ශ්‍රි ලංකාවේ හීලෑ අලි පරපුර පන්දාහකට වැඩි නොවේ.
හීලෑ අලින් පරපුර ආගමික කටයුතු වලට යොදා ගැනේ
1976 දි දසදහසක් පමණ වු වල් අලි දැන් 5000 කට අඩුවි ඇත.
දික්වැල්ලේ වැවුරුකන්නල පිරිවෙන් විහාරස්ථානයේ සිටින මේ ඇත් පැටවාගේ වයස
අවුරුදු 17කි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාවය දිනාගත් දවසේ උපන් නිසා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංගට ගෞරවය පිණිස අර්ජුණ නමින් මෙම ඇතාට නම තබා ඇත
රජයෙන් පරිත්‍යාග කෙරුණු අර්ජුණ සෑම දිනකම උදෑසන විහාරස්ථානයටවිත් විහාරාධිපති දික්වැල්ලේ තිස්ස හිමියන් සහ පුංචි සාමනේර හිමිවරුන් අතින් පළතුරු කවා ගැනිමට පුරුදු වි සිටිති
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු සුරතල් (දී)
බෞද්ධ අය අලියට වදිනවා. හින්දු අය ගොනාට වදිනවා. මුස්ලිම් අය වඳින්නේ හඳට. හඳේ තියෙන්නේ මොන රටේ කොඩියද? (නි)
නියම කතාවක්නේ (දී)
අපේ අනිත් අලි ටිකත් පුරුදු කරලා ගත්තා නම් හරි. (නි)
රටින් ආපු සුද්දෝ ගොස් කැලාවට.. මෙවන් සතුන් මැරුවෝ දැඩි විනෝදෙට.. තමන් වගේ අය මරණින් බේරුවට.. අලින් ඇතුන් වඳිනව පන්සල්වලට.(නදී)
පෙරහරේ නිසලව ගමන් කරන්න පින් ඇති ඇත් රජෙකුම වේවා!(නදී)
මොකද මේ ලොකු හාමුදුරුවෝ අලියට ඇගිල්ල දික්කරන්නේ? (නි)
අදටත් අර්ජුන එදා වගේමයි.(නදී)
කරුණාව දයාව තියෙන තැන අලියාත් හීලෑ වෙනවා. (නි)
බලන්න. සද්ධන්තයෙක් වුනත් බුදු කරුණාව ලග මෙත් වඩන අපූරුව.(නදී)
පන්සලේ හාමුදුරුවනේ අලි පැටියා බලාගන්න. හීලෑ නිසා බලහත්කාරයෙන් අරන් යයිද දන්නේ නැහැ.(නදී)
අනේ ඇයි මේ සතුන් මරන්නේ ඇත්දල ගන්න කියලා. බලන්න කොතරම් ලස්සනට. (ත)
කොතරම් අපූරු දසුනක්ද? ස්තුතියි ඔබට.(නදී)
අලින් සමග මෙවන් සම්බන්ධකමක් පවත්වන ඔබ වහන්සේලාට දිනපතා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මැරෙන අලින් ගැන මාධ්‍යවලින් ඇසෙන දකින විට කොච්චර දුකක් ඇති වනවා ඇත් දැයි මෙම රූප පෙලින් අපට වටහා ගත හැක. (නදී)
හරිම ආඩම්බරයි.(නදී)
නිශ්ශංක, ඇයි ඔයාට මේ රුප වලින් ඒක විතරද පෙනුනේ. ඒ ඇගිල්ල දික්කරනවා නෙමේ පළතුරු ටිකක් දෙනවා. කණ්නාඩි ගත්තා නම් හොදයි වගේ. (නි)
නියම හෙතුවක්නේ නම දාන්න යොදා ගෙන තියෙන්නේ (දී)
ඇත් පරපුර සහ සංඝ පරපුර ශ්‍රී ලංකාවට වාසනාවන්! (නි)
ස්වාමින් වහන්සේලාට හරි සතුටුයි (දී)
අලි පැටියෝ, ඔයාට දීර්ඝායු ලැබේවා! (නි)
හාමුදුරුවෝ ඒ දෙන්නේ කෙසෙල් ගෙඩියක්නේ. (නි)
අපේ අලි සම්පත අපි රක ගන්න ඕනේ (දී)
අලි හුරතල් නම් බලා ඉන්න ලස්සනයි නේද? (නි)
සුභ දසුනක්.(නදී)
ලංකාදීපයේ සිටින්නේ සහජ හැකියාවෙන් පිරිපුන් චායාරූප ශිල්පීන්.... (නි)
තිරිසනුන්ට වුණත් හොද කෙළෙහිගුණ තියෙනවා. (නි)
නියම කතාවක් තමයි ඒ සතාගේ නම වටා ඇත්තේ (දී)
අනේ රිලවාන්, බෞද්ධ අපි සත්තුන්ට වදින්නේ නැහැ. බුදු හාමුදුරුවන්ට , ශ්‍රී සද්ධර්මයට, මහා සංඝරත්නයට සහ උන්වහසේලගේ පාරිභෝගික,උද්දේෂික වස්තුන්ට පමණි වඳින්නේ. සතුන්ට කරුණාව දක්වනවා . (නි)
බලන්නකෝ ඉන්න අපුරුව (දී)
පාළුවක් නැතිව ඉන්න පුළුවන් (දී)
දැනට ඉන්න වල් අලි සංඛ්‍යාව 5000 කට අඩුබව නම් පිලිගත හැකියි. අලි අනාතාගාරයේ, සත්ත්ව උද්යානයේ , විහාරස්ථාන, දේවාලවල අලි අයිතිකරුවන් ලග ඉන්න මේ සැවොම දිහා බැලුවත් දැනට ලංකාවේ ඉන්න හීලෑ අලින්ගේ ප්‍රමාණය 5000 ක් තියා 999 ටත් අඩු ප්‍රමාණයක් බවයි පෙනෙනේනේ.(නදී)
බෞද්ධ අය අලියට වදිනවා. හින්දු අය ගොනාට වදිනවා... (නි)