ඕස්ටේ‍්‍රලියාව එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙල්බන්හිදී අද (28) පැවැති දෙවැනි සහ අවසන් විස්සයි2-0 තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 3 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) තියුණු ජයක් ලැබූහ.
වර්ෂාව නිසා අත්හිටුවා තිබූ තරගය නැවත ආරම්භ වන විට ඕස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 15 කදී ලකුණු 122 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර රැුස්කළ හැකි වූයේ ලකුණු 119 ක් පමණි.
ලකුණු 162 ක ඉලක්කය හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 10 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීය. එම අවස්ථාවේ තරගය අතහැර දැමුවේ නම් ශ්‍රී ලංකාවට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 15 ක ජයක් හිමිවීමේ අවස්ථාව තිබුණි.
තරගය නැවත ආරම්භ වීමෙන් පසුව මහේල අවස්ථා කීපයකදීම ක‍්‍රීඩාංගණයේ තෙත බරිත තත්ත්වය පිළිබඳව පෙන්වූ අතර මහේල සහ මාලිංග ක‍්‍රීඩාංගණය තුළ ලිස්සා යන ආකාරය දැකගත හැකි විය.
තිසර පෙරේරා යැවූ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට ඕස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රහණය සඳහා ලකුණු 4 ක් රැස්කිරීමට සිදුවුවද ග්ලෙන් මැක්ස්වෙල්ට ලකුණු රැස්කිරීමට නොහැකි විය.
මහේල, මැතිව්ස්, තිසර සහ මාලිංග අවසන් පන්දුවට යැවීමට සාකච්ඡුා කරමින් සිටියදී ග්ලෙන් මැක්වෙල් කළ ප‍්‍රකාශකයකට මහේල සහ මැතිව්ස් ප‍්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව ක‍්‍රීඩාංගණය තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය. තරගය අවසන් වීමෙන් පසුව අවස්ථා කීපයකදීම දෙපිලේ ක‍්‍රීඩකයෙන් අතර වචන හුවමාරු වූ ආකාරය දැකගත හැකිවිය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 161
(කුසල් ජනිත් 15, මහේල ජයවර්ධන නොදැවී 61, ජීවන් මෙන්ඩිස් 25, තිසර පෙරේරා නොදැවී 35)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 15 කදී කඩුලූ 3 ට 119
(ෂෝන් මාෂ් නොදැවී 47, ජෝජ් බේලි 45)
ඡයාරූප:
1. තිසර පෙරේරා අවසන් පන්දුව යැවීමෙන් පසු..
2. මහේල සහ මැක්ස්වෙල් අතර උණුසුම් වචන හුවමාරුවක්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතල අවන්කවම කටයුතු කරනවා නම් නියම සුදුස්සෝ කණ්ඩායම තුළට එවි.එහෙම වුනොත් රටත්,කණ්ඩායමත්,නව සභපති ඇතුළු නිලධාරී මණ්ඩලයම දිනුම්.මොන තරාතිරමක හිටියත් සුදුස්සාට සුදුසු තැන දෙන්න සනත් සහෝ. එවිට ජය නියතයි, ඔබත් ගොඩයි . (අ)
කාලෙකට පස්සේ ලංකාවෙ වැඩක්.. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අපිව පෙන්නන්න බැරිවඇති. මෙයාලා එදා ඉදන්ම කලේ මානසිකව වට්ටලා තරග දිනන්න තමයි.. ඉස්සරහටත් එහෙම තමයි..!(නු)
කවුරු මොනවා කිව්වත් අපේ කොල්ලෝ විශිෂ්ඨයි (ස)
මහේල තමන්ගෙ කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් නැගී සිටින විශිෂ්ට ක්‍රීඩකයෙක්...ජයග්‍රහණයට හේතු වූ ඔහුගේ ඉනිම අති විශිෂ්ටයි. (ස)
කවුරු මොනවා කිව්වත් ඕස්ට්‍රේලියා කණ්ඩායම විශිෂ්ඨයි (ස)
මෙයාලට පරාජය උහුලන්න බැහැ (ස)
පට්ට පට පට පාන් කෑවොත් ඔහොම තාම (ස)
පට්ට පට පට (ස)
ඔව් ෆෙරොස් විශිෂ්ඨයි තමයි....ඒ විශිෂ්ඨත්වය නිසා ඔලුව ඉදිමිලා නිසා අපෙ කොල්ලොන්ගෙන් පිට පිටම ලැබුන පස් වෙනි 20-20 පරාජය නිසාත්,තරඟාවලිය 2-0 පැරදුන නිසාත් දරාගැනීමේ හැකියාව ගිලිහී ගියා. ඔව් විශිෂ්ඨ ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට පත්කල ලොව අංක එකේ 20-20 කණ්ඩායම බවට පැමිණි අපේ කණ්ඩායම අතිවිශිෂ්ඨයි නේද? (ස)
ඕස්ට්‍රේලියානුවන්ගේ මානසිකත්වය ගැන අපි ගොඩක් කලෙක පටන් දන්න නිසා මේවට ඒ තරම් කලබල විය යුතු නැහැ.. මහේල උනත් කියන්නේ මේ මානිසකත්වයට කණ්ඩායමේ දක්ෂතාවලට බලපෑම් කළ නොකර ආරක්ෂා කරන එකයි..!(නු)
ඕස්ට්‍රේලියාවට ගියෙත් ඔහොම්මමයි .(ස)
ඒක එයාලගේ හැටියක් විදියට ගනන් ගන්නන දෙයක් නෙමෙයි. පැරදීගෙන එනකොට මොකක්හරි කියලා අනිත් අයව මානසික වට්ටලා එයාලා දින්නයි බලන්නේ.. එයාලා හිතාගෙන ඉන්නේ එයාලාට විතරයි ක්‍රිකට් ගහන්න පුළුවං කියලා.. පවු තමයි.,!(නු)
සනත් පහ නෙමෙයි හයවෙනි පරාජය..!(නු)
අර හතර ගැහුවානම් මෙහෙම බාල්දි පෙරලයිද?(නු)
අපි අපේ රටේ ක්‍රිකට් ගැන ආඩම්බර වෙන අතර නැගී එන නවක තරු හැම විටම් දිරිමත වෙන පරිදි කටයුතු කිරීම තමයි අපේ වගකීම වන්නේ.එහෙම නැතිව ක්‍රීඩකයින් කලකිරවන පරිදි කතා කිරීම හොඳ නැහැ. හැමවිටම ක්‍රීඩකයින් දිරිමත් කිරීම තමයි ඔවුන්ගේ ශක්තිය . (ස)
කනකොට ටිකක් ඇගට අමාරුයිනේ.. ජය වේවා.!(නු)
හරි නම් ලකුණු තුනකින් නෙවෙයි ලකුණු පහකින් අපි දිනුම් මොකද තිසර මිඩ් විච්කෙට් වලින් ගහපු පාරට ලකුණු හයයි . එක හරියටම වැදුනේ හතරේ සීමාවේ . ඒ වගේ ඒවා නැවත නැවත දල එයාලා වැඩිය පෙන්නන්නේ නෑ . ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි විස්තර විචාරකයොත් එහෙම තමයි . අපේ අය දැවීයද්දි සද්දේ වැඩියි, හයේ ඒවා ගහද්දි සද්දේ අඩුයි . එත් ඒගොල්ලන්ගේ ය අවුට් වෙද්දී සද්දේ අඩුයි , හයේ ඒවා ගහද්දි සද්දේ වැඩියි . මේ තරගාවලිය බලද්දී මම හොදින් දැක්ක දෙයක් තමි එක . ( ඔය කෑ ගහපු ඕස්ට්‍රේලියා ක්‍රීඩකය අපේ අයගෙන් සමාව ගත්ත කියල ට්විටර් වෙබ් එකේ දල තියනවලු නේද ? අපේ ක්‍රීඩකයෝ හිටපු ක්‍රීඩාගාරයට ගිහිල්ලම අපේ අයගෙන් සමාව ගත්තා කියන්නේ නැතුව කලබල නොවී අන්තිම පන්දුවට මුන දුන්න නම් එයට සමහරවිට දින ගන්නත් තිබ්බ හතරක් ගහල )(නු)
සුභපැතුම් (දී)
ටෝනි, ඔබ එදා මෙල්බර්න් පිටියේ සිටියා නම්... ඔබ නැති පාඩුව කෙසේ නම් පිරිමැසේද ? ඔබගේ වියෝව තාමත් මා වේදනාවෙන් පෙළනු ලබයි. (නි)
මහේල හරියටම උත්තර දුන්නා මොකද මෙයාලා දන්නෙ එකම සහ හොදම භාෂාව මෙය නිසා ඉතාම හොදයි මහේල..!(නු)
පාඩුවේ ඉන්න සිංහයෝ අවුස්සාගෙන, කැන්ගරුවන් දැන් කෑගහනවා. හේරත් මහත්මයා, මහේල අයියා, එයාලට තේරෙන භාෂාව මේක තමා. විශිෂ්ටයි !! (නි)
අපේ කොල්ලෝ එහෙම තමයි (දී)
බලාගෙන ඉන්න බැහැ, එකනේ අන්තිමේ රන්ඩු උනේ (දී)
අපේ සිංහයෝ නියමයි. (නි)
අපේ කොල්ලෝ කොහේ ගියත් දිනනවා (දී)
අප කොල්ලන්ට ජය (වේවා දී)
අනෙක් කට්ටියට අපේ දිනුම දිරවාගන්න බැරි වුණාට ටෝනි හිටියා නම් කියලා වැඩක් නැහැ. (නි)
ජයවේවා. ජයවේවා (දී)
මම හැමදාමත් ඔයාලව විශ්වාස කරනවා. ඔයාලා තමයි මගේ හදගැස්ම. (නි)
නියමයි මගේ වීර කොල්ලෝ.... (නි)
තිසර ඔයා ඉගිල්ලෙන් උත්සාහ කරනවාද?(නු)
දැන් මේකත් ජිනීවා එකට දායිද දන්නෙ නැහැ. (නි)
ලෝකෙ ජීවත්වෙන්න හොදම දෙවැනි රට උනාට පරදිනන් කැමති නැහැ..විශේෂයෙන්ම කාන්තාවන්ට.. ඔවුන්ට ඊළග තරග තියෙන්නේ දකුණු අප්‍රිකාවත් එක්ක.. මොනවා කරගනීද කදන්නෙ නැහැ..!(නු)
ක්‍රීඩාව තුළදී ඇතිවන වචන හුවමාරු එතැනදීම අවසන් වියයුතු බවත් මතකතබා ගන්න. (නි)
පහුගිය පරාජයවල් උහුලන්න බැරුව වෙන්න ඇති. (නි)
කාගෙන් බේරුණත් දිල්ෂාන්ගෙන් බේරෙනවා බොරු මේ පාර. ජයවේවා ශ්‍රී ලංකා! (නි)
නායකයා වුණත් නොවුණත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගෙන් කණ්ඩායමට ඉටුවිය යුතු යුතුකම් මහේල මැනවින් ඉටුකරනවා. (නි)
අපේ කණ්ඩායමට ජය වේවා! (නි)
චීනෙටයි, රුසියාවටයි පැරදුනත් කමක් නැහැ, ඕස්ට්‍රේලියාවටයි, ඉන්දියාවටයි ගහලා. (නි)
තිසර සහ මහේල තමයි අපේ ජයග්‍රහණයට හේතුව. (නි)
අපි සැමදා ඔබ සමගයි. ජය වේවා! (නි)
කොහොමත් ඕස්ට්‍රේලියානු අය පරදිනකොට මොකක්හරි දෙයක් කරනවාමයි..!(නු)
ක්රිකට් කියන්නේ මහත්ම ක්‍රීඩාවක්.. ඒ ගැන ඕස්ට්‍රේලියාවේ අයට තවම අවබෝධයක් නැති පාටයි.,!(නු)
ගොඩක් ගොඩක් සතුටුයි..!(නු)
අපේ අසල්වැසි අය අද කිසිම කතාවක් නැහැ..!(නු)
ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදින හැමවිටම මොකක්හරි වැරැද්දක් දක්වලා ප්‍රශ්නයක් අදිනවාම තමයි. (නි)
වැස්ස නිසා හොදයි. (නි)
අපේ අය පරදිනකොට බනිනවා . දිනනකොට වීරයෝ කරනවා. කොහොමත් ලංකාවේ කොල්ලේ වීරයෝ තමයි (ස)
සුභ පැතුම්! (නි)
කණ්ඩායම වෙනුවෙන් නැගී සිටීම ගැන මහේලට , ඇන්ජලෝට අපේ ප්‍රණාමය (ස)
එක නං ඇත්ත තමා පහන්, ඉන්දියාවටත් වෙලාවක මේ වගේම දෙන්න තියෙන්නේ (ස)
පහන් ඔබ හරියටම හරි (ස)
ලංකාවේ කණ්ඩායම මොන තරගයක් සෙල්ලම් කළත් ලෝකයම බලන්නේ ආසාවෙන්. (නි)
ක්රිකට් වල පළවෙනි පාඩම අද මහේලගෙන් ඉගෙන ගත්තද ? (ස)
නියමයි.. සුභපැතුම්.. හැබැයි කුණුහරප භාවිතය නම් හොද නැහැ.. හැසිරීම මහත්මාගතියෙන් තියෙන්න ඕන.. මොකද මේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්..!(නු)
පහන් ඔබ හර්‍ර ඹිස්ටෙලියාවටයි ඉන්දීයාවටයි පරදින්න බැහැ.(නු)
සුදුමහත්තුරුන්ට කොහොමත් රිදෙනවා අපේ කොල්ලන්ට පරදිනකොට.. නියමයි ලංකා.. (නු)
ශ්රී ලංකා පිලට ජය වේවා (ස)
අපි තමයි සිංහයෝ ..... දිනුවත් පැරදුනත් ඒකේ වෙනසක් නෑ (ස)