IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ද. අප‍්‍රිකාව පරදවා පස්වැනි ස්ථානය ලබති

කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සමත් විය. දකුණු අප‍්‍රිකාවට එරෙහිව මුම්බායිහිදී අද (15) පැවැති පස්වැනි ස්ථානය ස`දහා ශ්‍රේණිගත කිරීමේ තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 87 ක ජයක් ලැබූහ.

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර අනිද්දා (17) මුම්බායිහිදී පැවැත්වේ.

තෙවැනි ස්ථානය සඳහා ඊයේ පැවැති තරගයේදී එංගලන්තය කඩුලූ 10 කින් නවසීලන්තය පරාජය කරමින් තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

මෙම ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව මේ දක්වා සාර්ථකවම අවසන් කළ ලෝක කුසලාන තරගාවලිය ලෙස ද ඉතිහාසයට එකතු විය. එහිදී ශ‍්‍රී ලංකා පිල පෙරළිකාර කණ්ඩායම බවට පත්වෙමින් පළමු වටයේ එංගලන්තය සහ ඉන්දියාව ඉතිහාසයේ පළමු වරට පරාජය කරමින් ‘සුපිරි හය’ වටයට පැමිණීයේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල ‘සුපිරි හය’ වටයේ සියලූම තරග පරාජයට පත්විය.

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 243

(චමරි අතපත්තු 52, දීපිකා රසාංගිකා 43, ශෂිකලා සිරිවර්ධන 44, ඒෂානි ලොකුසූරිය 43, ශ්‍රීපාලි වීරක්කොඩි 15, චමනි සෙනෙවිරත්න නොදැවී 17, චිලොයි ටි‍්‍රඔන් 46/2, මර්සියා ලොට්සොලො 36/2)

දකුණු අප‍්‍රිකානු කාන්තා පිල  ඕවර 40.1 කදී සියලූ දෙනා දැවී 156

(ටි‍්‍රෂා චෙට්ටි 15, ශන්ද්‍රි ෆිට්ෂ් 54, ඩැනි වෑන් නිකෙර්ක් 26, ශබ්නිම් ස්මයිල් 19, චමනි සෙනෙවිරත්න 35/2, ශ්‍රීපාලි වීරක්කොඩි 15/2, ශෂිකලා සිරිවර්ධන 32/4)

 



අදහස් (0)

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ද. අප‍්‍රිකාව පරදවා පස්වැනි ස්ථානය ලබති

රසිකා-ඩුබායි Friday, 15 February 2013 05:18 PM

ඉදිරිය පැහැදිලියි සොයුරියනේ. ජය ශ්‍රී!(නදී)

:       0       0

ප්‍රදීපා Friday, 15 February 2013 05:45 PM

නියමයි.(නදී)

:       0       0

කරුණාරත්න Friday, 15 February 2013 06:51 PM

සුභ පැතුම්! අපිට අනාගත බලාපොරොත්තු තියාගන්න පුළුවන්.(නදී)

:       0       0

කමල් Friday, 15 February 2013 08:37 PM

කාන්තා ක්‍රිකටි වලටත් දැන් අවස්ථාවක් දෙන්න. එයත් වෘත්තීය මටිටමට ගේන්න අවස්ථාව ඇවිත් තියෙන්නේ.(නදී)

:       0       0

රොෂාන් Friday, 15 February 2013 02:12 PM

ඔබට ජයවේවා (දී)

:       0       0

කුරුවිට Friday, 15 February 2013 09:47 PM

සැළෙන්න එපා. අනාගතයේදී ජය ලැබෙනවාමයි. (නි)

:       0       0

සුභාෂිණි Saturday, 16 February 2013 04:14 AM

ඉදිරියට යන්නට දිරිය ලැබේවා! (නි)

:       0       0

අනුර Friday, 15 February 2013 04:12 PM

මේ ව‍‍ගේම සෙල්ලම් කළා නම් සුපර් සික්ස් වලත් සෙමි ෆයිනල් හරි එනවානේ කෙල්ල‍නේ. (නි)

:       0       0

දුමින්ද Sunday, 17 February 2013 11:23 PM

මගේ සුභ පැතුම්! (දී)

:       0       0

අනුර Friday, 15 February 2013 05:05 PM

ඕක කරන්න තිබුනේ සුපිරි හය වෙද්දී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site