ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළ නැංවීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම් හිරන්ත පෙරේරා මහතා පැවසීය.
දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය 22 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (20) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී එහි උප ලේකම් හිරන්ත පෙරේරා මහතා මෙසේ ද පැවසීය.
‘‘ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් අනිවාර්යෙන් වැඩි කරනවා. අපි ක‍්‍රීඩිකාවන්ට ගෙවීම් කිරීම මේ වසරේ ආරම්භ කළා, එම ගෙවීම් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි විධායක කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡ කරනවා.’’
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ට එක්දින තරගයකට රුපියල් 12,000 ක ද, විස්සයි20 තරගයකට රුපියල් 5,000 ක ද ලෙස ඉතාමත් අඩු මුදලක් ගෙවන අතර මෙම ගෙවීම් පිළිබඳව පසුගිය දින කීපයේ දැඩි කථා බහක් ඇති විය.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
ශෂිකලා මාධ්‍ය හමුව අමතමින්... පුහුණුකරු හර්ෂ ද සිල්වා සහ ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම් හිරන්ත පෙරේරා යන මහත්වරු ද (වමේ) මෙහි වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතය ජයගන්න ඕනේ නම් පොඩිකාලේ ඉදලාම ක්‍රිකට් පුරුදු කරන්න ඕනේ (දී)
අන්න වැඩ (දී)
ගාණ නම් බොහොම මදි. (නි)