ශ්රී පාද පද්මය වන්දනා කිරීමට ලක්ෂ හතරකට වැඩි සෙනඟක් සෙනසුරාදා (23) පැමිණි බව නුවර එළිය දිසාපති ඩී පී ඊ කුමාරසිංහ මහතා කියයි.
වාහන පෝලිම කිලෝමීටර් 20ක් දක්වා දික්වී තිබිණි. නල්ලතන්නිය- මස්කෙළිය දෙසින් එම වාහන දක්නට ලැබිණි.
වැඩිම සෙනඟ පැමිණ ඇත්තේ හැටන් මාර්ගයේය.
නල්ලතන්නියේදී වන්දනාකරුවකු මිය ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුව්න්ගේ අදහස ගොඩක් වටිනවා. හෙටදවසේ රටට ඉතිරිවෙන එකම සම්පත සුන්දර පරිසරය. එය රැකගැනීම රටවැසියන්ගේ යුතුකමයි...(ස)
"දැන් ඉතින් බුදු සරණ මිස අන් සරණක් නැත" යන්න පැහැදිලියි....(ස)
සුමනා සමන් දෙවි පිහිට ලැබේවා (දී)
සාධු....සාධු....සාධු....(දී)
දකිනවිටත් සිතට ලොකු සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. (නි)
මේතරම් ජන ගඟක් සිරිපතුල වන්දනා කිරීමෙන් රටට යහපතක්ම වේවා...!! සාදු !සාදු ! සාදු! (ස)
හරිම සතුටුයි, සියලු දෙනාට බුදු සරණයි.(නදී)
කිතුල්ගල මිනිසුන්ගේ අතමිට හොඳට සරු ඇති... (ස)
වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි...! (ස)
එහෙම කිවුව මේ අක්කට සම්මා සම්බුදු සරනයි ....!!!!(ස)
සියළු දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි ! (ස)
ලොකු උදවිය වන්දනා මාන කරන්න ඉන්දියාවට යන එකේ, අපේ රටේ තියෙන ලෝකප්‍රසිද්ද ශ්‍රී පාදයත් වැඳ පුදා ගන්න....(ස)
මේ තරම් සැදැහැවත්තු ඉන්න රටේ සුළු පිරිසක් කරන දරුණු අපරාධ වලට අපිම කමිපා විය යුතුයි!!(ස)
සමනල කන්ද කියන්නේ ලෝකයේ තියන මිලකළ නොහැකි පරිසර පද්දතියක්.සමනල කන්දටම අවේනික ශාක සහ සත්ව විශේෂ ගොඩක් තියනවා.පොලිතින් එහෙම ගෙනියන් නැතුව ඉන්න එක තමයි ගොඩක් හොද. මොකද එක්කෙනා එක ටොපි කොලේ ගානේ දැම්මත් ටොපි කොළ ලක්ෂ හතරක් එකතුවෙනවා. සිරිපාදේ යන බැතිමතුන් එය විනාශ නොකරයි කියල අපි ප්‍රර්ථනා කරනවා.(ස)