දිවයින අවට වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතී. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලත් මිලි මීටර 100 ක පමණ වූ තද වැසි බලාපොරොත්තු වේ. ඇතැම් විට ඒවා ගිගුරුම් සහිත වැසි දක්වා වර්ධනය වේ. සෙසු පෙදෙස් වල ද තැන තැන වැසි අපෙක්ෂා කරයි. වැසි ඇතිවන අවස්ථාවන්හිදී තරමක තද සුළං හමා යයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශයේ වැසි අපේකෂා කරන අතර නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදේ වැටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ. ඊසාන දිශාවෙන් හෝ වයඹ දිශාවෙන් පැයට කිලෝ මීටර 30 ක් 40 ක් පමණ වේගයෙන් සුළං හමා එන අතර මන්නාරම් බොක්ක මුහුදේ සහ දිවයිනට බස්නාහිර, ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද රළු වන අතර සුළං වේගය පැයට කිලෝ මීටර 50 ක් 70 ක් පමණ ඉහළ යාමට ඉඩ තිබේ.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙයියනේ හැමතැනම වහිනවා..ආයෙත් ගංවතුරක්ද ? (ස)
පායනකොට දෙවියන්ට කන්නලව් කරනවා වහින්න කියලා , වහිනකොට අයහපත් කාලගුණය ගැන කියනවා. මෙහෙමත් ලෝකයක් (ස)
කොළඹට කවදද ජනවාරි මාසෙත් මෙහෙම වෑස්සෙ? (ස)