IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් අනිවාර්යෙන් වැඩි කරනවා

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළ නැංවීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම් හිරන්ත පෙරේරා මහතා පැවසීය.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය 22 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (20) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී එහි උප ලේකම් හිරන්ත පෙරේරා මහතා මෙසේ ද පැවසීය.

‘‘ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් අනිවාර්යෙන් වැඩි කරනවා. අපි ක‍්‍රීඩිකාවන්ට ගෙවීම් කිරීම මේ වසරේ ආරම්භ කළා, එම ගෙවීම් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි විධායක කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡ කරනවා.’’

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ට එක්දින තරගයකට රුපියල් 12,000 ක ද, විස්සයි20 තරගයකට රුපියල් 5,000 ක ද ලෙස ඉතාමත් අඩු මුදලක් ගෙවන අතර මෙම ගෙවීම් පිළිබඳව පසුගිය දින කීපයේ දැඩි කථා බහක් ඇති විය.  

(ඡයාරූපය: ශාන්ත රත්නායක)  
ශෂිකලා මාධ්‍ය හමුව අමතමින්... පුහුණුකරු හර්ෂ ද සිල්වා සහ ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම් හිරන්ත පෙරේරා යන මහත්වරු ද (වමේ) මෙහි වෙති.


 

 



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් අනිවාර්යෙන් වැඩි කරනවා

සුභා Thursday, 21 February 2013 11:05 AM

ජීවිතය ජයගන්න ඕනේ නම් පොඩිකාලේ ඉදලාම ක්‍රිකට් පුරුදු කරන්න ඕනේ (දී)

:       0       0

වරුණ Thursday, 21 February 2013 08:45 AM

අන්න වැඩ (දී)

:       0       0

තුෂාර Wednesday, 20 February 2013 09:35 PM

ගාණ නම් බොහොම මදි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site