කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. මුම්බායිහිදී අද (05) පැවැති දිවා/රාත‍්‍රි තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 138 කින් සත්කාරක ඉන්දීය පිල පරාජය කරමින් ඵෙතිහාසික ජයක් ලැබීය. ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව මෙය වේ.
ලකුණු 283 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ප‍්‍රබල ඉන්දීය පිලට ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි.
මෙම පරාජයත් සමග ඉන්දියාව තරගාවලියෙන් ඉවතට විසිවිය. ‘ඒ’ කාණ්ඩයෙන් එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ද, ‘බී’ කාණ්ඩයෙන්
ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලැබීය.
මෙම ලකුණු 282 ක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕනෑම රටකට එරෙහිව ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. ශ්‍රී ලංකා පිල 2011 වසරේ අපේ‍්‍රල් මස 28 වැනිදා අයර්ලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 251 මීට පෙර ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකාරියන් සිවුදෙනකු අර්ධ ශතක රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ.
ඒෂානි ලොකුසූරිය නැවතත් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැුස්කරමින් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමට සමත් වූවාය.
ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය. ශ්‍රී ලංකා ඉහළතම බලාපොරොත්තුව වූ ආරම්භක පිතිකාරී චමරි අතපත්තු (04) පළමු පන්දුවට ගැසූ අලංකාර හතරේ පහරේ උණුසුම මැකී යන්නටත් පෙර පස්වැනි පන්දුවේදී දැවීගියාය.
පිතිකරු ලැයිස්තුවේ උසස්වීම් ලබමින් දීපිකා රසාංගිකා සහ යශෝධා මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 117 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ඔසවා තැබීමට සමත් වූහ. යශෝධා මෙන්ඩිස් පන්දු 80 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 55 ක් ලබාසිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වූවාය.
දීපිකා රසාංගිකා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 109 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 84 ක් රැුස්කිරීමට සමත් වූවාය. දීපිකා රසාංගිකා සහ ශෂිකලා සිරිවර්ධන තෙවැනි කඩුල්ල වෙනුවෙන් 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 67 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියාය.
ශ්
රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන ජයග‍්‍රහණයෙන් පසුව පැවසුවේ දීපිකා රසාංගිකා අංක තුන ස්ථානයේ පන්දුවට පහරදීමට කණ්ඩායම් කළමණාකාරිත්වය ගත් තීරණය පළදැරූ බවයි.
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 282 (යශෝධා මෙන්ඩිස් 55, දීපිකා රසාංගිකා 84, ශෂිකලා සිරිවර්ධන 59, ඒෂානි ලොකුසූරිය නොදැවී 56, ජුලාන් ගොස්වාමි 63/3)
ඉන්දීය කාන්තා පිල ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 144 (තිරුෂ් කාමිනි 22, මිතාලි රාජ් 20, රීමා මල්හෝත‍්‍රා 38, ජුලාන් ගොස්වාමි 22, චමනි සෙනෙවිරත්න 10/2, ශෂිකලා සිරිවර්ධන 20/2)
ඡායාරූප - අන්තර්ජාතික ක‍්‍රිකට් සභා වෙබ් අඩවිය අනුග‍්‍රහයෙන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'කාන්තා අර්ජුන' කෙනෙක් බිහිවුන ලෙස, 'කාන්තා මුරලි' කෙනෙක් බිහි වෙවාය කියා පතමි (ස)
සුභ පැතුම්! (නි)
මේ ක්‍රීඩිකාවන්ගේ සටන්කාමිත්වය හා එකමුතුකම ආදර්ශයක්. කියන්න වචන නැහැ. ඉතරු ටිකත් හොදින් ක්‍රීඩා කරන්න.(නදී)
සුභ පැතුම් කෙල්ලනේ! (නි)
හරිම සතුටුයි, ආඩම්බරයි අපේ ළමයි ටික ගැන. සුභ පැතුම් තරඟාවලියේ ඉදිරියටම යන්න! (නි)
ඔය රිදම් එකෙන්ම ඉස්සරහට යන්න. (නි)
අපේ කෙලේලෝ කප් එක දිනුවොත් කොල්ලෝ ඉවරයි. (ත)
හොදයි, හොදයි.(නදී)
අවංක උණුසුම් සුබපැතුම්. ජයෙන් ජය. (ත)
පිරිමින්ගේ උසුළු විසුළු මැද හුදකලා සටනකින් කළ මේ දේ විශිෂ්ටයි. (නි)
කුසලානය නැතත් කමක් නැහැ. ඉන්දියාවට ගහපු එක නම් නියමයි. (නි)
කෙල්ලනේ, අවංකවම අපෙන් සුභ පැතුම්! (නි)
පහුගිය දවස්වල කාන්තා ක්‍රිකට් බලලා එපා වෙලයි තිබුනේ. මෙහෙම ගියොත් දිනුම අතේ.(නදී)
සෑම සාර්ථක පිරිමියෙක් පසුපසම ගැහැණියක් සිටී. (නි)
මුස්ලිම් ජාතික යුවතියන්ටත් ක්‍රීඩා කරන්න ඉඩ දෙනවානම් ඔවුනුත් අපේ රට නියෝජනය කරාවි (ස) (ස)
ඔබ සියලු දෙනාට අපේ ගෞරවය (දී)
මගේ ප්‍රියතම සහ කරන එකම ක්‍රිඩාව ක්‍රිකට්. අපේ කෙල්ලො ටික මෙවර අනිවාර්යෙන් කප් එක ගේනවා. (නි)
අපිට මේ කණ්ඩායම අපේ පිරිමි තරග වලටත් යවන්න බැරිද? (නි)
මගෙන් සුභ පැතුම්.(නදී)
සමගිය බලය වේ. මගේ සුභ පැතුම්. මෙන්න ක‍්‍රිකට්! චමරී ඉක්මනින් දැවීගියත් අනිත් අය ඒ පාඩුව මකා තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියා. (නි)
සුභ පැතුම්! අපේ ප්‍රභෝධනී කෙල්ලගේ ඉන් ස්වින්ග් පන්දුවෙන් හොඳට පන්දුවට නෙලමින් හිටි රාජ් බැමිනිව දවා ගැනීමත්, අපේ විකට් රකින කෙල්ල, ස්ලිප් ඉන්න තැනට ආපු වේග උඩ පන්දුව, හරහට උඩ පැනලා අල්ලපු හැටිත්, අපේ කවුශල්‍යා කෙල්ලගේගේ පන්දු 30 ට 6 පහරවල් 3ක් සමග නෙලපු 50 හැටිත්, නායකයා ඇතුළු අනිත් කෙල්ලෝ දෙන්නගේ 50ත් අපුරුයි. (නි)
දියණියනි, තෙරුවන් සරණින් දිගු ගමණකට ශක්තිය ලැබේවා. (ත)
අපේ කෙල්ලො ටික අපේ කොල්ලන්ට දීලා තියෙන්නේ මාර අභියෝගයක්. (නි)
ගේන්න.. ගේන්න.. කප් එක ගේන්න. (ත)
කප් එක ගන්න වාසනාව ශක්තිය ලැබේවා! (නි)
කප් එක ගන්න ශක්තිය වාසනාව ලැබේවා. (ත)
කෞශල්‍යා හරියට අපේ අරවින්දගේ නංගි වගෙයිනේ. කුසලානය කොහොමහරි ගේන්න. (නි)
ඔබ සැමට සුබ පැතුම් (දී)
ඔබට සුබපැතුම්. (ත)
අපිට ඔබලා ගැන ආඩම්බරයි. (නි)
අපේ රටට ලෝක කුසලානය ගෙනඒමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ඔබ සියලු දෙනාටම එකසේ ලැබේවා! (නි)
ජය වේවා! (නි)
ආඩම්බරයි අප්පා අවංකවම ආඩම්බරයි ...ඔහොම යන් ....(ස)
නියමා..යි. මේක නම් අපි දිනනවා. කප් එක ගේන්න කොහොමහරි සොයුරියනේ. (නි)
ඔබලාට ජය වේවා !! (ස)
මැච් එක බලන්න ජනාධිපතිතුමාත් යන්න එපායැ.(නදී)
ඕපන් ගැන්ග්නම් ස්ටයිල්. අපේ අක්කලාට ජයෙන් ජය.(නදී)
මේක නම් ඇත්තටම අගය කළ යුතුයි. ඉන්දියාව පරාජය කරන්න අපේ පිරිමි කට්ටියට අමාරුයි.(නදී)
ලංකාවේ කෙල්ලන්ට ජය වේවා ! (ස)
නියමයි.(නදී)
කාන්තා ක්‍රිකට් මැච් බලද්දි හිත එහේ මෙහේ යනවා. එක දිගට බලන්න බෑ (ස)
අම්මට සිරි අපේ කෙල්ලො ටිකට ගිය කල. දැන්නම් හොදටම පෝම් වෙලා වගේ. මට නම් පේන්නේ මේ පාර නම් කුසලානය අරගෙනම තමයි එන්නේ.(නදී)
අපේ සොයුරියනි, හරිම සතුටුයි. උණුසුම් සුබ පැතුම්. ඉදිරි මැච් වලටත් ශක්තිය හා ධෛර්‍යය (ස)
දැන්නම් මැච් එක දිනුමි වගේ. මම පන්දුවෙන් පන්දුවට මැචි එක බලාගෙන ඉන්නේ. අපේ කෙල්ලෝ ටිකට සුභ අනාගතයක්.(නදී)
නියමයි(ස)
හුරේ!, හුරේ! අපේ කෙල්ලො එහෙනම් ඉන්දියාවට දුන්න බැටේ. ඔන්න ඔහොම ලමයිනේ ඉන්න ඕනේ. අපිට තොචිචර ආඩමිබරද ඔයාලගේ වැඩ ගැන.(නදී)
මේ දවස් වල අපේ බිරියත් ගෙදර වැඩක් කරන්නෙම නැහැ. (නි)
ඇත්තටම ඔය මැච් එක මමත් බැළුවා. අපේ කෙල්ලො ටික හොදට සෙල්ලම් කලා. මගෙන් සුභ පැතුම්.(නදී)
ඇත්තටම මේ ඉශානි කෞශල්‍යා දැරිවි අපේ පිරිමි කාණ්ඩායමටත් හොඳයි වගේ. (ත)
ජය වේවා සහෝදරියනි (ස)
ඔබ සැමට සුබ පැතුම් (ස)
ලංකා පුතුන්ට කරන්න බැරි දේවල් අපේ වීර දරුවන් කලා. ඉතාම ආඩම්බරයි.(නදී)
මුලු හදින්ම සුභපැතුම් අපේ දයාබර ලක් දියණිවරුන්ට - (ස)