IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශකීබ් අල් හසන් ටෙස්ට් තරගාවලියට නෑ

බංග්ලාදේශ ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රීඩක ශකීබ් අල් හසන්ට, ශ්‍රී ලංකාවේදී මාර්තු මස 8 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවන තත්ත්වයක් උද්ගතවී තිබේ.

ශකීබ් අල් හසන් මාස කීපයක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටියි. ඒ හේතුවෙන් ශකීබ් අල් හසන්, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියට පමණක් සහභාගි වන බව බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

වෛද්‍ය පරීක්‍ෂණවලට අනුව ශකීබ් අල් හසන්ගේ ආබාධය බරපතල නොවන බවත් භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලින් තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බව වෛද්‍යවරු පවසති. මෙම ආබාධය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති තරගාවලියෙන් ද ශකීබ් අල් හසන් ඉවත්ව සිටියේය. 

විසිපස් හැවිරිදි ශකීබ් අල් හසන් මේ වන විට ටෙස්ට් තරග 28 කදී ලකුණු 1,835 ක් රැුස්කරමින් කඩුලූ 102 ක් ද දවාගෙන තිබේ. එක්දින තරග 126 කට ක‍්‍රීඩා කර ඇති ශකීබ් අල් හසන් ලකුණු 3,635 ක් රැුස්කරමින් කඩුලූ 160 ක් ද දවාගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මාර්තු මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.  

 



අදහස් (0)

ශකීබ් අල් හසන් ටෙස්ට් තරගාවලියට නෑ

සුජීව Sunday, 10 February 2013 08:34 PM

ඉසුරන්දි හරි. (නි)

:       0       0

සෑම් Sunday, 10 February 2013 10:19 PM

බෞද්ධ පන්සල් විනාශ කළ, බෞද්ධයන් ඝාතනය කළ බන්ගලියන් හට විරෝධය පාන්න අමතක කරන්න එපා!!! (නි)

:       0       0

සිසිර Sunday, 10 February 2013 10:21 PM

අ‍පේ ලංකාවේ නංගිලා කොහොමත් කැමති බංගලාදේශ, පාකිස්ථාන්, ඉන්දියා කොල්ලෝ බැට් කරන විදියටයි. (නි)

:       0       0

දෝහා Sunday, 10 February 2013 10:41 PM

සිල්වා‍ කොල්ලෝ, මම සංගාට කාවවත් සමකරන්නේ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 10 February 2013 06:04 PM

මම කැමති ක්‍රීඩකයෙක්. අපේ හෂාන් තිලකරත්නගේ බැටින් ස්ටයිල් එක එයාටත් පිහිටලා තියෙනවා. (ස)

:       0       0

තත්සරණි Wednesday, 13 February 2013 09:26 PM

සංගාව කාටවත් සමකරන්න බැහැ. (නි)

:       0       0

සිල්වා Sunday, 10 February 2013 07:58 PM

ඉසුරන්දි ඔයා අපේ සංගගේ පිති හරඹයට කැමති නැද්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site