(සුජිත් හේවාජුලිගේ )
වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ හේතුවෙන් එම පිරිස් සඳහා ආහාර සැපයීම අද බරපතළ අභියෝගයක්වී ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ කෑම බීම වෙනුවෙන් රජය අතිවිශාල මුදලක් දැරුවත් මන්ත්‍රීවරුන්ගෙන් සහ සේවකයන්ගෙන් ඒ සඳහා මාසිකව අය කර ගනු ලබන්නේ ඉතාම අඩු මුදලක් බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සේවකයකුගෙන් ආහාර සඳහා මාසයටම අය කෙරෙන්නේ රුපියල් 1000 ක් වැනි කුඩා මුදලක් බව පැවසේ.
ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර වේල් යම් යම් සීමා කිරීම් වලට ලක් කර ඇත.අධික වියදම සැලකිල්ලට ගෙන තවදුරටත් සීමා කිරීම් අවශ්‍යව ඇතැයි එහි නිලධාරියෙක් පැවසීය
මේ අතර මේ දිනවල වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති හෙයින් පාර්ලිමේන්තුවට එළවළු සපයා ගැනීමද බරපතළ ගැටලුවක්වී ඇතැයි වාර්තාවේ.
මේ තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර වේල් සඳහා දෙන එළවළු වර්ග ප්‍රමාණද මේ දිනවල යම් ප්‍රමාණයකට අඩු කර ඇත.
මේ අතර කලින් කලට භාණ්ඩ මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කර ඇතැයි එහි නිලධාරීහු සඳහන් කරති.
කෙසේ නමුත් වියදම අධික වුවත් සියල්ල කළමනාකරණය කරමින්ආහාර සැපයීම දැඩි අසීරුවෙන් වුවත් කරගෙන යන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...!
අනේ අපේ බදු සල්ලි වලින් මොවුන් සැප විඳින හැටි... මේවා කවදා ඉවරයක් වේවිද? ඡන්දේ ඉල්ලන කිසිම දේශපාලුවෙක් මේවා ගැන කතා කරන්නේ නෑ. වරෙල්ලකෝ මේ පාර ඡන්දෙ ඉල්ලගෙන...!
දුකයි, අනේ අමාරුවෙන් හරි කන්න දෙන්න...
ඕකට හොඳම විසඳුම ඔය අයට ගැලපෙන ආහාර වේලක් දෙන එකට අඩු වියදමින් කරන්න පුළුවන් පුන්නක්කු දුන්නානම්...!
ඕක මහා බරපතල ප්‍රශ්නයක්ද? දවසක් කන්න යන වියදමින් මාසයක් කන්න දෙන්න බැහැ. ඒ නිසා අයකරන මුදල වැඩි කරන්න. දවසක කෑම බීම සඳහා අයකරන ගාස්තුව රු 500 වත් කරන්න. ගාන වැඩියි කියන අය ගෙදරින් කෑම ගෙනෙන්න. මේ 225 රටට මහා බරක්. මිනිස්සු මේ 225 කිඹුලා කාපිය කියන එක හරිම සාධාරණයි. 225 කන්නේ අපිව...!
පාරෙ ඉන්න හිඟන්නෝ වත් කෑමට ඔච්චර කෙළ හලන්නේ නැහැ...