කොළඹ ශාන්ත පීතර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල අතර බම්බලපිටියේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ශාන්ත අන්තෝනී විදුහල පරදවා කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට ශාන්ත පීතර විදුහල සමත්විය.
වමතින් දඟ පන්දු යවන ශාන්ත පීතර විදුහල් පිලේ සහන් නානායක්කාර දෙවැනි ඉනිමේදී ලකුණු 23 කට ප‍්‍රතිවාදී පිලේ කඩුලූ 5 ක් දවාලමින් තරගයේ ජයග‍්‍රහණයට මං විවර කර දුන්නේය. දුශාන් හේමන්ත නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහලේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
ශාන්ත අන්තෝනී විදුහල් පිලේ සචින් බුලත්සිංහල නොදැවී ලකුණු 94 ක් රැස්කරමින් සහ ලකුණු 53 කට කඩුලූ 6 ක් දවාලමින්, පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වුවත් පරාජයෙන් ගැලවීමට එය ප‍්‍රමාණවත් නොවීය.
ශාන්ත අන්තෝනී විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 187 (එන්. නානායක්කාර 26, සචින් බුලත්සිංහල නොදැවී 94, ජූලියන් ද සිල්වා 48/4, ක‍්‍රිශාන් ප‍්‍රනාන්දු 23/2, රනිත ලියනආරච්චි 24/2, සුදිල් දිසානායක 26/2) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 146 (කේ. දීපාල් 38, ඞී. පන්ඩිතරත්න 31, සහන් නානායක්කාර 23/5)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 206 (ශෂින් ප‍්‍රනාන්දු 82, ලහිරු මිලන්ත 61, රනිත ලියනආරච්චි 31, සචින් බුලත්සිංහල 53/6,) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ක් දැවී 128 (ශෂින් ප‍්‍රනාන්දු 37, ජූලියන් ද සිල්වා 20, ලහිරු මිලන්ත 20, දුශාන් හේමන්ත නොදැවී 41)
**
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොල්ලො රගර් වලට වගේම ක්‍රිකට් වලටත් දක්ෂයි. (නි)
පීතර විද්‍යාලයට උණුසුම් සුබ පැතුම්..! (ස)
අපගේ උණුසුම් සුබ පැතුම්...! (ස)