
ඇමෙරිකන් හමුදා මෙහෙයුමකින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලාවේ පාලනය ඇත්තේ තමා සතු බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මේ බව පැවැසුවේ, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ෆ්ලෝරස් අල්ලා ගැනීමේ ඇමෙරිකන් මෙහෙයුම පිළිබඳ මාධ්‍ය හමුවේ පැහැදිලි කරමිණි.
වෙනිසියුලාවේ සාමාකාමී බලහුවමාරුවක් සිදුවන තෙක් රටේ බලය ඇත්තේ ඇමෙරිකාව සතුව යැයි ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ, මාර් අ ලාගෝ නිවාඩු නිකේතනයේ සිට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය. ඇමෙරිකන් හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීහු, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙම අවස්ථාවට එක් වී සිටියහ.
ඇමෙරිකන් හමුදා අත්අඩංගුවට ගැණුනු වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ෆ්ලෝරස් මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ බෲක්ලින් මෙට්‍රෝපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලීම, අනුබල දීම, ත්රස්තවාදයට උඩගෙඩි දීම සහ ඇමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ, මදුරෝ සහ සීලියා නිව්යෝක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකන් නීතිපති පෑම් බොන්ඩි පවසා ඇත.
COMMENTS