ශ්රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ‘ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය අද (03) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. එංගලන්ත ‘ඒ’ පිල 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදීසිටීම නිසා ශ්‍රී ලංකා පිල අවසන් තරගය දක්වා තරගාවලියේ රැුදී සිටීමට නම් අද තරගය ජය ලැබිය යුතුය. මෙම තරගය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා පැවසුවේ තරගාවලිය දෙස බැලීමේදී මෙම තරගය වැදගත් වුව ද, ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වඩා වැදගත් බවයි. ‘‘අපේ කණ්ඩායමේ ප‍්‍රශ්නයක් තිබුණේ පන්දු යැවීමේ, මේ වන විට අපි පන්දු යවන්නන්ට අවශ්‍ය උපදෙස් ලබාදී හොඳ තත්ත්වයට ගෙනත් තියෙනවා. අවසන් කණ්ඩායම අද (02) පස්වරුවේ පැවැත්වෙන රැස්වීමෙන් පසුව තීරණය කරනවා’’ යැයි කළුවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය. දෙවැනි තරගයේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් තරගයක තහනමකට ලක්ව සිටි කෝසල කුලසේකර අද තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා ‘ඒ’ පිලට අද තරගය තීරණාත්මකයි