ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (30) රාත‍්‍රි පැවැති විස්සයි20 තරගයට අවස්ථා කීපයකදී වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා විසදුමකින් තොරව අවසන් විය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 14 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 74 ක් රැස්කළ අතර ශ‍්‍රී ලංකා පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 72 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ශ‍්‍රී ලංකා ඉනිමේ දෙවැනි ඕවරය අවසන් වීමත් සමග නැවතත් වර්ෂාව ඇද හැළීමෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. නවසීලන්තය ඕවර 14 කදී කඩුලූ 7 ට 74 (ඇන්ඩෘ එලයිස් 16, ටිම් සවුති නොදැවී 21, නුවන් කුලසේකර 12/2, තිසර පෙරේරා 22/2, අකිල ධනංජය 9/2) ශ‍්‍රී ලංකාව ඕවර 2 කදී කිසිවකු නොදැවී 6
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ. අපි ශ්‍රේණිගත වීමෙන් පහළට වැටෙන්නේ නෑ. (අ).
මට වැඩක් නැහැ
විස්සයි......විස්සේ , බජට් එක අස්සේ බඩු මිල නැග්ගේ.....මැච් එක අස්සේ......විස්සයි විස්සේ (ස)
ලෝක කුසලාන අවසන් තරඟය වගේ නොවේවා (ස)
වැස්සෙ නැත්නම් අපි තරගෙ දිනනවා..අපේ කොල්ලො හොදට සෙල්ලම් කළා.. නවසීලන්තයෙ ක්‍රීඩකයෝ බයේ හිටියෙ.. කොහොමත් කාට නැතත් අපේ සිංහයෝ අපිට වටිනවා..!(නු)