(රංජිත් රාජපක්ෂ)

දෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීයානු නියෝජ්‍ය ජනාධිපති ශ්‍රී.ඩී.සී. රාධා ක්‍රිෂ්ණන් මහතා අද පෙරවරුවේ නුවරළිය ඇතුළු ප්‍රදේශ කීපයක නිල සංචාරයක නිරත විය.

MI 17 ඉන්දියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් නුවරඑලිය රාගල සිංහල මහා විද්‍යාල ක්‍රිඩංගණයට උදෑසන පැමිණි  නියොජ්‍ය ජනාධිපතිවරයාව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, වතු යටිතල පහසුකම් නියොජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහතුන් විසින් පිලි ගනු ලැබීය. අනතුරු ඉන්දියානු ආධාර යටතේ රාගල ලිඩල්ස්ඩේල් වතුයායේ ඉදි කළ වතු නිවාස යෝජනා ක්‍රමය නිරික්ෂණය කිරිමෙන් අනතුරු එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් සමග සුහද පිලිසදරක එක් විණි.

ඉන් අනතුරුව නුවරඑලිය සීතා අම්මන් කෝවිල වෙත පැමිණි ඉන්දියානු නියෝජ්‍ය ජනාධිපතිවරයාව එම කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්නණ් මහතා විසින් පිලිගෙන ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පවත්වා ඉන්දියානු නියෝජ්‍ය ජනාධිපතිවරයාගේ මෙරට සීතාඅම්මන් කෝවිලේ සංචාරය මතක සටහනක් වශයෙන් එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් සිහිවටන තිළිණයක්ද පිලිගන්වනු ලැබිය.