වැලි මිශ්‍ර දුඹුරු සීනි කිලෝ ලක්ෂ අටක තොගයක් වැල්ලම්පිටිය සේදවත්ත ගබඩාවකින් අද අල්ලාගත් බව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.
බ්‍රසීලයෙන් ආනයනය කළ මෙම සීනී තොගය කිලෝ 50 ගොනි 15000ක අසුදා තිබූ බව වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කලුතරආරච්චි මහතා පැවසීය.
මෙම සීනි තොගය ආනයනය කළ කොල්ලුපිටියේ සමාගමකට විරුද්ධව නඩු පැවැරීමට යයි.
මීට පෙර ද වැල්ලම්පිටියෙන් වැලි සීනි අල්ලා ගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ලක්ෂයක දඩයක්ද? (නි)
මිනිස්සු කන කෑම වලට විතරක් මොකුත් කරන්න එපා (දී)
කන බොන දේවල් වලට මෙහෙම කරන අයට යන්න අපායක් වෙනම හදන්න ඕන (ස)
මේවාද මිනිස්සුන්ට දෙන්නේ (දී)
අයියෝසල්ලි (දී)
අන්දරේ සීනිකෑවා වගේ කතාව මතක් වෙන්වා.එදා බොරුවට කිව්වට අදනම් සීනි කියලා ඇත්තටම පස් තමයි කන්න වෙන්නේ,මොකද සීනිවල වැඩිපුර තියෙන්නේ වැලිනේ (ස)
අපිත් මෙවැනි දේ වලට චීනයේ දඩුවම දිය යුතුයි. (ස)
මෙවන් වැඩ අනුමත කරන්න බැහැ (දී)
මේවා නිසා ගෙවල් වලත් රණ්ඩු ඇති, වැලිත් එක්ක තේ බීලා. (නි)