
(අංජුල මහික වීරරත්න)
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක් පත් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් දුන්නාය. අදාල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ශිෂ්‍ය සංගම් වල අදහස් ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ශිෂ්‍ය නිදහස සීමා කරන්න කිසිසේත් කටයුතු කරන්නේ නැතැයි කී අග්‍රාමාත්‍යවරිය ශිෂ්‍ය ක්‍රියාකාරකම් පදනම් කරගෙන සිදුවන හිංසන සහ නවක වදය නතර කරන්නට සහය දෙන්නැයි ශිෂ්‍ය සංගම් වලින් ඉල්ලා සිටියාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙහිදී විශ්වවිද්‍යාල වල මුහුණ දෙන ගැටලු පිළිබඳ අග්‍රාමාත්‍යවරියට කරුණු පැහැදිළි කළේය.
වෛද්‍ය උපාධිය ලැබූ උපාධිධාරීන් සඳහා සීමා වාසික පුහුණුව ලබා දීමේ ප්‍රමාදයට හේතුව නේවාසික ගැටලුව බවත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන අතර සීමාවාසික පුහුණුව ලබා දීම තවදුරටත් වැඩි කිරීම සඳහා රෝහල් පහක් සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
වයඹ, කුරුණැගල, කුලියාපිටිය, සබරගමුව, මොරටුව ඇතුළු විශ්ව විද්‍යාලවල නේවාසික ගැටලු විසඳීම සඳහා නව නේවාසිකාගාර ඉදිකිරීමට මේවන විට මුදල් වෙන් කර ඇති අතර ඉඩම් පැවරීමේ කටයුතු සිදු කළ වහාම නේවාසිකාගාර ඉදිකිරීම් ආරම්භ කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු මෙහිදී අවධාරණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd