(චාන්දනී දිසානායක)

කැබ් රථයක චැසි අංකය වෙනස් කර ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි පිලැස්ස මහෙස්ත්‍රාත් එම්. එම්. අයි වාසල මහත්මිය අද (20) දින නියම කළාය.

ඇප මත මුදාහළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාට  විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය .

අදාළ නඩුව මැයි මස 11 වෙනිදා නැවත කැඳවීමට නියමිතය .