IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


වසර පනහක ආගමික මෙහෙවර නිමවෙයි

මහනුවර, කැලණිය, හුණුපිටිය ගංගාරාමය, බෙල්ලන්විල, හැඳල විහාරස්ථානවල ද නවගමුව, කටුවෙල, රන්කඩු, පත්තිනි දේවාලවලට පෙරහැරේ වසර පනහකට අධික කාලයක් ගමන් කළ බියගම සීතා ඇතින්නගේ (90) මළගම ආගමික චාරිත්‍රානුකූලව සිදුවිය.

සීතාගේ හිමිකරු ඩබ් පී දීප්ත කුමාර මහතා හා පවුලේ සාමාජිකයෝ මහා සංඝරත්නය කැඳවා මතක වස්ත්‍ර පූජා කළහ.

වත්තේ  කැපූ වළක් ඇතින්නගේ අවසන් සයනය විය.

දොඹකරයක ආධාරයෙන් සිරුර වළේ තැන්පත් කැරිණි.

සීතාත් ගෙදර සිටින තවත් අලි දෙදෙනකුත් තම නෑයන් බව හැමවිටම සිතේයැයි දීප්ත කුමාර මහතා කියයි.

 



අදහස් (0)

වසර පනහක ආගමික මෙහෙවර නිමවෙයි

බන්දුල Tuesday, 19 February 2013 12:07 PM

මේ මොහොමඩ් නමින් පෙනී සිටින්නේ සිංහලයෙක්. එයා ජාතිවාදී ප්‍රශ්ණ ඇති කිරීමට කොන්ත්‍රාත් ගත්ත කෙනෙක්. (නි)

:       0       0

මොහොමඩ් Monday, 18 February 2013 11:11 PM

හරක් මරන්න එපා කියලා, අලින්ව මරෝ මරෝ පෙරහැරවල් වල එක්කගෙන යන එක හරිද? (නි)

:       0       0

චමී Tuesday, 19 February 2013 12:18 PM

මොහොමඩ්, සරත් ඔයාලගේ ආගම් ඒ විදියට අදහන්න. කාටවත් ගරහන්න එපා.(නදී)

:       0       0

අනුර Monday, 18 February 2013 11:45 PM

එයාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සමන් තුශාන්ත මනම්පේරි Tuesday, 19 February 2013 06:13 PM

එයාට නිවන් සුව පතමි (දී)

:       0       0

බන්දුල-කටාර් Tuesday, 19 February 2013 12:38 AM

ආදරෙන් රැක බලා ගත්ත සතෙක් වුනත් මියගියාම දැනෙන දුක හරියට ගෙදර කෙනෙකුට කරදරයක් වුනා හා සමානයි.(නදී)

:       0       0

රිස්වාන් Monday, 18 February 2013 05:27 PM

නැවක මෙවන් අලියෙක් වී ඉපදේවා!(නදී)

:       0       0

හේරත් Tuesday, 19 February 2013 06:14 AM

සතෙකුට වුනත් කරඩුව වඩම්මවන්න පෙර කුසල් තියෙන්න ඕනෑ. මේ තරමි කාලයක් බුදුදහම වෙනුවෙන් කරන ලද වැඩ කොටස වෙනුවෙන් මතු ආත්මයක මිනිසත් බව ලැබේවා!(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 19 February 2013 06:58 AM

ධම්මි ඔයත් බෞද්ධ චාරිත්‍ර වලට අකුල් හෙලන සත්ව හිංසාව කෙරෙහි කිඹුල් කදුළු හලන එන්.ජී.ඕ කාරෙයක්ද?(නදී)

:       0       0

නිසා Monday, 18 February 2013 05:36 PM

ඒ පින්වන්ත ඇතින්නට නිවන්සුව ලැබේවා. ඇයගේ හිමිකරුවන් කෙළෙහි ගුණ සළකන වැදගත් අය බව පෙනේ. (නදී)

:       0       0

හර්ෂ Thursday, 21 February 2013 12:47 PM

පව් අසරණ සතා (දී)

:       0       0

තුසිත Monday, 18 February 2013 05:47 PM

අනේ පව් (දී)

:       0       0

නිරෝෂා Tuesday, 19 February 2013 07:55 AM

මොහොමඩ්ලා වගේ අය ස්වභාවික මරණයක සහ ඝාතනය කිරීමක වෙනස දන්නෙ නැහැ. (නි)

:       0       0

ශ්‍රීදේවි Monday, 18 February 2013 06:11 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ෂාලිත Monday, 18 February 2013 06:19 PM

ඇත්තටම දුකයි. ඒත් මොනවා කරන්නද? (නි)

:       0       0

සම්පත් Monday, 18 February 2013 06:41 PM

හොද භවයක ඉපදේවා!(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 February 2013 09:49 AM

මේ ඇතින්න රැස්කල පින්බලෙන් මතු බවයක මිනිස් ආත්මයක් ලබන්න වාසනාව ලැබේවා.(නදී)

:       0       0

ලසන්ත Tuesday, 19 February 2013 09:51 AM

උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා!(නදී)

:       0       0

සමන් කුමාර Monday, 18 February 2013 07:13 PM

උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා! ඔබ රැස් කර ගත් පින් අනන්තයි. අප්‍රමාණයි. (නි)

:       0       0

දමයන්ති Monday, 18 February 2013 07:21 PM

මේ පින් බලයෙන් ඔබට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ලලිත්-කටාර් Monday, 18 February 2013 07:37 PM

මෙම තිරිසන් ආත්මයෙන් මිදීමට මෙතෙක් කල් කළ මෙහෙවර හේතු වාසනා වේවා! (නි)

:       0       0

අසින්ත Monday, 18 February 2013 07:43 PM

උතුම් වු නිවන් සුවය පතමි.(නදී)

:       0       0

සුනිල් Tuesday, 19 February 2013 03:23 PM

ලබන ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපිද ඉක්මනින් නිවනට යන්න හේතු වාසනා වේවා (දී)

:       0       0

ශාන්ත Tuesday, 19 February 2013 10:10 AM

අපිට නම් අලියා, හරකා කියලා කිසිම වෙනසක් නැහැ. දෙන්නම වටින සතුන්. (නි)

:       0       0

ශාන්තලාල් Monday, 18 February 2013 08:01 PM

මියගිය ඇතින්න වෙනුවෙන් ඉකි බිදින ලදැරිය දෙස නෙත් යොමු කරන්න. ඉන් ඔබට දැනෙන වේදනාව කොපමනද?(නදී)

:       0       0

අරුණ Monday, 18 February 2013 08:05 PM

මේ සතාට ආදරය කරපු හැම දෙනාටම නිවන් සුව පතමු.(නදී)

:       0       0

සුසන්ත Tuesday, 19 February 2013 10:25 AM

මෙහොමඩ්, ඔයා මැක්ෂි ජයවර්ධන මහත්තයගේ ‘බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපේ බඩ කට පුරවනවා‘ කියන ගීතය රසවිදින්න.(නදී)

:       0       0

ගාමිණි Monday, 18 February 2013 08:11 PM

සතෙක් උනත් බලන්නකෝ පින (දී)

:       0       0

දම්මි Monday, 18 February 2013 08:15 PM

දේවාල පෙරහැරක් කියල සත්තුන්ට හිරිහැර කිරීම වැරදියි.(නදී)

:       0       0

කමල් Tuesday, 19 February 2013 10:57 AM

පවු අසරණයා (දී)

:       0       0

හිල්මි Monday, 18 February 2013 09:18 PM

අලියා මැරුණහම ඇයි හාමුදුරුවන්ට දානේ දෙන්නේ? (නි)

:       0       0

සුනිල් Tuesday, 19 February 2013 04:05 PM

එයාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

මධුර Tuesday, 19 February 2013 11:22 AM

හැම දෙයකටම වඩා ඉඳහිට වුණත් තාමත් ලෝකෙ හොඳ මිනිස්සු ඉන්න බව දැනෙන මේ වගේ දේවල් දැකීම සතුටට හේතුවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site