(අංජුල මහික වීරරත්න)

ගල් අඟුරු වංචාව ගැන දැන් වේදිකා වල මයික් පලන්නේ නැතිව විශේෂ ජනාධිපති කොමිසමට ඇවිත් කරුණු කියන්න හැකියාව තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය.

දැන් කාටවත් කට මැත දොඩවන්න අයිතියක් නැතැයි කී ජයසිංහ මහතා එවැනි දේ කරන්නට දැන් ඔට්ටුත් නැති බව කීය.

" දැන් වේදිකා වල මයික් පලන්නේ නැතිව විශේෂ ජනාධිපති කොමිසමට කරුණු කියන්න.ඊට අමතරව සී.අයි.ඩී එකෙන් වෙනම විමර්ශනයක් යනවා.අවශ්‍ය අයට ඒකටත් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.ගල් අඟුරු වංචා කරලා තියෙන්නේ කවුද කියා අප බලමු.ඒ වංචාව කර තිබෙන්නේ වර්තමාන ආණ්ඩුවද? ඉතිහාසයේ ආණ්ඩුද? කියලා හොඳින් බලාගන්න පුළුවන් " යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.