ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විස්කම් සැත්කමින් නාසයක් බද්ධ කොට ඇත. සැත්කම පැය හතරක් ගතවිය. මෙම විස්කම් සැත්කම කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය දුලිප් පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා විසින් සිදුකැරිණි
නාසයක් නොමැතිව වසර නවයක් කටින් හුස්ම ගත් රෝගියාට ඔහුගේම නළලින් ගත් කොටසකින් අලූත් නාසයක් නිර්මාණය කොට බද්ධ කරන්නට ලැබීම සතුටක් බව පවසන වෛද්‍ය ගයාන් ඒකනායක මහතා මෙසේ පැවසුවේය. ෙ
මේ රෝගියා පිළිබඳව මට දැනගන්න ලැබුණේ අන්තර් ජාලයෙන් ඒ අනුව මා මේ රෝගියා පිළිබඳව උනන්දු වුණා.
ඇත්තටම අපගේ රෝහලේ මෙවැනි ශෛල්‍ය කර්මයක් සිදුකිරිමට පහසුකම් තිබෙනවා. ඒ අනුව මේ ශල්‍ය කර්මය සිදුකිරීමට පියවර ගන්නා රෝගියා පරීක්‍ෂා කිරීමේදී අපට වැටහුණ රෝගියාගේ ගාත්කුහරක් වැසී ගොස් තිබෙන්නේ පිටතින් පමණයි. ඇතුළතින් එහි කුහරවලට හානි සිදුවී නොමැති බව මේ ශල්‍ය කර්මය පැය 4ක් පුරා සිදුකළා.
මේ සඳහා ප්ලාස්ටික් සැත්කම වෛද්‍ය ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය දුලිප් පෙරේරා මහතාගෙන් සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය තුෂාන් බොරගම වෛද්‍ය ජයනාත් පෙරේරා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පි‍්‍රයංගනී ආරියරත්න, නිර්වින්දන ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි චමිකා අබේසිංහ නිර්වින්දන වෛද්‍ය ඒ. විදත් යන වෛද්‍යවරුන් විශාල සහයක් ලබාදුන්නා.
බදාදා (23) සැත්කම සාර්ථකව මුහුණදුන් හොරණ කෙසෙල් හේගාව ප‍්‍රදේශයේ නිශාන්ත හර්ෂ කුමාර මහතා මෙසේ කීවේය.
මම වසර නවයක් පුරාවට හුස්ම ගත්තේ කටින් මීට වසර නවයකට පෙර ඉඩම් ආරවුලක් මත ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්වී මගේ නාසයේ හුස්ම ගැනීමට නොහැකි ආකාරයෙන් වැසී ගියා.
ඒ වෙනකොට මගේ වයස අවුරුදු 33 දැන් මගේ වයස අවුරුදු 42 මේ වසර නවයටම මට හරිහැටි නින්දක් තිබුණේ නෑ. සෙම්ප‍්‍රතිශ්‍යාව හැදුනාම විශාල වශයෙන් දුක් වින්දා. කෑම ගැනීම පවා විශාල ගැටලූවක්ව පැවතියා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. දුවල දෙන්නයි පුතායි. ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ නිසා මගේ දෑස් පවා දියවී ගියා. අද මම නාසයෙන් හුස්ම ගන්නව.
මේ සැත්කම කරවා ගැනීමේ අවස්ථාව මට උදාකොට දුන්නේ මගේ නෑයෙක් වන පුතෙක්. මා පිළිබඳව තොරතුරු අන්තර් ජාලයට මුදාහැරිමේ ප‍්‍රතිඵලයක් ලෙස. ඔහුගේ නම කාරියකරනගේ ෂෙහාන්. ඇත්තටම මේ වෛද්‍යවරුන් පෙනෙන දෙවියන් වගේ ඇත්තටම දැන් මට හුස්ම ගන්න පුළුවන්.
මේ වනවිට මගේ පවුල් බර කරටම අරගෙන මගේ දරු තිදෙනාවත් රැකබලාගන්නේ මගේ බිරිඳ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය විද්‍යාවේ දියුණුව (දී)
රෝහල්වල පහසුකම් නොමැතිකමින් ලංකාවෙ දක්ෂ වෛද්‍යවරුන්ට තම උපරිම හැකියාවන් රටට දායක කර දීමට අපහසු වී ඇත..!(නු)
මේවා දකිද්දී සමාජය ගැන කළකිරෙනවා. (නි)
අනේ වාසනාවන්! අහන්නත් සතුටුයි. (නි)
ඉතාම හොද වැඩක්. තවත් මෙවැනි ක්‍රියා කරගෙන යන්න. සුභ පැතුම්, සාර්ථකත්වයට! ඔබ අයෙකුට ජීවිතය ලබා දුන්නා. ස්තුතියි ඔබට. (නි)
ජීවත්වන සුලු කාලයේ වැරදි නොකරමු. (නි)
ඉඩමක් වෙනුවෙන් තමන්ගේ සතුරෙකුටවත් මෙහෙම කරනවාද? (නි)
දොස්තර මහත්වරුන්ට මේ පිනේ ආනිශංස මෙලොවදීම ලැබේවා! (නි)
ඇයි මනුස්සයෝ මේ තරම් දරුණු? මට නම් අපේ රටේ ගැන මහා කළකිරීමක් තියෙන්නේ. (නි)
එදා මොහුට ඇසිඩ් ගැසූ පුද්ගලයා අද ජීවතුන් අතර ඉන්නවා නම් මේවා දකිද්දී මැරී මැරී ඉපදෙනවා ඇති කියල හිතෙනවා මට නම්. (නි)
ඔබලාට ඉතාම ස්තුතියි..!(නු)
මේ තමයි පෙනෙන දෙවිවරු...!(නු)
ජීවිතයක් බේරා දී ඔහුට යළි ජීවය ලබාදුන් දෙවිවරුන් බදු ඔබලාට බුදු සරණයි..!(නු)
මිහිපිට දෙවිවරු... (නි)
කෙනෙකුට මේවගේ ජීවිතය නැවත ලබාදීමට හැකියාව ලැබුණු ඔබලාට බුදු සරණයි..!(නු)
පවු අසරණ මිනිසෙක් (දී)
පින්බර වෛද්‍යවරුන්ට ගොඩක් පින්! (නි)
අනේ ඔබතුමාලට ගොඩක් පින්! (නි)
මොනතරම් හොද වැඩක්ද? (නි)
වෛද්‍යවරු කියනනේ දෙවියන් වැනි කොටසක්.. වෘත්තියේ ගෞරවය තියොගෙන අසරණ මිනිසුන්ට උදව් කරන්න හැම වෛද්‍යවරයකුටම පුළුවං නම් දෙවියන් දැකීමට වෙන පිං කළ යුතු නැහැ.!(නු)
ඇසිඩ් ගහපු කෙනාට හොදක් නම් වෙන්න එපා. (නි)
අනේ දෙවියනේ,මෙහෙමත් අපරාධ කරනවද මිනිස්සුන්ට? (නි)
අපේ දොස්තරවරු, මිහිපිට ඉන්නා දෙවිවරුන්ය. (නි)
බුදුන්ගේ ශරීරයට අත තියන්න වාසනාව තිබුනේ ජීවක වෛද්‍යවරයාට විතරයි. ඒ ලැබූ වාසනාව මේ කළ පින්කමින් වැඩි වැඩියෙන් දියුණූ වී අසරණ රෝගීන් සුවපත් කරන්න ධෛර්ය සහ වාසනාව ලැබේවා. (නි)
මේ ඡායාරූප දැක්කහම මට හිතුණූ දේ වචන වලින් කියන්න බැහැ. (නි)
වෛද්‍ය ගයාන් එකනායක සහ ඔබගේ කණ්ඩායම ඉතාම හොද වැඩක් කරලා තියෙන්න.. මේ වගේ දේවල් කළ හැක්කේ දෙවියන්ට පමණයි.. ඔබලා අපට පෙනෙන මිහිපිට ඇති දෙවිවරුන්ය.. ඔබට තෙරුවන් සරණයි.!(නු)
මෙහෙමත් පවු කරන්න කොහොම හිත දෙනවද? (නි)
වෛද්‍ය වරුන්ට ගොඩාක් පින් (දී)
හතුරෙකුටවත් මෙවැනි අපරාධ කරන්න හිතන්නවත් එපා. (නි)
ලොකු පුණ්‍යකර්මයක් මේක. වෛද්‍යවරුන්ට අපගේ ප්‍රණාමය! (නි)