ඉන්දියාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල පෙරේදා (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු පුහුණු තරගය මුම්බායිහිදී අද (28) ඉන්දීය කී‍්‍රඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමකට එරෙහිව පැවැත්වේ. දෙවැනි පුහුණු තරගය හෙට (29 වැනිදා) දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පැවැත්වීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය පෙබරවාරි මස 1 වැනිදා එංගලන්ත පිලට එරෙහිව මුම්බායිහි සී. සී. අයි. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරුල දිනන්න ඔබට හැකි වේවා (දී)
ඔබ සියලු දෙනාට සුබ පැතුම් (දී)