ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ වාර්ෂික ගෙවීම් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙවර වාර්ෂික ගිවිසුමේ ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩිකාවන් සිවුදෙනාට මාසිකව රුපියල් 50,000 ක් බැගින් ගෙවීමට යෝජනා වී තිබෙන බව දැනගන්නට ඇත.
ක‍්‍රීඩිකාවන් 20 දෙනකු ගිවිසුමට ඇතුළත් කිරීමට යෝජනා වී ඇති අතර ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩිකාවන් හත් දෙනාට රුපියල් 40,000 බැගින් ද, ‘සී’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩිකාවන් 9 දෙනාට රුපියල් 35,000 බැගින් ද, මාසිකව ගෙවීමට නියමිතය.
මෙම වන ගිවිසුම මේ 2013 ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බල පැවැත්වේ.
පසුගිය වසරේ වාර්ෂික ගිවිසුම අනුව ඒ, බී සහ සී කාණ්ඩවලට පිළිවළින් රුපියල් 35,000 ක්, 30,000 ක් සහ 20,000 ක් ලෙස ගෙවීම් කළේය.
මෙවර ‘ඒ’ කාණ්ඩයට ශෂිකලා සිරිවර්ධන, දීපිකා රසාංගිකා, ඒෂානි ලොකුසූරිය සහ චමනි සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවෝ ඇතුළත්ව සිටිති.
ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් පෙරළිකාර කණ්ඩායම බවට පත්වීමෙන් පසු ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩි කරන ලෙස කණ්ඩායම් කළමණාකරු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු කමිටු සභාපති ඒ. ආර්. එම්. අරූස් මහතා ඉල්ලීමක් කර තිබූ බව ද වාර්තා වේ.
වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩිකාවෝ
‘ඒ’ කාණ්ඩය:
ශෂිකලා සිරිවර්ධන, දීපිකා රසාංගිකා, ඒෂානි ලොකුසූරිය සහ චමනි සෙනෙවිරත්න,
‘බී’ කාණ්ඩය:
ඩිලානි මනෝදර, ශ්‍රීපාලි වීරක්කොඩි, සඳමාලි දොළවත්ත, චමරි අතපත්තු, උදේෂිකා ප‍්‍රබෝදනී, යශෝධා මෙන්ඩිස් සහ ඉනෝකා රණවීර
‘සී’ කාණ්ඩය:
ලසන්ති මධුෂානි, ප‍්‍රසාදිනී වීරක්කොඩි, ඕෂදී රණසිංහ, ෂෙරීනා රවිකුමාර්, නිපුනි හංසිකා, නිලක්‍ෂි සිල්වා, චමරි පොල්ගම්පොළ, රංගිකා ප‍්‍රනාන්දු සහ දර්ශනි ධර්මසිරි
(ඡයාරූපය : ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු නොගැහුව්වත් විකට් නොගත්තත් දොලවත්ත ඉන්නවා.(නදී)
මේ ගාන නම් මදි. ජ්‍යෙෂ්ටයින්ට 75000/= ක් වත් ගෙවන්න. අනික් අයට 60000/= ත් වත් ගෙවන්න. කතාවක් තියෙනවා සිංහයෝ ගෙන්වාගන්න ඕනානම් මස් දෙන්න කියලා. කඩල විසිකලොත් එන්නේ වදුරෝ තමයි.(නදී)
මේ හොදටම මදි. (නි)
ඇති යන්තම් මේ තරමින් හරි ඒ දරුවන්ගේ කැපවීම අගය කළ එක.(නදී)
මදි... මදි... (ස)
ඇත්තටම හොඳ තීරණයක් (ස)
පිරිමි ක්‍රීඩකයන්ට ගෙවන ගනන් බැලුවම රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අක්කලා නංගිලාට ගෙවන ගාන හොඳටම මදි. මෙයාලාට එදිනෙදා අවශ්‍යතා වලට ප්‍රමාණවත් මුදලක් දෙන්න (ස)
අපිට සතුටුයි. (නි)
අද රටේ තත්ත්වය හැටියට මේ වගේ දෙගුණයක්වත් ගෙවන්න ඕනෑ. (නි)
තිබුණු ගෙවීමේ හැටියට නම් මේක ටිකක් හොඳ වර්ධනයක්. ලංකාවේ කාන්තා ක්‍රිකට් වලට යායුතු දුර යන්න ශක්තිය ලැබේවා...! (ස)
මේ නංගිලා මේ දක්වපු දක්ෂතාවයට මේ මුදල මදි. අඩුම තරමේ මරුතියක් වක් ගෙන්න ගන්න වාහන බලපත්‍රයක් දෙන්න වටිනවා. ක්‍රීඩා ඇමතිතුමනි, මේ ගැන අවදානය යොමු කරන්න.(නදී)
කැපවීමකින් කටයුතු කරන ඒ නංගිලාට හොද ගෙවීමක් කරලා, මානසික මට්ටම හොද තත්ත්වයක තිබ්බොත් තමයි හොදට සෙල්ලම් කරන්න වුණත් පුලුවන් වෙන්නේ. (නි)
දැන් කාලේ ජීවත් වෙන්න මෙය පමණක් ප්‍රමාණවද්ද? (නි)
සැමදා මැච් පරදින පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින්ව ගෙදර යවල කාන්තා ක්‍රීඩිකාවන්ගේ පඩි වැඩි කරන්න. (ස)