
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම 'Rebuild Sri Lanka' අරමුදල වෙත රුපියල් ලක්ෂ 600 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.
CK Hutchison සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන HUTCH සමාගම ලබා දුන් මෙම මූල්‍ය දායකත්වය, ආපදාවට ලක්වූ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් යළි නඟා සිටුවීම සහ පොදු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් යොදවනු ඇත.
මෙම මූල්‍ය පරිත්‍යාගයට අමතරව, ආපදා තත්ත්වය තුළ සන්නිවේදන සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා HUTCH විසින් ක්ෂණික ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව, පාරිභෝගිකයින් වෙත නොමිලේ ඇමතුම්, ඩේටා සහ SMS පහසුකම් ලබා දීම, ජංගම දුරකථන ආරෝපණ කුටි (Mobile charging booths) ස්ථාපිත කිරීම මෙන්ම, හානියට පත් සන්නිවේදන කුළුණු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉංජිනේරුවන් ගුවන් මගින් රැගෙන යාම වැනි ක්‍රියාමාර්ග රැසක් දියත් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCH Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා ප්‍රකාශ කර සිටියේ, ව්‍යසනයක් හමුවේ අපගේ ප්‍රමුඛතම වගකීම වන්නේ ජනතාවට තම හිතවතුන් හා සම්බන්ධ වීමට ඉඩ සලසමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. අපගේ මව් සමාගමේ පූර්ණ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාව යළි නැගී සිටින මෙම අවස්ථාවේදී ජාතිය සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වනවා. එලෙසම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ඩිජිටල් අමාත්‍යාංශය, ආරක්ෂක අංශ සහ රජය විසින් ගනු ලැබූ කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග පිළිබඳව අපගේ ස්තූතිය පළ කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම පරිත්‍යාගය සහ අඛණ්ඩව සිදුකරන සහන සේවාවන් හරහා, හදිසි අවස්ථාවන්හිදී ප්‍රජාවට සහාය වීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් HUTCH සමාගම සතු දිගුකාලීන කැපවීම නැවතත් තහවුරු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් Hutch එකක් අරගෙන උදව් වෙමු. !
දවසින් දවස අලුත් නාය යෑම් මතු වෙනවා ,මද්‍යම පළාත මුලික කරගෙන කදු පන්ති නාය යනවා, ගොවිතැනක් කරගෙන රටට බත, එළවලු ටික සපයපු ඒවගේ උන්නු අහිංසක මිනිස්සු, වගා කරගෙන ඉන්න පුළුවනි රජයෙන් ගෙවල් හදා ගන්න සල්ලි දීල ඉඩම් දුන්න නම් කදු නැති තැනිතලා ප්‍රදේශ වලින්.වව්නියාව, කිලිනොච්චි , මන්නාරම , අම්පාර ,තීකුණාමලය හොදයි අලුත් ගම්මාන හදල ජනතාව පදිංචි කරවන්න.දිගු කාලින විසදුමක් ඕනේ, කදු වල කැලා වවන්න වෙනවා, මහා මාර්ග , නව දුම්රිය මාර්ග,ජලය , විදුලිය.රෝහල් හා පාසල් වගේ යටිතල පහසුකම් ටික හදල දෙන එක රජයේ වගකීමක්. අලුත් ගම්මාන නිසා ඉක්මනට දියුණු වෙයි, සෞදි රජයෙන් 2004 සුනාමි ආධාර විදිහට හදල දුන්න ගෙවල් 500 ක් වව්නියාවේ නිකම් වහල දාලා, ඒවගේ මේ අසරණ මිනිස්සු පදිංචි කරවන්න. දැනට අවුරුදු 19 ක් තිස්සේ ඒ ගෙවල් නිකම් වහල දාල තියෙන්නෙ.