IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශූරතාව දිනාගත් හැටන් නැෂනල් බැංකු පිල ලකුණු 43 ක් ලැබීය. තරගාවලිය පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. ලකුණු 35 ක් ලබාගත් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව අනුශූරතාව ලබාගත් අතර සෙලාන් බැංකුවට (ලකුණු 30) තෙවැනි ස්ථානය හිමිවිය. ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ද්විත්ව ශූරතා දිනාගත් අතර ප‍්‍රවීණ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා ත‍්‍රිත්ව ශූරතා හිමිකර ගත්තාය. නිලූක, පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී සිය සොහොයුරු දිනුක කරුණාරත්න පරදවා ශූරතාව දිනා ගත්තේය. නිමා වු 60 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේද නිලූක ශූරතාව දිනා ගත්තේ දිනුක පරදවමිනි. නිලූක, මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරය නියෝජනය කළ අතර දිනුක, හැටන් නැෂනල් බැංකු පිලට ක‍්‍රීඩා කළේය. පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගය 21/15, 21/17 ක් ලෙස පහසුවෙන් නිලූක ජය ගත්තේය. ඔහු පිරිමි යුගල ඉසව්ව අයි. එදිරිසිංහ සමග ක‍්‍රීඩා කර ජය ලැබීය. සෙලාන් බැංකුව නියෝජනය කළ චන්ද්‍රිකා ද සිල්වා, කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයේදී නදීශා ගයන්ති (21/8, 21/13) පරාජය කළාය. චන්ද්‍රිකා, කාන්තා යුගල ඉසව්ව ද ජයගත් අතර එහිදී ඇයගේ සහායිකා ලෙස තිළිණි පරණවිතාන ක‍්‍රීඩා කළාය. ජාතික කාන්තා කේවළ ශූරතාව වැඩිම වරක් දිනා සිටින චන්ද්‍රිකා, ප‍්‍රවීණයන්ගේ කාන්තා ඉසව්වේද ශූරිය වුවාය. මෙවර තරගාවලියට ආයතන සහ සමාගම් 49 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 275 ක වාර්තාගත පිරිසක් සහභාගිවුහ. තරගාවලියට ඞී. සැම්සන් පුත‍්‍රයෝ සමාගම (ඞී.එස්.අයි.) බෙදාහරින ‘ලී නින්’ බැඞ්මින්ටන් ක‍්‍රීඩා නිෂ්පාදන අනුග‍්‍රහය දැක්වීය.



අදහස් (0)

වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

බිමල් ජයසේකර Wednesday, 31 October 2012 08:46 PM

හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site