IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


වාස් වේග පන්දු පුහුණුකරු ධූරයට එයි

ශ්‍රී ලංකවේදී මේ මස අගදී ආරම්භ වන බංග්ලාදේශ තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන්නන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දුයවන්නා ලෙස සැළකෙන චමින්ද වාස් මහතා පත්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් වාර්තා වේ.

බංග්ලාදේශ සංචාරයට පමණක් මෙම පත්කිරීම කර ඇති බව වාර්තා වන අතර චමින්ද වාස් පසුගිය වසරේ අගදී නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී නවසීලන්ත වේගපන්දු පුහුණු උපදේශකවරයා ලෙස ද කටයුතු කළේය.

වමතින් වේග පන්දුයවන 39 හැවිරිදි චමින්ද වාස් ටෙස්ට් තරග 111 කදී කඩුලූ 355 ක් ද, එක්දින තරග 322 කදී කඩුලූ 400 ක් ද දවාගෙන තිබේ. ලෝක ක‍්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන චමින්ද වාස් තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස පිළිගැනීමක් දිනා සිටියි.



අදහස් (0)

වාස් වේග පන්දු පුහුණුකරු ධූරයට එයි

සුමේද Tuesday, 12 February 2013 07:45 PM

ඔබට ජයවේවා!(නදී)

:       0       0

මහින්ද Tuesday, 12 February 2013 07:48 PM

වාස් කියන්නේ අපේ වටිනා වස්තුවක් ඒක ‍රැක ගන්න ඕන දෙයක්. දිගටම තියාගන්න.(නදී)

:       0       0

චම්පත් දිසානායක Wednesday, 13 February 2013 08:49 AM

අපේ අය අපට වටින්නේ නැති උනාට පිටරටවල මැච් දෙකතුනක් ගහලා අඩු අත්දැකිම් එක්ක පුහුණුකරු තනතුරට ආපු අයට හොදට ගෙවලා ලංකාවට ගන්නවා.අපේ සම්පත් වලින් අපි වැඩ ගන්න ඕන. (ස)

:       0       0

විතානගේ Wednesday, 13 February 2013 09:19 AM

අම්මෝ! වැටුප නම් බොහොම වැඩියි. (නි)

:       0       0

අරවින්ද Wednesday, 13 February 2013 09:25 AM

වාස් කැමති වෙලාද? (නි)

:       0       0

අචිනි Wednesday, 13 February 2013 09:36 AM

අපේ කොල්ලෙක්. වාස් ඔබට සුභ පැතුම්.(නදී)

:       0       0

බන්දුල Tuesday, 12 February 2013 08:35 PM

ලංකා කණ්ඩායමට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

පූජිත Tuesday, 12 February 2013 08:45 PM

ගාන තමයි වැඩි. ලක්ෂ නමය හමාරක් ඉල්ලවලු නේද?(නදී)

:       0       0

දමිත් Tuesday, 12 February 2013 10:25 PM

නියමයි සනත්. හොද තීරණයක් (දී)

:       0       0

ඩී2 Tuesday, 12 February 2013 10:23 PM

වාස් අපේ වටිනා වස්තුවක්.ඔබට සුබ පැතුම් (දී)

:       0       0

පුපුදු Tuesday, 12 February 2013 10:37 PM

වාස් සහෝදරයා, සල්ලි පස්සෙම යන්න එපා.(නදී)

:       0       0

අෂාන් Tuesday, 12 February 2013 10:56 PM

ගාන වැඩ් නැහැ. පිටින් එක්කෙනෙක් ආවොත් ඔයිට වැඩිවෙයි ගාන.(නදී)

:       0       0

අමිල Tuesday, 12 February 2013 04:58 PM

හොද වැඩක්. අපේ දේ අපිට වටිනවා. (දී)

:       0       0

සනිජ Tuesday, 12 February 2013 05:04 PM

සුදුස්සාට නියම තැන ලැබිලා (දී)

:       0       0

රොෂාන් Tuesday, 12 February 2013 05:17 PM

ලංකා කණ්ඩායමට හොද කාලයක් (දී)

:       0       0

සිසිර Tuesday, 12 February 2013 05:51 PM

දිගටම තියාගන්න බලමු.. සුභ පැතුම්..!(නු)

:       0       0

මෝරලා Tuesday, 12 February 2013 06:03 PM

නියමයි වාස්!(නදී)

:       0       0

චමීර Tuesday, 12 February 2013 06:05 PM

සිය රට දේ සිරි සැප දේ නියම තීරණයක්!(නදී)

:       0       0

ඉන්දික Thursday, 14 February 2013 11:32 AM

වාස්ව ගත්තත් ඒක ලොකු දෙයක්. සනත් කොහොමත් හරි තීරණ තමයි ගන්නේ....(ස)

:       0       0

සිල්වා Tuesday, 12 February 2013 06:44 PM

දක්ෂ පන්දු යවන්නන් බිහි කිරීමට හොද අවස්ථාවක්. මේක ක්‍රිකට් ආයතනයේ වගකීමක්.(නදී)

:       0       0

ලියනගේ Wednesday, 13 February 2013 06:27 AM

මොකද මේ බංග්ලාදේශ් සංචාරයට පමනක් කියලා ඇහුනේ. මම හිතන්නේ සනත් එහෙම කරන්නේ නැහැ. (නදී)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 06:28 AM

ඕනෑම තැනක ඉහගෙන කන්නයි වවාගෙන කන්නයි බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. (නි)

:       0       0

චරික් Tuesday, 12 February 2013 06:55 PM

ඒකට විතරක් නෙමෙයි, හැමදාටම වාස්ව ඕනේ.(නදී)

:       0       0

හුසේයිෆා Tuesday, 12 February 2013 07:01 PM

වාස්. ඔබට සුබ පැතුම් (දී)

:       0       0

පුෂ්පකුසාර Tuesday, 12 February 2013 07:22 PM

මේවට තමයි කියන්නේ සිරිලක දේ සිරිසැපදේ කියලා. ජයසූරියට හරි කෙලින් තීරන ගන්න ඉඩ දීම ගැන අපගේ සුභපැතුම්!(නදී)

:       0       0

අතපත්තු Tuesday, 12 February 2013 07:28 PM

තරුණ ක්‍රීඩකයන්ට වැඩ පෙන්නන්න පුලුවන් කාලයක් ඇවිදින්.(නදී)

:       0       0

වරුන Wednesday, 13 February 2013 08:10 AM

පිට රට පුහුණු කරුවන්ට අපි සල්ලි ගෙවනවට වඩා අපේ පලපුරුදු ක්‍රීඩකයෙක් යොදා ගැනීම හොඳ දෙයක්. අනික ලංකාවේ මෙතෙක් බිහිවූ අති සාර්තකම වේග පන්දු යවන්නෙක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site