IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශී‍්‍ර ලංකා පිල ගෞරවය රැකගැනීමේ සටනට

ශී‍්‍ර ලංකා පිල සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (3 වැනිදා) සිඞ්නි නුවරදී ආරම්භ වේ.  ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු වන මයික් හසී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට සූදානම් වෙද්දී, දිගින් දිගටම කී‍්‍රඩකයන් තුවාල ලැබීම නිසා අසරණ වූ ශී‍්‍ර ලංකා පිලට එරෙහිව තුන්වැනි ටෙස්ට් තරගයත් ජයනිමින් සම්පූර්ණ තරගාවලියම ජයගැනීමට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සැලසුම් සකස් කරමින් සිටී
මෙල්බර්න් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 201 කින් ජයගැනීමත් සමගම  ඕස්ටේ‍්‍රලියානු පිල 2.0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය. මේ අනුව ශී‍්‍ර ලංකා පිල හෙට පිවිසෙන්නේ සිය ගෞරවය රැුකගැනීමේ තරගයකටය.
සිය ප‍්‍රබලතම පිතිකරුවා වන කුමාර් සංගක්කාර තුවාල ලැබීම නිසා ශී‍්‍ර ලංකා පිල දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර ඒ වෙනුවෙන් ළහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවා තිබේ.
මේ අතරම ප‍්‍රවීන කි‍්‍රකට් විස්තර විචාරකයකු වූ ටෝනි ග්‍රෙග් මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන්ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තවමත් සොවින් බරව සිටිති.
”1995 සිටම ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සහ ශී‍්‍ර ලාංකිකයන් සමග පැවැති දැඩි සම්බන්ධතාව නිසා ශී‍්‍ර ලංකාව පුරාම ටෝනි ග්‍රෙග්ව ඉතා ආදරයෙන් සිහිපත් කෙරෙනවා. ඔහු අප පසුපසම සිටිමින් ලෝකය වෙත අපව ඔසවා තැබුවා”
”ඔහු, ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හොඳ මිතුරෙක් විතරක් නොවෙයි, ශී‍්‍ර ලාංකිකයකු නොවන, ශී‍්‍ර ලංකා තානාපතිවරයකුද වුණා” යයි කුමාර් සංගක්කාර පැවසීය.
ටෝනි ග්‍රෙග් මහතාගේ වියෝව වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා තරගය ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙකම විනාඩියක නිහඬතාවත් පළකිරීමට එක`ග වී ඇති අතර දෙපිලම කළු පටි පැළඳ කී‍්‍රඩා කිරීමට නියමිතය.
මෙම තරගය මයික් හසීගේ අවසන් ටෙස්ට් තරගය වන අතරම බොහෝ විට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රබලතම පිතිකරුවන් වන මහේල ජයවර්ධන, තිලාන් සමරවීර සහ තිලකරත්න ඩිල්ෂාන්  ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කරන අවසන් අවස්ථාවද විය හැකිය.
මේ වන විට 37 හැවිරිදි වියේ සිටින මයික් හසී, ශී‍්‍ර ලංකා පිලට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක ලබාගත්  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවා වශයෙන්ද වාර්තාවක් තබා සිටී. ඔහුගේ ටෙස්ට් ශතක 19 න් 5 ක් ලබා ඇත්තේ ශී‍්‍ර ලංකා පිලට එරෙහිවය.
තණතීරුවේ තත්ත්වය අනුව මෙම තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිලේ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන ග්ලෙන් මැක්ස්වෙල්ට මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගැනීමේ අවස්ථාවද තිබේ. ෂේන් වොට්සන් තුවාල ලැබීම නිසා මැක්ස්වෙල් කණ්ඩායමට කැඳවා ඇති අතර දෙවැනි තරගයට කී‍්‍රඩා නොකළ මිචෙල් ස්ටාක් නැවතත්  ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වීමට නියමිතය.
තිලාන් සමරවීර පවසා ඇත්තේ මෙල්බර්න් ටෙස්ට් තරගය අමතක කරමින් මෙම තරගය සඳහා පිවිසීමට තම කණ්ඩායම සූදානම්ව සිටින බවයි.
කෙසේ වෙතත් සංගක්කාර නැති කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැුස්කිරීමේ වැඩිබරක් ඉසිලීම මහේල ජයවර්ධන කරපිට පැවරී තිබෙන නමුත් ශී‍්‍ර ලංකා නායකයා සිය මවුබිමෙන් පිටතදී අවසන් වරට මුහුණ දුන් ටෙස්ට් ඉනිම 26 කදීම අර්ධ ශතකයක් ලබාගෙන නැත.
ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ඊයේ (01) පෙරවරුවේ  ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජූලියා ගිලාඞ් මහත්මිය සමග තේ පැන් සංග‍්‍රහයකට සහභාගි වූහ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, තරංග පරණවිතාන, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ධම්මික ප‍්‍රසාද්, සුරාජ් රන්දීව්, රංගන හේරත්, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග සහ නුවන් ප‍්‍රදීප්
 ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් සංචිතය:
මයිකල් ක්ලාක් (නායක), ඬේවිඞ් වෝනර්, එඞ් කවන්, පිලිප් හියුස්, මයික් හසී, මිචෙල් ජොන්සන්, මැතිව් වේඞ්, උස්මාන් කවාජා, නේතන් ලයන්, පීටර් සිඞ්ල්, මිචෙල් ස්ටාක්, ජැක්සන් බර්ඞ් සහ ග්ලේන් මැක්ස්වෙල්

මහේල තේ පැන් සංග‍්‍රහය අවස්ථාවේදී සභාව අමතමින්...  ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජූලියා ගිලාඞ් මහත්මිය ද මෙහි සිටින්නීය.



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිල ගෞරවය රැකගැනීමේ සටනට

ජනක Wednesday, 02 January 2013 03:39 PM

කොහොම හරි දිනමු. බැරිනම් මොනවා කරන්නද ? (ස)

:       0       0

රොෂාන් Wednesday, 02 January 2013 04:23 PM

ශ්‍රී ලංකා පිලට ජයවේවා (දී)

:       0       0

අපොන්සු Wednesday, 02 January 2013 11:34 AM

අවදානය බිඳ ගන්නේ නැතිව, වැරදි පහරවල් තෝරාගන්නේ නැතිව ජාතියේ ගෞරවය රැක ගන්න ශක්තිය ලැබේවා.(ස)

:       0       0

තාරක Monday, 07 January 2013 04:32 PM

අපේ කොල්ලන්ට ජයවේවා (දී)

:       0       0

සමන් Wednesday, 02 January 2013 12:10 PM

නියත ව‍ශයෙන්ම ටෙස්ට් තරඟ තුනම පරාද වෙනවා (ස)

:       0       0

සමන් Wednesday, 02 January 2013 12:14 PM

මහේල ඔබට ලකුණු අතරට එන්න පුළුවන් , ඔබ ඇතුළු කණ්ඩායමට සුබ පැතුම් (ස)

:       0       0

සිල්වා Wednesday, 02 January 2013 12:19 PM

දිනන විට එක දේකුත් , පරදින කොට එක දේකුත් කියනවා...අපේ ටීම් එකත් අර කවුද කට්ටිය වගේ (ස)

:       0       0

උදය Thursday, 03 January 2013 12:26 AM

දිනන පරදින එක ගැන අමතක කරලා ඔයාලා හොදට සෙල්ලම් කරන්න. (නි)

:       0       0

තත්සරණි Saturday, 05 January 2013 05:06 PM

හැමදේකම හොදක් දකින්න අපේ කට්ටිය පුරුදුවෙලා නැහැ. අපි මොනවා වුණත් ඔයාලා සමගයි. (නි)

:       0       0

රුවන් Wednesday, 02 January 2013 02:19 PM

ලංකාවට සුභ පැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 753 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site