ශාන්ත සෙබස්තියන් සහ ශාන්ත ඇලෝසියස් විද්‍යාල අතර මොරටුවේදී පැවති අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් මුල් ඉනිමේ ජයක් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දකුණතින් දඟ පන්දු යවන කී‍්‍රඩක නිමේෂ් ප‍්‍රනාන්දු සහ වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක ඉසුරු මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 12 කට කඩුලූ 5 ක් සහ ලකුණු 16 කට කඩුලූ 5 බැගින් දවාගත්හ.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 148
(මුදිත ප‍්‍රනාන්දු 22, අනුක් ප‍්‍රනාන්දු 18, සචින්ත ෆොන්සේකා 18, කුෂල් එදුස්සූරිය නොදැවී 50, ආර්. ධනංජය 24/2, සී. කුමාර 32/2)
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 78
(ඞී. එ. ගිම්හාන් 21, එ. සමරකෝන් 15, නිමේෂ් ප‍්‍රනාන්දු 12/5, ඉසුරු මෙන්ඩිස් 16/5)
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - දෙවන ඉනිම කඩුලු 2 ක් දැවී 23
(අනුෂ්ක පෙරේරා නොදැවී 15)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙබා කොල්ලන්ට ජය වේවා ! අහන්න දෙයක් නැහැ, මොරටුවේ කොල්ලොනේ. (නි)