කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී අද ආරම්භ වූ සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිල විසින් මලියදේව විදුහල පරදවා ලකුණු 50-0 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.

ශාන්ත පීතර කී‍්‍රඩකයන් මෙම විශාල ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ විනාඩි 14 ක් තරම් සුළු කාලයකදීය.

අද (16 වැනි සෙනසුරාදා) පැවැති තරග ප‍්‍රතිඵල

  • මහනුවර ධර්මරාජ විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල පරදවා ජය ලැබීය. (29-00)
  • කොළඹ රාජකීය විදුහල විසින් පානදුර රාජකීය විදුහල පරදවා ජය ලැබීය. (43-00)
  • කොළඹ ශාන්ත පීතර විදුහල විසින් කුරුණෑගල මලියදේව විදුහල පරදවා ජය ලැබීය. (50-00)
  • මහනුවර ති‍්‍රත්ව විදුහල විසින් පන්නිපිටිය ධර්මපාල විදුහල පරදවා ජය ලැබීය. (34-00)
  • ඞී. එස්. සේනානායක විදුහල විසින් පිලියන්දල මධ්‍ය විදුහල පරදවා ජය ලැබීය. (31-15)
  • කොළඹ නාලන්දා විදුහල විසින් ගල්කිස්ස විද්‍යා විදුහල පරදවා ජය ලැබීය. (12-07)
  • මහනුවර කිංස්වුඞ් විදුහල විසින් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල පරදවා ජය ලැබීය. (31-00)
  • කොළඹ වෙස්ලි විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල පරදවා ජය ලැබීය. (33-07)
  • කොළඹ මහානාම විදුහල විසින් පානදුර රාජකිය විදුහල පරදවා ජය ලැබීය. (17-00)
  • කොළඹ ලූම්බිණී විදුහල විසින් කුරුණෑගල මලියදේව විදුහල පරදවා ජය ලැබීය. (35-00)
  • සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල විසින් පන්නිපිටිය ධර්මපාල විදුහල පරදවා ජය ලැබීය. (19-00)
  • පිලියන්දල මධ්‍ය විදුහල විසින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරදවා ජය ලැබීය. (26-14)
  • මොරටුව වේල්ස් කුමර විදුහල විසින් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල පරදවා ජය ලැබීය. (21-17)
  • පන්නිපිටිය ධර්මපාල විදුහල විසින් කොළඹ වෙස්ලි විදුහල පරදවා ජය ලැබීය. (21-17)
  • කොළඹ රාජකීය විදුහල විසින් කොළඹ මහානාම විදුහල පරදවා ජය ලැබීය. (22- 12)
  • කොළඹ ශාන්ත පීතර විදුහල විසින් කොළඹ ලූම්බිණී විදුහල පරදවා ජය ලැබීය. (24-07)
  • සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල විසින් මහනුවර ති‍්‍රත්ව විදුහල පරදවා ජය ලැබීය. (24-07)
  • ඞී. එස්. සේනානායක විදුහල විසින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරදවා ජය ලැබීය. (25-00)
  • මහනුවර කිංස්වුඞ් විදුහල විසින් මොරටුව වේල්ස් කුමර විදුහල පරදවා ජය ලැබීය. (32- 07)

ඡයාරූප: ශානුක අරවින්ද

ශාන්ත පීතර සහ ලුම්බිණි විද්‍යාල අතර තරගයේ අවස්ථාවක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සී. ඩබ්. ඩබ්  කන්නංගර විද්‍යාලයේ කී‍්‍රඩකයින් උත්සාහක දිනුමක් ලබාගැනීමට සැරසෙමින්...