උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල ද මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තද සුළං හමා යාමට ඉඩ ඇත.
ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු වේ. ඊසාන හෝ උතුරු දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 20 ක් 30 ක් පමණ වනු ඇත. මන්නාරම් බොක්ක, බස්නාහිර, ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40 ක් 50 ක් දක්වා ඉහළ යන අවස්ථා ද බලාපොරොත්තු වේ.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙ.ව. 7.30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි එන්න කලින් අපේ අයට කියා ගන්න බැරිවුණානේ..තම මොන කතාද (ස)
අද දින උදේට හරි, හවසට හරි, රෑට හරි වහින්නත් පුලුවන්. නොවහින්නත් පුලුවන්. අහස වළාකුළින් බර වෙන්නත් පුලුවන්. නැති වෙන්නත් පුලුවන්. අව්ව වුණත් පායන්නත් පුලුවන්. නොපායන්නත් පුලුවන්. (නි)
මම පොළොන්නරුවේ .මෙහෙටනම් පාන්දර ඉදන් වහිනවා (ස)
මම හිතන්නේ මේක විහිලුවට ගන්න හොඳ නෑ (ස)
රස්නේ ඉන්නවාට වඩා වහින එකනම් හොදයි (දී)
සංජීව කාලගුණ විද්‍යාඥයෙක් වගෙයි පේන්නේ (ස)
කුරුණෑගල කියන්නේ වයඹ ප්‍රධාන නගරය.. එහෙ මොකද කැලෑ නැත්තේ..?(නු)
නුවරට අද උදෙ 7.0 ඉන්දන් වහිනවා....කාලගුණ විද්‍යාඥයෙක්ට උදෙ අහස බලල වත් හරියට කියන්න බැරිද?
කාලගුණය ඉතින් ටිකක් එහා මෙහා වෙලා වෙනස් වෙන්න පුළුවන් ,ඒක ඒ හැටි ගණන්ගන්න එපා.දළවශයෙන් අදහසක් ගෙන කටයුතු කරන්න මෙය ප්‍රමාණවත්.හැමදේම අඩුපාඩුම සොයන්න එපා. (ස)
මේ අනාවැකි විතරයි.. මොකද කාලයගුණය කියන එක මොහොතින් මොහොත වෙනස් වෙනවා.. අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පාවිච්චි කරන උපකරණ නවීන ඒවා නෙමෙයි.. ඒවායේ නිවරද්‍යතාවය අඩුයි.. අපිට තියෙන දෙයින් අපි සෑහීමට පත් වෙන්න වෙනවා..!(නු)
දවල්ද?(නු)
වෙනත් රට වල වහින තැන, වෙලාව හා වහින ප්‍රමනයත් බොහෝ දුරට හරියට කියන්න පුළුවන් වෙලා තියනවා. නමුත් ලංකාවේ අඩුම ගන්නේ ආසන්න වසයෙන් වත් කියාගන්න බැහැ. කිව්වොත් වෙන්නේ එකේ අනිත් පැත්ත. (ස)
අනේ කොළඹටත් වහිනවනේ (ස)