‘බිග් හාට්’ ව්‍යාපෘතිය වෙනුවෙන් 1996 කි‍්‍රකට් ලෝක ශූර කණ්ඩායම සහ ජනකාන්ත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු අතර අද එන්. සී. සී. කී‍්‍රඩාංගනයේදී පැවැති ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයේදී අර්ජුන රණතුංගගේ නයකත්වයෙන් යුතු 96 ලෝක ශූර කණ්ඩායම කඩුලූ 5 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.
1996 දී පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ සිටම අවසන් මහ තරගය දක්වා අපරාජිත ගමනක යෙදුණු අර්ජුන රණතුංග ඇතුළු පිරිවර, එයින් වසර 17 කට පසුවත් සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූහ.
ලකුණු 138 ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ලෝක ශූර පිලේ ආරම්භක පිතිකරුවන් වන සනත් ජයසූරියට සහ රොමේෂ් කළුවිතාරණට පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි. එහෙත් පසුව වේගයෙන් ලකුණු රැස්කළ රොමේෂ් කළුවිතාරණ සහ අර්ජුන රණතුංග ලකුණු 65 සම්බන්ධතාවක් ගොඩනගමින් 96 ලෝක ශූරයන්ගේ කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
කළුවිතාරණ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 31 කදී ලකුණු 52 ක් රැස්කීරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්විය. නායක අර්ජුන රණතුංග පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ද සමගින් ලකුණු 37 ක් ලබා පිටියෙන් ඉවත්විය.
අනතුරුව පිටියට පිවිසි හෂාන් තිලකරත්න ජයග‍්‍රාහී ඉලක්කයට ලකුණු 5 ක් මෙපිටින් සිටියදී 6 පහරකින් තරගය නිමාකලේය.
කාසියේ වාසිය හිමිකරගත් ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ජනකාන්ත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු කණ්ඩායමේ නායක සිදත් වෙත්තමුනිට ආරධනා කර සිටියේය.
ජනකාන්ත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ වන සිදත් වෙත්තමුනි සහ හේමන්ත දේවප‍්‍රිය පළමු කඩුල්ල සඳහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත්වූහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වුණ හේමන්ත දේවප‍්‍රිය පන්දු 26 කදී 6 පහර 3 ක් සහ 4 පහර 2 ක් සමගින් ලකුණු 30 ක් ලබාගැනීමට සමත්විය. හේමන්ත වික‍්‍රමරත්න ලකුණු 30 ක් ලබා ගත්තේ 4 පහර 4 ක් සහ එක් 6 පහරකිනි.
පන්දු යැවීමේදී චමින්ද වාස්, සනත් ජයසූරිය, අර්ජුන රනතුංග, උපුල් චන්දන කඩුල්ල බැගින් දවාලීමට සමත් වූහ. ශී‍්‍ර ලංකා ජනකාන්ත කි‍්‍රකට් තරු කණ්ඩායමේ අශෝක ද සිල්වා ලකුණු 17 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.
ඡයාරූප - ශාන්ත රත්නායක
ශී‍්‍ර ලංකා ජනකාන්ත කි‍්‍රකට් තරු
සිදත් වෙත්තමුනි - දුවද්දී දැවීගියා (චන්දන) 16
හේමන්ත දේවප‍්‍රිය - ඇ. සහ ප. චන්දන 30
චාමර සිල්වා - පිටියෙන් ඉවත්ව ගියා (දැවීයාමකි) 23
හේමන්ත වික‍්‍රමරත්න - ප. ජයසූරිය 30
බ්‍රෙන්ඩන් කුරුප්පු - දුවද්දී දැවීගියා (කළුවිතාරණ) 02
එරික් උපශාන්ත - ඇ. ගුරුසිංහ ප. රණතුංග 25
අශෝක ද සිල්වා - ප. වාස් 05
සංජීව වීරසිංහ - නොදැවී 02
අතිරේක 04
එකතුව ඕවර 20 තුළදී කඩුලූ 7 ක් දැවී 137
පන්දුවට නොදුන් පිතිකරුවෝ
රොජර් විජේසූරිය, ග‍්‍රැහැම් ලැබ්රෝයි සහ රංජිත් මදුරුසිංහ
කඩුලු වැටීම
1-46 (දේවප‍්‍රිය), 2-47 (වෙත්තමුනි), 3-93 (වික‍්‍රමරත්න), 4-95 (කුරුප්පු), 5-127 (උපශාන්ත), 6-130 (චාමර සිල්වා), 7-137 (අසෝක ද සිල්වා)
පන්දු යැවීම
ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ : 3-1-19-0, චමින්ද වාස් : 3-0-21-1, රවින්ද්‍ර පුෂ්පකුමාර : 3-0-26-0, උපුල් චන්දන : 4-0-25-1, අරවින්ද ද සිල්වා : 3-0-19-0, සනත් ජයසූරිය : 2-0-6-1, හෂාන් තිලකරත්න : 1-0-10-0, අර්ජුන රණතුංග : 1-0-10-1
1996 ලෝක ශූරයෝ
සනත් ජයසූරිය - ඇ. වික‍්‍රමරත්න ප. අශෝක ද සිල්වා 01
රොමේෂ් කළුවතාරණ - පිටියෙන් ඉවත්වී ගියා (දැවීයාමකි) 52
අසංක ගුරුසිංහ - ඇ. චාමර ප. අශෝක ද සිල්වා 12
අරවින්ද ද සිල්වා - ඇ. වෙත්තමුනි ප. අශෝක ද සිල්වා 01
අර්ජුන රණතුංග - පිටියෙන් ඉවත්වී ගියා (දැවීයාමකි) 37
රොෂාන් මහානාම - නොදැවී 12
හෂාන් තිලකරත්න - නොදැවී 11
අතිරේක 12
එකතුව ඕවර 14.1 තුළදී කඩුලූ 5 ක් දැවී 138
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, චමින්ද වාස්, උපුල් චන්දන, රවින්ද්‍ර පුෂ්පකුමාර
කඩුලූ වැටීම
1-16 (ජයසූරිය), 2-39 (ගුරුසිංහ), 3-50 (අරවින්ද ද සිල්වා), 4-115 (කළුවිතාරණ), 5-123 (රණතුංග)
පන්දු යැවීම
එරික් උපශාන්ත : 2-0-24-0, අසෝක ද සිල්වා : 3-0-17-3, කපිල විජේගුණවර්ධන : 2-0-13-0, රොජර් විජේසූරිය : 2-0-13-0, ග‍්‍රැහැම් ලැබ්රෝයි : 2-0-18-0, රංජිත් මදුරසිංහ : 1.1-0-21-0, සංජීව වීරසිංහ : 1-0-9-0


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කණ්ඩායම දස මහා යෝධයින් වගෙයිනේ. (නි)
ලෝක ශූරයිනි, ඔබ වැනි ශුර කණ්ඩායමක් හදා ගැනීමට අපට උදවු කරන්න. (නි)
සුන්දර මතක සටහන් ආයෙමත් අපේ හදවත් වලට ඇති වෙනවා මේ ලිපිය කියවන විට. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අපේ වර්ථමාන ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියාව ඉදිරියේ ජයග්‍රහණයක් ලබන්න බැරි වුණාට අපිට හොදටම විශ්වාසයි අර්ජුන ප්‍රමුඛ 96 ක්‍රිකට් විරුවන්ට තවමත් ඕස්ට්‍රේලියාවේ දැන් ඉන්නට කණ්ඩායම එක්ක වුණත් තරගයක් දිනන්න පුළුවන් කියලා... (නි)
නියම නායකයෙක් සහ අපට කවදාවත් අයෙත් නොලැබෙන කණ්ඩායම්. ඔබ සැමට නිරෝගී දීර්ඝායුෂ පතනවා. (අ)
අර්ජුන ඉන්දැද්දී කවුරුත් බයයි. (නි)
දැන් ඉන්න අය සෙල්ලම් කරන්නෙ මුදලටනේ. (නි)
එහෙනම් කට්ටිය දිනුවා? (නි)
අපරාදේ. මේ අයවයි ඕස්ට්‍රේලියාවට යවන්න තිබුණේ. (නි)
අපි මියෙනතුරා අපේ ක්‍රිකට් විරුවෝ නුඹයි. (නි)
සුන්දර මතකය බොහෝ වේදනාකාරී .මට අද වගේ මතකයි එදා මේ තරගය මම පන වගේ ආදරය කරන දරු තිදෙනා සහ බිරිද සමග ඉතා සතුටින් හා විනෝදෙන් නරබපු හැටි .අද ඔහුන් මා ලග නැහැ . මේ රටෙත් නැහැ .බුදු දහමේ අනිත්‍ය මෙනෙහි කරලා හිත හද ගන්නවා .මේ ක්‍රිකට් විරුවනි ඔබල සදා අමරනීයයි (දී)
ඔබලාගේ නම් ඇසීමමත් අපිට සතුටක්. (නි)
ආයු බෝ වේවා අපේ තරු වලට! (නි)
ලංකාවේ ක්‍රිකට් කිවුවහම මතක් වෙන්නේ අර්ජුන ප්‍රමුඛ කණ්ඩායමයි. හැබැයි මුදල් කිවුවහම නම් මතක් වෙන්නේ දැන් කණ්ඩායම. (නි)
දක්ෂ නායකයෙක්. (නි)
අර්ජුන සෙල්ලම් කරනවා දකින්නත් ආසයි. (නි)
ඔබ සියලුදෙනා එකම රූප රාමුවක දැකීමත් සිතට සතුටක්. (නි)
ගොඩක් හොදයි. එයාලා තවමත් රටට ආදරෙයි. (නි)
1996 කණ්ඩායම තමයි විශිෂ්ටත්වයේ සංකේතය... (නි)