බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය දුර්වල වී ශ්‍රී ලංකාව දෙසට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කැරේ. මේ හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇතිවේ. අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින පුරා විටින් විට තද සුළං ඇතිවේ.
මාතර සිට හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රෙද්ශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් ඇතිවේ. විටින් විට තද සුළං හමා ඒමට ඉඩ ඇත. ඊසාන දිගින් හෝ උතුරැ දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40 ත් 50 ත් අතර වේ. මාතර සිට හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්ව වන වෙරළට ඔබ්බෙන් සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇත. එම ප්‍රදේශයේ මුහුද රළු ස්වභාවයක් ද උසුලයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෙංගාල බොක්ක තියෙනකම් ඔහොම නොවේවා..!(නු)
අද සුළිසුළගක් එයිද? (නි)