
(රන්ජන් කටුගම්පොල)
22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජන මත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග ජන බලවේගය ඇතුළු 37 දෙනකු මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර ඇත.
පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොළ වැඩිම පෙත්සම් සංඛ්‍යාව මේ බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් ලකිත වාකිස්ට ආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන මහත්වරුන් සමඟි ජන බලවේගය, සර්වජන බලය, නිදහස් නීතිඥ සංවිධානය, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නීතිඥ අරුණ ලක්සිරි, මිලින්ද රාජපක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, මානවහිමිකමි කොමසාරිස් අම්බිකා සත්කුළ නාදන්, පෙරටුගාමි පක්ෂයේ ප්‍රචාරක ලෙකම් දුමින්ද නාගමුව, මාධ්‍යවේදී සුනිල් ජයසේකර යන මහත්වරුන් විසින් ගොනුකොට ඇති පෙත්සම්වල වගුත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd