පලාබද්දල, හපුගස්තැන්න මුක්කුවත්ත ප්‍රදේශයේ තිබී දිවියාගේ සිරුර හමුවන විට මියගොස් දින දෙකක් පමණ ගතවී ඇතැයි ද වනජීවී නිලධාරීන් පවසයි. සමනල අඩවි වනාන්තරයේ දිවියන් ඉතා සීමිත සංඛ්‍යාවක් දක්නට ලැබෙන බවත් මේ එහි සිටි දිවියකු විය හැකියැයි ද ඔවුහු කියති. කිසියම් අයකු විසින් වස දීමෙන් දිවියා මරා දමන්නට ඇතැයි ද සැකයක් පවතී.
අඩි හයක් පමණ දිගට ඉතා හොඳින් වැඩුණු දීප්තිමත් සමකින් යුතු දිවියාගේ සිරුර ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලා සිටීමට ද වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක සත්තු මරලා දාන්නේ ඇයි දෙවියනේ.. මේ අපේරටේ වටිනා සම්පත් නේද?(නු)
අපේ රටේ වන සත්ව සම්පත විනාශ කිරීම මහ අපරාදයක්. අනාගත පරපුරෙන් ණයට ගත් මේ සියලු සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු බව සියලු දෙනා නිතර සිහියෙ තබා ගත යුතුයි. (ස)
අනේ අපොයි...ඇයි මෙ අහිංසක සතුන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද? මිනිස්සු විතරක් හිටියම ඇතිද? (ස)
හැම ගින්නටම වැඩිය බඩගින්න ලොකුයි. එය නිවාගන්න වෙන මාර්ග නැති විට මෙවැනි දේ සිදු වීම වළක්වා ගන්න බලධාරීන් ක්‍රියා කළ යුතුයි. (ස)
ආකෘතියක් නිර්මාණය කරණ එක හොඳයි මොකද අනාගතේ දරැවන්ට දකින්න වෙන්නෙ ආකෘති තමයි. (ස)
ඉන්න ටික දෙනත් ලවක් දෙවක් නැතිව මරල දැම්මොත් ඔක්කොම ඉවරයි. (ස)
අයියෝ පවි! (නදී)
අපි මෙවැනි සතුන් ආරක්ෂා කළ යුතුයි.. ඇයි මිනිසුන් මේ තරම් තිරිසන් වැඩ කරන්නෙ..!(නු)
මම යාල දහ වතාවක් ගිහිල්ලා තියෙනවා.. එක පාරයි දිවියව දැක්කෙ.. මම සංචාරක වයාපාරයේ ඉන්න නිසා තේරනවා මේගොල්න්ගේ වටිනාකම.. මේ සතුන් අල්ලලා යාල කැලේට දාන්න.. නැත්නම් ඉතිරි සත්තු ටිකත් ඉවරයි..!(නු)
මේවගේ තිරිසන් වැඩ කරන මිනිසුන්ට සෞදියේ වගේ කස පහර සීයක් දෙන්න ඕනේ.(නදී)
අපිට අන්තිමට සතුන්ගේ ආකෘති විතරද ඉතිරිවෙන්නෙ..!(නු)