ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 161 ක් රැස්කිරීමට සමත් විය.

මහේල ජයවර්ධන පන්දු 45 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කිරීමට සමත් විය. තිසර පෙරේරා පන්දු 15 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 4 ට 161

(කුසල් ජනිත් 15, මහේල ජයවර්ධන නොදැවී 61, ජීවන් මෙන්ඩිස් 25, තිසර පෙරේරා නොදැවී 35)