ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය (2013/2014) ලබන මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. උපාලි ධර්මදාස මහතාගේ සහභාගිත්වයෙන් යුත් ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන නිලධාරී මණ්ඩලයේ නිල කාලය මෙම මස මුලදී අවසන් විය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඊළග නිලවරණයේදී සභාපති ධූරයට ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ වසර කීපයක් කටයුතු කළ නිලධාරියකු ඉදිරිපත්වීමේ සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි අර්ජුන රණතුංග මහතාට ද නිලවරණයට ඉදිරිපත් වන ලෙස ක‍්‍රීඩා සමාජ කීපයක් ආරාධනා කර ඇති බව ද දැනගන්නට ඇති අතර ඒ මහතා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ප‍්‍රබල නිලධාරියකුට සම්බන්ධ පාර්ශවයක් සමග එකතුව නිලවරණයට ඉදිරිපත්විමේ සූදානමක් පවතින බව ද වැඩි දුරටත් වාර්තා වේ.
ක‍්‍රිකට් නිලවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස පසුගියදා පැවැති විශේෂ රැස්වීමකදී ඉහළ දේශපාලන බලධාරියකුගෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට උපදෙස් ලැබී ඇති බව ද කියවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන මහත්තයා ආවා නම් ක්‍රිකට් දියුණු වේවි. (නි)
අර්ජුන තමයි සුදුසු. කෙලින් වැඩ කරන දක්ෂ පුද්ගලයෝ රටේ නිලතලවලට පත් විය යුතුයි. ආශ්චර්යේ සිහිනය බොඳ කරන්නේ අනුවන දූෂිත පිරිස් බව නායකත්වයට වැටහේවා!(ස)
අර්ජුන ඔබ එන්න . අපිත් ඔබ සමඟයි (ස)
ක්‍රීඩාවට හොදක් වෙයිද?
සේවයක් කරන්න පුළුවන් කෙනෙකු පත් වේවා (දී)
ක්‍රීඩාවට හොදක් කරන්න (දී)
අර්ජුන තමයි සුදුසුම. (නි)
අර්ජුන අනිවාර්‍යයෙන්ම ඇවිත් දිනන්න ඕනි (ස)
අර්ජුන රට ගැන සිතා වැඩ කරන්න ...දේශපාලනය ඈදා ගන්න එපා (ස)
ක්රිකට් වල හැමදාම චන්ද (දී)