(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විවාහක පෙම්වත බව කියන පුද්ගලයකු 24 හැවිරිදි තරුණියකට අමානුෂික අයුරින් පහරදී ඝාතනය කර ඇතැයි   අගුලාන පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වාද්දුව කුඩා වස්කඩුව , ලිපිඩන්ස් වත්ත පදිංචිව සිටි හේශලා කාවින්දි සිල්වා තරුණියයි.

විවාහක පුද්ගලයකු වූ පලා ගිය සැකකරු බිරිඳගෙන් වෙන්ව ජීවත් වන අතර මිට අට මසකට පමණ ඉහත සිට මෙම තරුණිය හා සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැඩිව මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ සැකකරු තරුණියව ද ඒ සඳහා යොමු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් තරුණියගේ මාපියන් ඇයව නිවසට ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය කියයි.

අගුලාන සයුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක සැකකරුගේ සහෝදරයකු ජීවත් වන අතර මව ඒ ආසන්නයේ තවත් නිවසක ජීවත් වන බවත් සැකකරු තරුණියට ආහාර පවා ලබා දෙන්නේ මවගේ නිවසින් හෝ සහෝදරයාගේ නිවසින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.