය පැවසීය. නිමාවූ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව, මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී ශී‍්‍ර ලංකා පිලේ නායකත්වයට පත්වූ ඩිල්ෂාන් මේ දක්වා කණ්ඩායම මෙහෙයවූ ටෙස්ට් සහ එක්දින තරගාවලි තුනේදීම ශී‍්‍ර ලංකා පිල පරාජය වී තිබේ. ”ඔහු (ඩිල්ෂාන්) ඉතාමත් දක්‍ෂ කී‍්‍රඩකයෙක්. ඔහුට කරන්න පුළුවන් දේ මෙනවාද කියා අප සියලූ දෙනාම දැක තිබෙනවා. ඒත් අවාසනාවකට වගේ ඔහු මේ දවස්වල අසාර්ථක කාලයක් ගතකරමින් සිටිනවා” ”මේක අලූත් කණ්ඩායමක්. මේ කී‍්‍රඩකයන් වගේම කළමණාකාරිත්වය කෙරේත් විශ්වාසය තැබීම අවශ්‍යයි. පුහුණුකරු පවා අලූත් කෙනෙක්” යයිද ජයසූරිය පැවසීය. කෙසේ වෙතත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් පමා වීම ඔවුන්ගේ උනන්දුව හීන වීමට බලපා ඇතැයි යන මතයට ජයසූරිය එකග නොවේ. ”මා හිතන්නේත් එය (ගෙවීම් ප‍්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශියක් කරලා තිබෙනවා විතරක් නොවෙයි මේ අවුල් සහගත තත්ත්වයට ඔවුන් කෙළින්ම වගකිව යුතුයි” ”පරිපාලනමය ප‍්‍රශ්න නිසා කී‍්‍රඩකයන් අනිවාරතේ විඳවනවා” ”ඔවුන්ගේ ගෙවීම් ඉක්මනින්ම ලැබේවි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම රට වෙනුවෙන් කී‍්‍රඩා කරන විට අනෙක් සියලූ දේම අමතක කරනවා. ඔවුන් ඒ ගැන කතා නොකළ එක පිළිබඳව මා සතුටු වෙනවා” යයිද ජයසූරිය පැවසීය. කි‍්‍රකට් පරිපාලනයේ නිතර නිතර සිදුවන වෙනස්කම් පිළිබඳව කී‍්‍රඩකයන් කරදර විය යුතු නැති බවත් තමන්ගේ තරග සමයේදීත් එය එසේ සිදුවූ නමුත් කී‍්‍රඩකයන් කිසිවකු ඒ ගැන තැකීමක් නොකළ බවත් ජයසූරිය වැඩිදුරටත් පැවසීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේලට නායක කම දී සංගා උපනායක කරන්න ඕනෑ
අපිට අවශ්‍යයි වෙනසක්? මම හිතන්නේ නව නායකයා වශයෙන් කුමාර සංගක්කාර ලෙසත් උප නායක ටී.එම්. ඩිල්ෂානුත්
දකුණු අප්‍රිකානු සංචාරයට මහේලට නායකත්වය දීලා මැතිව්ස් උපනායකය කල යුතුයි. නැත්නම් ඩිල්ෂාන් ගහන ලකුණු ටිකවත් ගහන්නේ නැතිවෙයි. ඩිල්ෂාන් ඒ තරමටම වැටිලා.
ඇයි?
මහේලට නායක කම දීලා, සංග උපනායක කරලා දැම්මොත්, අපිව කාටවත් හොල්ලන්න කාටවත් බෑ.
තිලිණ කන්ඩම්බි? පිතිකරුවන් වහාම සෙවිය යුතුයි. නැතිනම් හැමදාම මෙහෙම තමයි
දැන් ඉන්න ගොඩක් අය කණඩායම තමන්ගේ පුද්ගලික වස්තුවක් ලෙස තමයි හිතාගෙන ඉන්නේ...
නායකත්වය වෙනස් කළ යුතුයි
නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි..... සංගා තමයි හොදම නායකයා
සනත්ගෙ කියමන හරි
මා දන්‍නා පරිදි අර්ජුන රනතුංග නැමැති ශ්‍රෙෂ්‍ඨ නායකයාට අප දුටු ඔහුට අසන්‍නව නායකත්‍වයෙ ශිල්‍ප පෙන්‍නු නායකයා මහෙල ජයවර්ධනයි.නායකයෙකු ලෙස ඒක් දින තරගවලදි යම් පසු බැස්‍මක් පිතිකරුවෙකු ලෙස පෙන්‍නුවද ඒයට වඩා ඔහුගෙ නායකත්‍වය විශිෂ්‍ඨ විය.2007 ලොක කුසලාන තරගාවලියෙදි ඔහුගෙ හැසිරිම නායකයෙකු ලෙස අති විශිෂ්‍ඨය.ඔහු තුල තිබුණු විනය,සෘජු බව,ගෟරවනිය බව,කපටි බව,උපක්‍රමශිලි බව,සර්ව බලධාරි බවවැනි නායකත්‍විය ගුණයන්‍ගෙන් යුත් ඔහුගෙ පෟරුෂත්‍වය නායකත්‍වය සදහා කදිමට ගැලපෙයි.අද සංගා ගෙ දක්‍ෂතාවයන් වලින් වැසි ගෙන යන මහෙලට නායකත්‍වය හරහා තමාටත් ක්‍රිකට් වලටත් ජිවයක් ඒක් කර පිඹිදිමක් අැති කල හැක. තවද මගෙ මතය නම් තිලාන් සමරවිර හරහා සමබර විය හැකි කණ්‍ඩායමකට මහෙල හරහා ලැබෙන නායකත්‍වය කාලිනව වැදගත් බවයි.අර්ජුන සිදු කලෙත් මෙ හා සමාන දෙයකි.ඔහුට අරවින්‍ද,සනත්,කලු,ගුරා,හෂාන්,මහනාම...ලබා දුන් නායකත්‍වය හරහා කණ්‍ඩායම නිර්මානය කරමින් 1996 ලොක කුසලානය ජයග්‍රහණය තෙක් රුගෙන ගිය මානසිකත්‍වය වර්තමානයෙ නිර්මාණය කල යුතුයි.ඉතිං මහෙලව ඒකග කර ගැනිම පරිපාලනය කල යුතුයි. තවද සනත් ජයසුරිය පුහුණු කරු විම වැදගත්ය.ඔහුගෙ ඉංග්‍රිසි භාෂා හැසිරවිම සහ වෙගය ජත්‍යන්‍තර විස්‍තර විචාරය සදහා උචිත නැති විම තුල, අනිගතයෙදි සංගා විසින් ඒම ක්‍රියාව යහපත්‍ව කරන විශ්‍වාසයෙන් සනත් පුහුණු කරුවෙකු විම වැදගත්.ඒදා සනත්‍ව දැක්‍කත් බිය වු පන්‍දු යවන්‍නන් සතු මානසිකත්‍වය,ඔහු සිටියත් අැති යැයි සිතු අපගෙ මානසිකත්‍වයත් සහ ඔහුගෙ ඒක පුද්‍ගල ක්‍රිකටි මෙ අවස්‍ථාවට වඩාත් වැදගත් බව මගෙ අදහසයි.